බුදුසරණ කථික තරග
මැයි මස 07 වන දා
ලංකාවේ සීමා සහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම හතළිස් නවවන (49)
වරටත් මිහින්තලයේ දී පවත්වනු ලබන අලෝක පූජාවට සමගාමීව ‘බුදුසරණ’ පුවත්
පත අනුග්‍රහයෙන් පවත්වන කථික තරගය මැයි මස 07 වන දින මිහින්තලය මධ්‍ය
මහා විද්‍යාලයේ දී පැවැත්වේ. බුදුසරණ පුවත් පත, ජාතික ඉතිරිකිරීමේ
බැංකුව සහ ලේක්හවුස් බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් ‘බුදුසරණ’ කථික තරගය
පවත්වනු ලබයි.
ඉතිරිය»
දරුවනි, සිදුහත් බෝසත් චරිතයෙන්
මේ ආදර්ශ ලබාගන්න
ක්‍රි.ව. 2011 මැයි 17 වැනිදාට හෙවත් බු.ව. 2555 වෙසක් මස 17 වැනිදාට
ලෝකවාසී බෞද්ධ ජනතාවට උදාවන්නේ 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියයි.
සම්බුද්ධත්ව ජයන්තිය යනු අප මහා බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට
පත්වී වසර 2600 ක් සපිරීමයි.
ඉතිරිය»
ධර්ම දේශනාව: නොසැලෙන මනස
බුදු බණ පද කියවීම ඇසීම සාකච්ඡා කිරීම
මහා ආනිසංස දායක පින්කම් ලෙස භාග්‍යවත් සම්මා
සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. ධර්මයට කන් යොමා
ධර්මය මැනවින් සිත්හි ධාරණය කරගෙන ඒ අනුව ක්‍රියාකිරීම
තුළින් ඔබට සුවිශේෂ ආනිසංසයන් සසර දුක් නිම කරන මොහොතේ
ලබන්න හැකි වන්නේය. එනම් සිව්පිළිසිඹියාපත් මහරහත් භාවයට
පත්වන්නට එය විශේෂ පින්කමක් බවට පත් වන්නේය. එම නිසා දහමට
ඔබේ ගත සිත මැනවින් යොදවන්නට අදිටන් කර ගන්න. එය මෙලොව සැප
පිණිස පරලොව සැප පිණිස නිවන් සැප පිණිස ම පවතින්නේ ය.
ඉතිරිය»
|