UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කිරුළපන බලපොකුණ පුරාණ විහාරස්ථානය  කෝට්ටේ යුගයේ 6වන පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ ඉදි වූ බලපොකුණ පුරාණ විහාරය පරංගි ආක්‍රමණයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ බව වංශ කතාවල සඳහන් වේ. ගල්තලාවකින් වට වූ විශාල පොකුණක් තිබූ මෙහි දිය නෑමට රාජකීයන් කෝට්ටේ රාජධානියේ සිට උමගක් දිගේ මෙතැනට පැමිණි බව ප්‍රසිද්ධ ජනප්‍රවාදයෙන් කියැවේ. විනාශ වී ගිය විසල් පොකුණක කුඩා කොටසක් අද ද දැක ගැනීමට ලැබේ.
අද පසු පිටුව සරසන්නේ පුරා විද්‍යාඥ එල්.කේ. කරුණාරත්න මහතාගේ සැළසුමකට අනුව ප්‍රවීණ ඉංජිනේරුවරයකු වූ ඩී.කේ.ඩී. සිල්වාගේ අධීක්‍ෂණය යටතේ ගොඩනංවන ලද චෛත්‍යය සහිත විහාරස්ථානයේ ඡායාරූපයකිනි. මෙහි වත්මන් විහාරාධිපතින් වහන්සේ උඩගම සිද්ධත්ත හිමියන් ය. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

සුරැකිය යුතුවෙහෙරගල කන්ද පුරාණ රජ මහා විහාරය

කළුතර – යටදොළ ප්‍රධාන මාර්ගයේ පොතුවිල හන්දියෙන් හැරී ටික දුරක් ගමන් කළ පසු රමණීය ගල් තලාවක් මත පිහිටි ඓතිහාසික වෙහෙරගල කන්ද පුරාණ රජමහා විහාරයට ළඟා විය හැකිය. සියලු විහාරාරංග වලින් සපිරි මෙම විහාරයේ අනුරාධපුර හා පොළොන්නරු යුගවල කළුගල් නිර්මාණ හා මහනුවර යුගයේ චිත්‍ර ද දැකිය හැකිය.

ඉතිරිය»

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]