UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

40 වන කොටස

බුද්ධ වග්ගය

179. යස්ස ජීතං නාවජීයති –
ජීතමස්ස නො යාති කෝචි ලොකෙ
තං බුද්ධමනන්ත ගොචරං - අපදං කෙන පදෙන නෙස්සථ

සියලු කෙලෙසුන් දිනූ - නිමක් නැති නැණින් යුත් – බුදු කෙනෙක් කිසිවකුට කෙසේ රැවටිය හැකි ද?

හිතවතුනි, නැණවත්තු - කිසිවකට නොරැවටෙති. - නොරැවටෙන නැණවත්තු -නොපැරදී ජය ලබති.

180. යස්ස ජාලිනී විසත්තිකා - තණ්හා නත්ථි කුහිංචි නේතවේ.
තං බුද්ධ මනන්ත ගොචරං - අපදං කෙන පදෙන නෙස්සථ

තණ්හා දැලෙන් මිදුණු - අසම සම නැණින් යුත් ලොවුතුරා බුදු කෙනෙක් - කෙසේවත් නො රැවටේ

හිතවතුනි, පළපුරුදු – නැණැත්තෝ ලෝකයේ - කිසිවකට නොරැවටී ජය මගම යන්නෝ ....ය

181. යේ ඣානපසුතා ධිරා -නෙක්ඛම්මුපසමේ රතා
දේවාපි තේසං පිහයන්ති - සම්බද්ධානං සතීමතං

සන්සිදුනු මහ පැණැති - ලොවුතුරා දැහැන් ගත – උතුම් සම්බුදු කෙනෙකු - හැමට පිය වන්නේ ...ය...

හිතවතුනි, සුසංවර – නැණැති සේ දිවි ගෙවන – තැනැත්තෝ අනුන්ගේ සිත් දිනා ගන්නෝ ....ය..

182. කිච්ඡෝ මනුස්ස පටිලාභො - කිච්ඡං මච්ඡාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවණං - කිච්ඡෝ බුද්ධානං උප්පාදො

මනු දිවිය දුලබ වේ - සදහම දුලබ වේ – බුදු කෙනෙකු ඉපදීම – වඩාමත් දුලබ වේ.

හිතවතුනි –ගුණ දහම් –රකින්නකු වනු මැනවි – එවිට ඔබ උතුම් වූ දුලබ වූ තැනැත්තෙකි.

183. සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං - ඒතං බුද්ධාන සාසනං

පව් නොකොට කුසල් කොට - සිත හසුරුවා ගන්න - ලොවුතුරා බුදුන්ගේ අනුශාසනය එයයි.

හිතවතුනි, හොඳ නරක - වෙනස ගැන සලකන්න. ඔබට සහ ලෝකයට යහපතක් කෙරෙනු ඇත.

මතු සම්බන්ධයි

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]