බෞද්ධ කටයුතු පුනර්ජීවය කිරීමට
ජාත්‍යන්තර සභාවක් පත් කෙරේ
ශ්‍රී ලංකාවේ බෞද්ධ කටයුතු පුනර්ජීවය කිරීම සඳහා ජාත්‍යන්තර සභාවක් පත්
කෙරේ. සභාපති ලෙස ප්‍රංශ බෞද්ධ සම්මේලනයේ සභාපති ආචාර්ය තම්පලාවෙල
ධම්මරතන නාහිමි ලේකම් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් බෞද්ධ
සංගමයේ සභාපති ගොඩතලානේ ගුණරතන නාහිමිවරුන් පත්කර සිටිති.
ඉතිරිය»
සිරිපා සමය
සෑම වර්ෂයකම දෙසැම්බර් සිට මැයි මස දක්වා මාස හයක කාල සීමාවක් මෙම
සිරිපා වන්දනා සමය ලෙස වෙන්වේ. අතීතයේ විසූ සිහසුන දැරූ රජ දරුවන්ගේ
ඉතා ගෞරවාදරයට බඳුන් වූ ශ්‍රීපාද සටහන ලෝ ප්‍රසිද්ධියට පත් විය. අතීතයේ
දී ශ්‍රී ලංකාවේ චාරිකා කළ නොයෙකුත් දේශ ගවේෂකයන්ගේ නොමඳ පැසසුමට හා
ආදරයට බඳුන් වූ සමන්ථකූඨ පර්වතය පිළිබඳව ලියැවී ඇති පත පොත ද ඒ අතර,
ඉබාන්බටුටා, ජෝන් ඩේවි, විලියම් ස්කීන්, හෙන්රි මාෂල් වැනි දේශ
ගවේෂකයින් පළ කර ඇති පොත පත මගින් අතීතයේ දී මෙරට ජනතාව සිරිපා කරුණා
කර ඇති ආකාරය පිළිබඳව යම් අදහසක් ලබා ගත හැකිය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
බුදු ගුණ මෙනෙහි කරමු
පින්වතුනි, අද දින ධර්ම දේශනාවෙදි මම ඔබට කියල දෙන්න
බලාපොරොත්තු වෙන්නෙ ඉතාම උතුම් කාරණයක් පිළිබඳවයි. අපි දන්නව මේ
වර්ෂයේ එළඹෙන වෙසක් පොහොය දිනය කියන්නෙ සමස්ත ලෝක වාසී බෞද්ධ ජනතාවට
ඉතාමත්ම උතුම්, ශ්‍රේෂ්ඨ දිනයක්. ඒ තමයි අප ගෞතම සම්මා සම්බුදු අමා
මෑණියන් වහන්සේ උතුම් සම්බුදු පදවිය ලබල වසර 2600 ක් එදිනට සම්පූර්‍ණ
වීම. අපි ඒකට කියන්නෙ සම්බුද්ධත්ව ජයන්තිය කියල. සම්බුද්ධත්ව ජයන්තිය
හා සම්බුද්ධ ජයන්තිය කියන එකත් අපි පැහැදිලි කර ගන්න ඕන. අප
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේ සිට ගණන් ගැනෙන්නෙ සම්බුද්ධ
ජයන්තිය. උන්වහන්සේගෙ සම්බුද්ධත්ව දිනයේ ඉඳල තමයි සම්බුද්ධත්ව දින
ගණන් ගැනෙන්නෙ. අපිට මතකයි 1956 තිබුණේ 2500 වන සම්බුද්ධ ජයන්තිය.
එතකොට මේ වසරේ වෙසක් පොහොයට සමරන්නෙ 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය.
ඉතිරිය»
|