UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

චීන බෞද්ධ සත්‍ය කතා

එන්නතින් තොර වසංගත රෝග නිවාරණය

ප්‍රදේශයේ බොහෝ දෙනා නොයෙක් උගුල්වල ආධාරයෙන් විශාල ලෙස සතුන් අල්වා මසට විකුණන අතර සමහරු දැල් පන්න ආදී උපක්‍රම මඟින් මසුන් මැරීම ද කරති. ෂෙන් පවුලේ ප්‍රතිපත්තිය ඊට වඩා හාත්පසින් ම වෙනස් විය. ඔහුගේ අසල්වාසීන් උගුල් අටවා අල්ලාගන්නා සතුන් ෂාන්ට හැකි සෑම අවස්ථාවකම ඔවුන්ගෙන් එම සතුන් මිලදී ගෙන මුදා හැරීම පුරුද්දක් කරගෙන සිටියේ ය.

චීනයේ තායිහු මහා විල සමීපයේ ෂෙන් වෙන්පාඕ ජීවත් වූයේ ය. ඔහු ඉතා කාරුණිකය. ඔවුන්ගේ මුළු පවුලම උසස් මහාත්ම ගුණයෙන් යුත් කාරුණික පුද්ගලයෝ වූහ.

ඔවුන්ට අවස්ථාවක් ලද හැකි සෑම විටෙකම උගුල්වලට අසුවී මරණයට කැපව සිටින සතුන් නිදහස් කොට මුදාහැරීම ප්‍රතිපත්තියක් කරගෙන සිටියහ. එක් දිනක සන්ධ්‍යා සමයේ ෂෙන් ස්වකීය බිරිඳගෙන් මෙසේ ප්‍රශ්න කෙළේ ය. “අද දවල් මා දඩයක්කාරයාගෙන් ගෙන ආ කුරුල්ලන් ඔබ මුදා හැරියාද?” “ඔව් මං ඒ සත්තු ඔක්කෝටම යන්න ඉඩ දුන්න” යි බිරිඳ පිළිතුරු දුන්නා ය.

“හරිම ආශ්චර්යය ජනකයි.” කී ෂෙන් ඒ සම්බන්ධව සිතමින් මහත් සතුටක් වින්දේය. ඔහු මෙසේ සිතුවේ ය. ඔවුන්ට දැන් තමා කැමති තැනක නිදහසේ පියාසර කරන්ට පුළුවනි. එහෙම නැත්නම් කැලෑවෙ අතු පතරවල තම තමන්ගේ අභිමතය පරිදි සැනසිල්ලේ සැරිසරන්නට පුළුවනි. මෙසේ සිතමින් අප්‍රමාණ සතුටක් භුක්ති විඳින ඔහුගේ මුවගට ආශ්වාද ජනක සිනා රැල්ලක් නැඟී ආයේ ය.

එම ප්‍රදේශයේ බොහෝ දෙනා නොයෙක් උගුල්වල ආධාරයෙන් විශාල ලෙස සතුන් අල්වා මසට විකුණන අතර සමහරු දැල් පන්න ආදී උපක්‍රම මඟින් මසුන් මැරීම ද කරති. ෂෙන් පවුලේ ප්‍රතිපත්තිය ඊට වඩා හාත්පසින්ම වෙනස් විය. ඔහුගේ අසල්වාසීන් උගුල් අටවා අල්ලාගන්නා සතුන් ෂාන්ට හැකි සෑම අවස්ථාවකම ඔවුන්ගෙන් එම සතුන් මිලදී ගෙන මුදා හැරීම පුරුද්දක් කරගෙන සිටියේ ය.

එම ගමේ අය ෂාන්වරු මානසික ආබාධයකින් පෙළෙන පිරිසක් ලෙස අවතක්සේරු කොට කතා ව්‍යාප්ත කළහ.

“අපරාදෙ හොඳ සල්ලි - කුරුල්ලො කූඩෙකට නාස්ති කරන්නෙ මොනවටද? මොකද්ද ඒකෙන් සිද්ධ වෙන යහපත පිස්සුවැඩ” ඔවුන් බොහොම පටු කල්පනා කාරයින් පමණයි එච්චරයි.” ගමේ අය ෂාන් පවුල ගැන නිගමනයට එළඹ තිබුණේ ඒ ආකාරයට ය.

එක්තරා රාත්‍රියක ප්‍රදේශයේ සියලු දෙනාම තද නින්දේ පසුවන විට, වයෝවෘද්ධ

ලී නමැත්තා පමණක් ඔහුට වැළඳී තිබුණ නින්ද නොයාමේ රෝගය නිසා නිදිවරමින් සිටියේ ය. ඔහුට රාත්‍රියේ වීථියේ මහා ශබ්දයක් ඇසී වීථිය දෙස බැලුවේ ය. ඔහු දුටු දර්ශන යෙන් මහත් තැති ගැන්මට පත් වූ ඔහු බිම ඇද වැටුණේ ය.

ඔහුට දකින්ට ලැබුණෙ ඉතා බිය ජනක කටුක අද්භූත දර්ශනයකි. වීථියේ මහා නාද නංවමින් ඉතා රෞද්‍ර විලාශයක් ඇති යක්‍ෂයින් දෙදෙනෙක් ඔහු දිටුවේ ය.

මේ යක්‍ෂයින් දෙදෙනා මහා වසංගතයක පෙර නිමිත්තක් වන රෝග කාරක බව මේ වයෝවෘද්ධයා දැන නොසිටියේ ය. විෂ බීජයන් සමහර විටෙක මාරයන් විය හැකි ය. වයෝවෘධ ලීට ඔවුන් දෙස බැලීම පවා භයානක අත්දැකීමක් විය. එම යක්‍ෂයින්ගේ අත්වල දුසිම් ගණනක් වූ කුඩා කොඩි තිබුණි.

එක් යක්‍ෂයෙක් අනික් යක්‍ෂයා අමතමින් ඉතා රළු හඬින් මෙසේ කියන්නේ ය. “එක ගෙදරකට එකකොඩිය බැගින් බෙදන්න ඕන. හරිද?”

“ඒක හරි” අනික් යක්‍ෂයා පිළිතුරු දෙයි. නමුත් අර අතන තියෙන ගෙදරට කොඩියක් දෙන්න එපා. ඒක ෂෙන් ගෙ ගෙදර ඒ අය විශාල තොග වශයෙන් උගුල්වලට අසුවෙලා මරණයට කැපව සිටි සතුන් මුදා හැරීම ප්‍රතිපත්තිය කරගෙන සිටි කෙනෙක්. ඒ නිසා අපට ඔවුන් පිළිබඳ කිසිම අන්තරාවක් උපද්‍රවයක් කරන්ට බැහැ.

දින කීපයක ඇවෑමෙන් තායිහු දිස්ත්‍රික්කය හරහා භයානක වසංගත රෝගයක් විහිදී ගියේ ය. සතියක් ගෙවෙන්ට මත්තෙන් දිස්ත්‍රික්කයේ මහජනතාව අතරින් අඩකට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම මිය පරලොව ගියහ. එහෙත් කාගේත් කතා බහට ලක් වූයේ ෂෙන් පවුලේ කිසිවකුටවත් ඉතා සුළු ආපදාවක් වත් සිදු නොවීමය. ෂෙන්ගේ අසල්වාසීන්ට එයින් පසුව වැටහී ගියේ පවිත්‍ර හදවත් සහිත අයට ඒ තුළින් බොහෝ වරප්‍රසාද ලබාගත හැකි බවය. ෂෙන් වෙන්ෂඩ් සුළු හෝ ආපදාවකින් තොරව තමාගේ යහපත් ක්‍රියාවල ප්‍රතිලාභ භුක්තිවිඳ උපරිම ආයු කාලය සුවසේ හොඳ සිහි බුද්ධිය ඇතිව සැපවත්ව ජීවිතයෙන් සමු ගත්තේ ය.

 (LOVE OF LIFE ඇසුරෙන් සකස් කෙරිණි)

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අපේ‍්‍රල් 17 වනදා ඉරිදා අපර භාග 12.02 ට ලබයි.
18 වන දා සඳුදා පූර්වභාග 08.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 17 වන දා ඉරිදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් 25 වනදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]