UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

බක් පුන් පෝදා පින්කම්

අනුරාධපුර මහා විහාරය

අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී බක් පුන් පෝදා පැවැත්වෙන මහා විහාර පොහොය වැඩ සටහන මෙසේ ය.

පුන් පෝ දින පෙරවරු 06.00 – 06.30 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ශීල සමාදානය, 06. 30 – 07.00 බුද්ධ පූජාව 08.00 – 08.05 මහා විහාර සන්නිපාත ශාලාව අසළ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ අතින්, මරණයට කැපවූ ගවයකුට අභයදානය ලබාදීම, 08.05 – 08.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනය, 08.30 – 09.15 ධර්ම දේශනය, 09.15 – 10.00 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 10.00 – 10.30 බුද්ධ පූජාව සඳහා සූදානම් වීම, 10.30 – 11.00 ජය සිරි මහ බෝසමිඳුන් අබියස දී බුද්ධ පූජාව, පස්වරු 12.30 – 02.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම සාකච්ඡාව, 02.00 – 02.30 ශීල ආවර්ජණය, 02.30 – 03.30 භාවනා, 04.00 – 05.00 ජය සිරිමහ බෝසමිඳුන් අබියස දී ධර්ම දේශනය, 05.15 – 06.00 මහා විහාර සන්නිපාත ශාලාවේ දී භාවනා, 06.00 – 06.30 බෝධි පූජාව සඳහා සූදානම් වීම, 06.30 – 07.00 ජය සිරි මහ බෝසමිඳුන් අබියස දී බෝධි පුජාව, 07.30 – 08.30 මහා විහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම දේශනය, 08.30 – 09.30 භාවනා, 09.30 – 10.00 පිරිත් සජ්ක්‍ධායනය, පුන් පෝ දිනට පසු දින, පෙරවරු 05.00 – 05.30 මහා විහාර සන්නිපාත ශාලාවේ දී භාවනා, 06.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී සිල් පවාරණය


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි, බක් පොහෝදා සීල සමාදාන වැඩ සටහන මෙසේය.

පෝදා උදෑසන 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි 7.00 – 7.30 - තෙරුවන් වන්දනාව

8.00 – 9.30 – භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි 9.45 – 10.45 – ධර්‍මදේශණය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි 11.00 – 11.30 - තෙරුවන් වන්දනාව 12.30 – 1.00 - සූත්‍ර සජ්ඣායනාව අළුත්වෙල ධම්මසති හිමි, බංගලාදේශයේ ධම්මජෝති හිමි 1.00 – 2.00 – ධර්මදේශණය කුසුමා භික්‍ෂුණින් වහන්සේ 2.00 – 3.30 – ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති රණස්ගල්ලේ ඤාණවීර නාහිමි 4. 00 – 5.00 – භාවනාව, අතුරුගිරියේ ධම්මවිහාරි හිමි 5.00 – 6.00 – ධර්‍මදේශණය, ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස නාහිමි මෙදිනද ප්‍රඥා ප්‍රභා සංවිධානය නිකුත් කරන ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේ විසින් ලියන ලද ධර්ම ග්‍රන්ථයක් ධර්ම දානයක් ලෙස පූජා කෙරේ.


හුණුපිටිය විජයසුන්දරාරාමය

වත්තල, හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම , පුරාණ විහාරයේ බක් පුන් පොහෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන සීල, භාවනා , ධර්මදේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට විහාරාධිපති වලවෙල හේමානන්ද නාහිමියන්ගේ උපදෙස් පරිදි කටයුතු යොදා ඇත.

පෝදා පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම ,8.30 ධර්මදේශනාව ගාල්ලේ සුධම්මචාරි දසසිල් මාතාව , 9.30 ධර්ම දේශනාව දළුගම සමිතඥාන හිමි.10.30 - දවල් බුද්ධ පූජාව,

පස්වරු 1.00 ධර්ම දේශනාව බුත්කන්දේ රතනජෝති හිමි, 2.00 ධර්ම සාකච්ඡාව , මාලිබොඩ සුගතානන්ද හිමි, 4.00 දේශනය අම්බලන්ගොඩ නන්ද හිමි, 6.00 අටවිසිබුද්ධ පූජාව 7.00 ධර්ම දේශනාව කහනාවිට සමිතධම්ම හිමි රාත්‍රි 8.00 සිට අලුයම දක්වා ත්‍රිපිටකය ආශ්‍රයෙන් ධර්මසාකච්ඡාව විහාරවාසී මහසඟරුවන විසින් පවත්වනු ලැබේ.


පොල්කිරිපිටිය

2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් හක්මන තරුණ බෞද්ධ සමිතිය හා රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ භාර අරමුදල එක්ව සංවිධානය කරන ශීල භාවනා වැඩසටහනක් බක් පුන් පොහෝදා හක්මන පොල්කිරිපිටිය ශ්‍රී පේමසිරි ධර්මායතනයේ දී පැවැත්වේ.

පෝදා පෙරවරු 6.30 ආරම්භ වන අටසිල් සමාදන් වීමෙන් පසුව බුද්ධපූජා, භාවනා, ධර්ම දේශන, ධර්ම සාකච්ඡා වැඩ සටහන් රැසක් මීට අයත් වේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදාන බක් පෝදා වැඩසටහන මෙසේය.

පෝදා පෙරවරු 6.00-7.00 සිල් සමාදන් කරවීම අනුශාසනාව හා බුද්ධ පූජාව කඩවත සමින්ද හිමි, 8-9 භාවනාව මෙහෙයවීම වැලිමඩ පසන්නමානස හිමි. 9 –10 දම්දෙසුම මොරවක ශාන්ත හිමි, 10 –11.15 පරෝපකාර සංග්‍රහය පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි. පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බංගලාදේශයේ සංඝරක්ඛිත හිමි, 1.00-2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පාණදුරේ පසන්න හිමි, 2.00 –3.00 වෙසෙසි දෙසුම – ආචාර්ය ජයන්ත ජයසිරි මහතා, 3.00 –4.00 ධර්ම දේශනාව කැටේපොළ ධම්මරතන හිමි, 4.15 –5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 –6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි 6.00- 6.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ දී ‘බක්’ පුර පසළොස්වක පොහෝ දා ශීල, භාවනා, ධර්ම දේශනා පින්කම් මාලාවක් බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 06.00 – 06.30 දක්වා උපෝසථශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරී රජවත්තේ වප්ප හිමි, 07.00 – 07.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරි මහින්ද නාහිමි, 08.00 – 09.00 භාවනා වැඩසටහන මෙහෙයවීම රජවත්තේ වප්ප හිමි, 09.15 – 10.15 ධර්ම දේශනාව ලුණුගම්වෙහෙර විමලානන්දහිමි, 10.15 – 11. 00 සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.30 – 12.45, සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන්, 01.00 – 02.00 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම තලල්ලේ සිරි මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 02.15 – 03.00 භාවනා වැඩසටහන තලල්ලේ සිරිමහින්ද නාහිමි 03.15 – 04.15 ධර්ම දේශනය අලුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි, 04.30 – 05.30 ධර්ම දේශනය තලල්ලේ ධම්මදේව හිමි, 06.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 07.00 – 07.45 මල් පහන්, ගිලන්පස සහිත සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව, 07.45 – 08.45 රාත්‍රී ධර්ම දේශනය.


වට්ටාරම

කෑගල්ල වට්ටාරම ශ්‍රී අරහත්ත මලියදේව රජ මහා විහාරස්ථානයේ දී බක් පෝය දින දාන, ශීල, භාවනා ආදී පින්කම් රැසක් පැවැත්වේ.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතිය මඟින් “බක්” පුර පසළොස්වක පොහෝ දින පවත්වනු ලබන පින්කම් මාලාවේ වැඩසටහන මෙසේ ය. පෝදා පෙරවරු 06.30 සිල් සමාදන් කරවීම, ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 07.00 බුද්ධ පූජාව, 08.15 භාවනා වැඩසටහන, 09.15 ධර්ම දේශනය, 10.30 බුද්ධ පූජාව, පස්වරු 01.00 ධර්ම දේශනය, 02.15 ධර්ම දේශනය, 04.00 ධර්ම දේශනය, 05.00 බෝධි පූජාව, 06.00 සිල් පවාරණය, ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනයේදී බක් පුන් පෝදින පින්කම් රැසක් ලේනබටුවේ මිත්තාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි විශාඛා කුළඟන සමිතිය කාර්ය සාධක සමිතිය, ශ්‍රී අරියමිත්ත දහම් පාසල හා දායක සභාව මෙහෙයවීමෙන් සිදු කැරේ.

පෝදා පෙරවරු 6.30 උපෝසථ ශීලය සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව මෙහෙයවීම ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක හිමි. 8.00 වෙසෙසි දෙසුම දර්ශනපති ආනන්ද සිල්වා මහතා 10.00 බුද්ධානුස්සති භාවනාව මෙහෙයවීම බියගම සුසීල හිමි 11.30 සම්බුද්ධ පූජාව මෙහෙයවීම පොල්වත්තේ ධම්ම විසුද්ධි හිමි පස්වරු 12.30 පිරිත් හා තෙරුවන් ගුණ 1.30 ධර්ම දේශණය , ශාස්ත්‍රවේදී දිවුරුම්වෙල විනීත හිමි, 3.30 ධර්ම දේශනය කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රවේදි රම්මලේ අරියවිසුද්ධි හිමි, 5.00 විශාඛා කුළඟන සමිතියේ විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 7.00 මල් පහන් ගිලන්පස බුද්ධ පූජාව සහ බෝධි පූජාව මෙහෙයවීම ලේනබටුවේ මිත්තාලෝක නාහිමි ප්‍රධාන මහා සංඝ රත්නය


ගල්කිස්සේ බෞද්ධායතනය

ගල්කිස්ස වටරප්පල පාරේ බෞද්ධායතනයේදි මෙම බක් පෝදා පින්කම් රැසක් විහාරාධිපති දිවියාගහ යසස්සි නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.

ඒ අනුව පෝදා පෙරවරු 6.30 සීලසමාදානය මෙහෙයවීම දිවියාගහ යසස්සී නාහිමි, 8.30 භාවනාව මෙහෙයවීම මාරපන අරියරතන හිමි 9.45 දහම් දෙසුම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බුද්ධ ධර්ම අධ්‍යයන අංශාධිපති ආචාර්ය නායිම්බල ධම්මදස්සි හිමි 11 බුද්ධ පූජාව පස්වරු 1 දිවා වන්දනාව හා සෙත් පිරිත් 1.30 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම දිවියාගහ යසස්සි නාහිමි, ශාස්ත්‍රපති ඒ.රණවීර ආරච්චි මහතා 3 දහම් දෙසුම කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි 4.15 මව්පිය උපහාර ධර්ම දේශනය මාලිම්බඩ පඤ්ඤාසාර හිමි 6. ගිලන්පස බුද්ධ පූජාව සහ සෙත් පිරිත්


කිරුළපන දම්දෙසුම්

කිරුළපන නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායණ සමිතිය මෙහෙයවීමෙන් සතර පොහෝ දින පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ මෙම බක් පෝදා දම් දෙසුම සවස 5 –6 දක්වා උඩගම සිද්ධත්ථ හිමියන් විසින් පවත්වනු ලැබේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී බක් පුර පෝදා පැවැත්වෙන වැඩිහිටි සීල සමාදාන වැඩසටහන මෙසේය. පෝදා පෙරවරු 06-07 සිල් සමාදන් කරවීම හා බුද්ධ පූජාව පැවැත්වීම බංගලිදේශයේ ධම්මපාලි හිමි, 08.00-09.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමණසිරි හිමි, 09.00 –10.00 ධර්ම දේශනාව - ඇඹිලිපිටියේ ආනන්ද හිමි 10.00 –11.00 ධර්ම දේශනාව ලග්ගල අසමහිමි 11.00 11.15 බුද්ධ පූජාව බංගලිදේශයේ සංඝරක්ඛිත හිමි, බලංගොඩ බෝධිධම්ම හිමි

පස්වරු 12.25 –12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව 12.30 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ – කඹුරුගමුවේ සුමේධ හිමි අම්පනාගල ධම්මාලෝක හිමි, 01.00 – 02.00 ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති පණ්ඩිත ලංකානන්ද හිමි, 02.00 –03.00 ධර්මදේශනාව හඟරාපිටියේ මෛත්‍රිනාහිමි 03.00 –03.30 විශේෂ අනුශාසනාව - රත්මලාන මල්ලිකාරාමාධිපති අතිපූජ්‍ය වැලිගම ඥානරතන මහනාහිමි 03.45 –05.00 ධර්ම දේශනාව - ශාස්ත්‍රපති පණ්ඩිත තල්පාවිල කුසලඥාන හිමි, 05.00 – 06.00 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත පාණදුරේ පසන්න හිමි, 06.00 –06.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී බක් පුන් පොහෝ දින අලුයම 05.30 ට විශේෂයෙන්, සැකසූ, ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු, 06.00 සිට පස්වරු 06.00 දක්වා සීල භාවනා, ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. 8 – 09.15 පානළුවේ සතීමා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද 09.30 – 11.00 රත්නපුරේ ආනන්දි දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.30 - 1 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය පැවැත්වේ. 1 – 2.15 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා විසින් මෙහෙයවන ධර්ම සාකච්ඡාව හා භාවනා වැඩසටහනක් ද 2.30 – 03.30 කෑගල්ලේ විමංසා දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහනක් ද 03.30 – 04.45 කොට්ටාවේ සුධීරා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද 04.45 – 05.30 දක්වා තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 06.00 මල්, පහන්, ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලබයි.


අනුරාධපුර උපේක්‍ෂාරාමය

අනුරාධපුර සංඝමිත්තා පෙදෙසේ ගොඩගේ වත්ත උපේක්‍ෂාරාමයේ ශීල සමාදාන පින්කම බක්පුර පසළොස්වක් පොහෝ දින පැවැත්වේ. උපේක්‍ෂාරාමාධිපති නුවරඑළියේ සුභාෂිනී මෙහෙණින් වහන්සේගේ මෙහෙයවීම යටතේ පැවැත්වෙන එම පින්කමට සහභාගි වන උපාසිකාවන් හට ‘බුදුසරණ’ පත්‍රය බෙදා හැරීමට සැලසුම් කර ඇත


බෞද්ධයා රූපවාහිනියේ බක් පොහොය සජීව විකාශය කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාර සදහම් මැදුරේ සිට

පෝදා අලුයම 06.00 කිරි ආහාර පූජාව සමඟින් විකාශය ආරම්භවීම, පෙරවරු 06.00 – 07.30 සීල සමාදානය බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව මෙහෙයවීම ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නා හිමි 08.30 – 10.30 ධර්ම දේශනාව මෙහෙය වීම පිටිගල ගුණරතන හිමි, 11.00 – 11.30 සම්බුදු පූජාව මෙහෙයවීම ඕමාරේ සෝමිස්සර හිමි, පස්වරු 12.30 – 01.00 රණවිරුවන්ට කෘතිම පාද පිරිනැමීම ශ්‍රී සම්බෝධි විහාර භූමියේ දී, 01.00 – 02.00 දම් සභා මණ්ඩපය, මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, මෙහෙයවීම ලසන්ත වික්‍රමරත්න, 02.00 – 03.00 භාවනා වැඩසටහන මෙහෙයවීම දොඩංදූවේ සිරිකර හිමි, 03.30 – 04.30 ධර්ම දේශනාව මෙහෙයවීම කල්‍යාණ සඤමාගී‍්‍ර ධර්ම මහා සංඝසභාවේ අනුනායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි, 05.15 – 06.00 කෙටි අනුශාසනාව සහ සත් බුදු පූජාව හා සිල් පවාරණය මෙහෙයවීම ඕමාරේ සෝමිස්සර හිමි.


බම්බලපිටිය වජිරාරාමයේ දී බක් පෝදා පින්කම්

පෝදා පෙරවරු 06.00 – 07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව සිරිවජිරාරාමාධිපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද අනුනාහිමි 08.00 – 09.00 භාවනාව සහ අනුශාසනාව, වේරදූවේ මහින්ද හිමි, 09.00 – 09.30 විශේෂ ධර්ම දේශනාව අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහ නා හිමි, 09.30 – 11.00 ධර්ම දේශනාව - රාජකීය පණ්ඩිත තල්පාවිල කුසලඤාණ හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව - සිරි වජිරාරාමවාසී, පැරකුම්පුර විශාරද හිමි පස්වරු 12.30 – 01.15 සෙත්පිරිත් හා තෙරුවන් ගුණ සජ්ඣායනය සිරිවජිරාරාම දහම්පාසල් ප්‍රධානාචාර්ය කඹුරුගමුවේ මහානාග හිමි, 01.15 – 02.45 ධර්මසාකච්ඡාව වැලිගේ පොල සීලවංශ හිමි, 03.00 – 04.00 ධර්මානුශාසනාව, සිරි වජිරඤාණ වාසී දියතලාවේ පියදස්සි හිමි, 04.00 – 05.00 ගිහි දේශනාව, වෛද්‍ය මාලනී සුරවීර මහත්මිය, 05.00 – 06.00 ධර්මානුශාසනාව, මඬිහේ සුගතසිරි හිමි, 06.00 – 06.30 අටවිසි බුද්ධ පූජාව සහ බෝධි පූජාව, සිරි වජිරාරාම ස්වාමීන් වහන්සේලා.

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අපේ‍්‍රල් 17 වනදා ඉරිදා අපර භාග 12.02 ට ලබයි.
18 වන දා සඳුදා පූර්වභාග 08.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 17 වන දා ඉරිදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් 25 වනදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]