ඉඳුරුවේ උත්තරානන්ද මහ නා හිමි ගුණ සමරු පින්කම්
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ 10 වන මහා නායක ධුරන්දරව වැඩ විසූ කොළඹ
කොල්ලුපිටිය, පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ති මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත
විද්‍යා විශාරද ත්‍රිපිටක වාශීශ්වරාචාර්ය, ඉඳුරුවේ උත්තරානන්දාභිධාන මහ
නා හිමි ගුණ සමරු පින්කම් මාලාවක් කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී
ධර්මකීර්තියාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.
ඉතිරිය»
කඹුරුපිටියේ පුඤ්ඤරතන නා හිමි
බණ්ඩාරගම රේරුකාන ශ්‍රී වර්ධනාරාමාධිපති ශාස්ත්‍රපති කඹුරුපිටියේ
පුඤ්ඤරන හිමියන් වෙත “ධර්ම කීර්ති ශ්‍රී රේවත” ගෞරව නාමය සහිතව කළුතර
දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරි නමා ඇත.
ස්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක
අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමියන්
ප්‍රමුඛ අස්ගිරි මහා විහාරස්ථ විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව එම
තනතුර පිරිනැමූහ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
පමා නොවන්න
සිහිබුද්ධියක් නොමැතිව අවිද්‍යාව නිසා
කුසල පිරිහීම සසර දුකට මඟයි. නොපමා වූ අය සසර දුකට
නොපැමිණේ. හෙවත් නොමැරෙත්, පමාවුවෝ ජීවත්ව සිටියත් ඔවුන්
මළවුන් වැනිය.
ඉතිරිය»
|