2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ප්‍රකාශන ආයතනයෙන්
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් බෞද්ධ ග්රන්ථ 50 ක්
2011 – 2012 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය තුළ මෙරට කීර්තිධර උගතුන්ගේ
දායකත්වයෙන් විවිධ විෂයන් යටතේ බෞද්ධ ග්රන්ථ 50 ක් එළිදැක්වීමට මේ
වනවිටත් කටයුතු යොදමින් පවතින බව 2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති
මෙහෙයුම් කමිටුවේ ව්‍යාපෘති නිලධාරී බෞද්ධ ප්‍රකාශන ආයතනයේ අධ්යක්ෂ
මහමිතව පඤ්ඤාරතන හිමියෝ පවසති.
ඉතිරිය» මහා ප්‍රාඥයන් බිහි කළ නාලන්දාව
ආසියාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනයක්ව පැවැති නාලන්දාව ලොවට මහා
වියතුන්, බුද්ධිමතුන් බිහිකළ විශිෂ්ට දැනුම් ගබඩාවකි. වාර්තාගත ඉතිහාසය
තුළ හමුවන ප්‍රධානතම විශ්වවිද්‍යාල අතරින් එකක් ලෙස නාලන්දාව සැලකේ.
නැණවතුන්ගේ පා පහස ලැබූ රජවරුන්ගේ හා මහජනතාවගේ් ගරු බුහුමනට පාත්‍ර වූ
මේ භූමිය අද නටබුන් කලාපයකි. එය දකින කවරකුගේ වුවද හදවත කම්පාවීම
නොවැළැක්විය හැකිය.
ඉතිරිය»
ධර්ම දේශනාව: අතහැරීම
සැපතකි
අතහැරීම සැපතෙකි, රැස් කිරීම දුකෙකි, රැස් කිරීමට හේතු ප්‍රත්‍ය වන්නේ
තණ්හාවයි. තණ්හාව නිසා සෝකය උපදින බව දුකට මුල් වන බව ‘තණ්හාය ජායතී
සෝකෝ - නන්දි දුක්ඛස්ස මූලං’ යන්නෙන් පෙන්වා දී ඇත.
තණ්හාව දුරු කිරීම නිවනයි. “තණ්හක්ඛයෝ නිරෝධො නිබ්බානං” යන්නෙන් ඒ බව
දේශනා කොට ඇත.
ඉතිරිය»
|