UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

‘බෞද්ධයා රූපවාහිනී නාලිකාව‘ සාමාන්‍ය නාලිකාවක් බවට පත්කරලීමේ ප්‍රථම පියවර තබමින් එහි ප්‍රධාන පැවිදි අනුශාසක හා අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානී අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමිපාණන් වහන්සේ සහ විස් මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී නරේන්ද්‍ර සීලනාථ මහතා සමඟ ශ්‍රී දළදා මාලිගාවේදී අවශ්‍ය ලියකියවිලිවලට අත්සන් තැබූ අවස්ථාවට කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම හිමියන්ද එක්ව සිටි අවස්ථාව. එම ලියකියවිලිවලට අත්සන් තැබීමෙන් අනතුරුව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ තේවා මණ්ඩපය අබියස දී සමූහ ජායාරූපයකට පෙනීසිටි අයුරු.

මහාවිහාර වංශික සියම් මහානිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී‍්‍ර බුද්ධරක්ඛිත මහා නාහිමිපාණන් වහන්සේ. කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරාධිපති හා බෞද්ධයා නාලිකාවේ සභාපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම හිමිපාණන් වහන්සේ, චිස් මාධ්‍ය ජාලයේ ප්‍රධාන උපදේශක සීලරත්න සෙනරත්, බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්ෂ සුරනිමල සේනාරත්න, විස් මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී නරේන්ද්‍ර සීලනාථ, බෞද්ධයා නාලිකාවේ සාමාන්‍යාධිකාරී වෝල්ටර් පෙරේරා, විස් මාධ්‍ය ජාලයේ සාමාන්‍යාධිකාරී කාශ්‍යප සෙනරත්, බෞද්ධයා නාලිකාවේ අලෙවි කළමනාකරු ශෂික ජයතිලක, බෞද්ධයා නාලිකාවේ වැඩසටහන් නිෂ්පාදක අසේල ගාල්ලගේ යන මහත්වරුන් ඡායාරූපයේ වේ.

වැල්ලම්පිටියේ මෙගොඩ කොළොන්නාවේ සිරි සෙනෙවිරත්නාරාමයේ අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේවෙත ඉකුත් නිකිණි පෝදා විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පිරිනැමූ ආලෝකධාරා විදුලි බුබුළු දල්වා විවෘත කිරීම කථානායක චමල් රාජපක්‍ෂ මහතා අතින් සිදු කැරිණි. මේ අවස්ථාවට විහාරාධිපති ශාස්ත්‍රපති වැලිගම ධම්මිස්සර හිමියෝ ද සර්වෝදය නායක ආචාර්ය ඒ.ටී. ආරියරත්න, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී අශෝකා ලංකාතිලක, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න ගුණසිංහ යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

විදුලි බුබුළුවලින් ආලෝකවත් වූ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ.

කතරගම කඳසුරිඳුගම අඩු ආදායම්ලාභී පවුල් සඳහා වූ (නිවාස 15) නිවාස ව්‍යාපෘතියේ දී නිවාසලාභීන් සදහා අදාළ නිවාසයන්හි යතුරු ප්‍රදානය කිරීම ඉක්තු දා සිදු කැරිණි. වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහරගම මහින්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඊට මුදල් පරිත්‍යාග (ඩී.එස්. පදනමේ අධ්‍යක්‍ෂ) ලලිත් සිරිතුංග මහතා විසින් සපයන ලදී. කඳසුරිඳුගම සදහම් සෙවණ සහ ලයිට් ද ලයිෆ් ළමාපදනම එම උත්සවය සංවිධානය කර තිබිණි. උත්සවය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කැරුණු අතර එම අවස්ථාවට නාමල් උයනේ වනවාසී රාහුල හිමි, කටුබැද්ද ශෛලබිම්බාරාමාධිපති පන්නල උපාලි හිමියන් සහ කිරිමැටියාන විද්‍යාබන්දු පිරිවෙනේ විමලවංශ හිමියෝද සහභාගි වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අතින් යතුරු ප්‍රදානය සිදු කැරුණු අවස්ථාව.

 

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 22 වන දා බදාදා අපර භාග 12.31 ට ලබයි.
23 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 02.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා බදාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 1 වන දා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]