UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

අපෙන් සමුගත් දයා සිරිවර්ධන

“බුදුසරණ” පුවත්පතේ හිටපු කතුවරයකු වූ වේයන්ගොඩ ඵුස්සැල්ල නයිවල දයා ශ්‍රී නිවසේ විසූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා සිරිවර්ධන මහතා පසුගියදා පරලොව සැපත් විය.

පළමුව පාඨශාලා ආචාර්යවරයකු වූ දයා සිරිවර්ධන මහතා පසුව පත්‍ර කලාවේදීයකු හා ගත් කතුවරයකු ලෙස සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළහ. මාධ්‍යවේදීන්ගේ සේවා සුරක්‍ෂිතභාවය වෙනුවෙන් කළ සේවය ද මාධ්‍යවේදීන් කෘතවේදීත්වයෙන් සිහිපත් කරනු නොඅනුමානය.

දයා සිරිවර්ධන මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියද ලැබීය. සිංහල, පාලි, සංස්කෘත හා ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳ හසල දැනුමකින් කටයුතු කළ දයා සිරිවර්ධන මහතා බෞද්ධ කෘති රැසක් රචනා කර ඇත.

අග්ග මහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි, කළුකොඳයාවේ පඤ්ඤාසේකර මහ නාහිමි, අග්ග මහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි, පණ්ඩිත හේන්පිට ගෙදර ඤාණසීහ නාහිමි, පණ්ඩිත මිරිස්සේ ගුණසිරි නාහිමි ආදී මෙරට වැඩ විසූ සම්භාවනීය අතිපූජනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇසුරු කරමින් උන්වහන්සේලා සමග එක්ව සුවිශේෂී ආගමික මෙහෙවරක් ‘බුදුසරණ’ පුවත්පත මඟින් සමාජයට දායාද කිරීමට දයා සිරිවර්ධන මහතා සමත් විය.

හවත්ත පනාවැන්න බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ ඉංගී‍්‍රසි ගුරුවරයකු ලෙස පළමුව පත්වීම ලැබූ දයා සිරිවර්ධන මහතා රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහල, කැලණියේ ගුරුකුල විදුහල බොරැල්ල සුසමයවර්ධන විදුහල යන විද්‍යාලයන්හි පාඨශාලාචාර්යවරයකු ලෙස සේවය කර ඇත.

මහා පත්‍ර කලා ගුරු පියසේන නිශ්ශංක ශූරීන්ගේ ඇසුරේ පුවත්පත් කලාව හැදෑරීමේ වාසනාව ලද දයා සිරිවර්ධන මහතා උගතුන්, වියතුන්, කලාකරුවන්, දේශපාලනඥයන් ආදී සම්භාවනීයයන් ඇසුර ලැබීය.

“බුදුසරණ” පුවත්පතෙහි කර්තෘ ධුරය දරමින් එහි වර්ධනයට කළ මෙහෙවර අගනේ ය. “බුදුසරණ” කර්තෘ නාමාවලියෙහි දයා සිරිවර්ධන නාමය අනුස්මරණීය සටහනකි. දිනමිණ, සිළුමිණ, ජනතා පුවත්පත් වලද මාධ්‍යවේදියකු ලෙස කලක් කටයුතු කළ ඒ මහතා පරලොව සැපත් වන විට අසූ වන වියෙහි පසු විය.

දියණියන් දෙදෙනෙකුගේ සහ පුතනුවන් දෙදෙනෙකුගේ ද දයාබර පියාණන් වූ දයා සිරිවර්ධන මහතා “සරසවිය” පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ චන්දන දයා සිරිවර්ධන මහතාගේ පියාණන් වේ.

දයා සිරිවර්ධන මහතාණනි!, “බුදුසරණ” සංවේගය මෙසේ පළ කරන අතර ඔබතුමන්ට අමා මහ නිවන් සුවයම හිමිවේවා!

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු 12 වන දා සෙනසුරාදා අපරභාග 04.54 ට ලබයි.
13 වන දා ඉරිදා අපරභාග 05.15 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 12 වන දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
 මාර්තු 19 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]