UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

තලගල මංගලාරාමය සහ ශ්‍රී සිද්ධාර්ථ පදනම මගින් සංවිධානය කරන ලද ගිරිභණ්ඩ පූජා උත්සවය ඉකුත් දා තලගල මංගලාරාමයේදී පැවැත්විණි. එම ගිරිභණ්ඩ පූජා උත්සවයට සමගාමීව තලගල මංගලාරාමයෙහි අභිනවයෙන් ගොඩනගන ලද චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම අගමැති දි.මු. ජයරත්න මහතා අතින් සිදු කෙරිණි. කොත නිරාවරණය කිරීමට පෙර අගමැති දි.මු. ජයරත්න මහතා විහාරාධිපති තලගල සුමනරතන නාහිමිපාණන් සමඟ ගිරිභණ්ඩ පූජාවට ලැබුණු පිරිකර භාණ්ඩ නැරඹූ අවස්ථාව.
ඡායාරූය - හොරණ සමූහ බන්ධුල ආර්. ගුලවත්ත

අත්තනගල්ල රාජමහා විහාරාධිපති ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශවයේ සීනාදී සිවු කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් වෙත මල්වතු මහාවිහාර පාර්ශවයෙන් උපාධ්‍යාය ධුරය පිරිනැමීමේ උත්සවය අත්තනගල්ල රාජමහා විහාරයේදී ඉකුත් දා (19) සිදුකැරිණි. එහිදී පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් වෙත ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් අටපිරිකර පිළිගැන්වූ අවස්ථාව. දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමි, විද්‍යාලංකාර පරිවේණාධිපති කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලම්ම නාහිමි, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තාදෙමළියේ ඉන්දසර හිමි, දෙහිවල නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති කිරම විමලජෝති හිමියන් ඇතුළු සම්භාවනීය මහසඟරුවනද අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන, මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ආචාර්ය මර්වින් සිල්වා, ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්ත, නීතිඥ පුෂ්පා රාජපක්ෂ යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූපය- චමින්ද හිත්තැටිය

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 30 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 9.47 ට ලබයි. ඔක්තෝබර් 01 වන දා සිකුරාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ඔක්තෝබර් 01 වන දා සිකුරාදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 07 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]