කැලණියේ දුරුතු පෙරහර
කැලණියේ දුරුතු පෙරහර ජනවාරි මස 16, 17 හා 18 යන දිනයන්හිදී පැවැත්වේ.
විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‍ඛිත නාහිමියන් විසින්
ප්‍රධාන බස්නායක නිලමේ ධම්මික ආටිගල මහතා වෙත සධාතුක කරඬුව බාරදීමත්
සමග පෙරහර ආරම්භ වෙයි. ජනවාරි 16 වන දා උඩමළුවේ පෙරහර පැවැත්වෙයි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
ගත සිත
සැනසෙන මඟ
දමනය නොකළ සිත නොයෙක් අරමුණු කරා යයි.
කුසල ආරම්මන අකුසල ආරම්මන දෙකින් වැඩි ලෙස ඇදී යන්නේ අකුසල
ආරම්මන දෙසටය. තවත් අවස්ථාවක සිත නිල මැස්සා මෙනි. නිල
මැස්සා දුගදටම හඹා යයි. එපරිද්දෙන් පෘතග්ජන සිත, කෙලෙස්
බරිත තැනැත්තාගේ සිත ද නරක පැත්තටම ඇදි යයි. හොඳ
නොහොඳ පින පව යුක්තිය අයුක්තිය හරි හැටි නොදනී. ඒ නිසා
යමෙක් සිත දමනය කරන්නේ නම් ඔහු සැනසෙන්නෙක් වෙයි.
ඉතිරිය»
බෞද්ධ ශිෂ්ටාචාරය හදාරන පිරිස අඩුවන්නේ ඇයි ?
සදාචාරවත් දැහැමි සමාජයක් ගොඩනැඟීමෙහිලා බුදු දහම විෂයක් ලෙස ඉගෙන
ගැනීමේ වැදගත්කමක් තිබේ. දැනුම යනු හික්මීම නොවුණ ද මනා විනයගරුක බවක්
සඳහා දැනුමෙන් ද පෝෂණයක් ලැබේ. මේ කරුණු වටහාගත් බොහෝ බෞද්ධ, අබෞද්ධ
පිරිස් අද දහම් අධ්‍යාපනය සඳහා විශේෂ නැඹුරුතාවක් දක්වනු පෙනේ. මෙය අප
රට තුළ පමණක් නොව ලෝකයෙහිද දක්නට ලැබෙන ප්‍රවණතාවකි. විශේෂයෙන් අප
රටෙහි දහම් අධ්‍යාපනය සඳහාත්, ධර්මය උගතුන්ට රැකියා සම්පාදනයෙහිලාත්
රාජ්‍ය අනුග්‍රහය ද ලැබෙමින් පවතින වකවානුවකි මේ.
ඉතිරිය»
|