UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

මහනුවර අළුදෙණිය කන්දෙයාය පදිංචි ටී.එම්. දයාරත්න බණ්ඩා මහතා වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඒ මහතා සුවපත් කිරීම සඳහා “බී හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව කියයි. දෙදරු පියෙකු ද වන ඔහු සුවපත් කිරීම සඳහා වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් 081 3840802 හෝ 081 7922639 දුරකතන වෙත හෝ ඉහත ලිපිනයට දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


නොච්චියාගම ඇගළුම් මාවත 5 වන පටු මඟෙහි නො 82 හි පදිංචි පියසීලි ගුණසිංහ මහත්මිය වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඇය සුවපත් කිරීම සඳහා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග ශීලීන්ගෙන් අපේක්‍ෂා කැරේ. වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් ඉහත ලිපිනයට හෝ 075 7691502 හෝ 075 8842745 දුරකතන අංකයන් වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


රාජගිරිය, නාවල, සේනානායක මාවතේ 104/3 ලිපිනයේ සාලිය මුණසිංහ දරුණු වකුගඩු ආබාධයකින් පෙලෙන බැවින් ඔහුට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍ය විශේෂඥයෝ පවසති. “ඕ පොසිටිව්” රුධිර කාණ්ඩයට අයත් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු ඉහත ලිපිනයෙන් හෝ 071 8157077 හෝ 071 6354577 දුරකථන අංක වලින් විමසන මෙන් ඉල්ලීමක් කැරේ.


තලවතුගොඩ වැලිපාර නො. 427/1 ලක්‍ෂ්මි පෙරේරා මහත්මිය හදවත් සහ පෙනහළු ආශි‍්‍රත පිළිකා රෝගයකින් මහරගමින් ප්‍රතිකාර ලබමින් සිටින බැවින් ඉතා අපහසුතා මැද ජීවත් වන රෝගියෙක් බවත් කියයි. ඉතා දුෂ්කරතා මැද පවුලේ අය උපකාර කළත් ඔවුන්ට ඉදිරියට එම වියහියදම් දැරීමට අපහසු බවත් අවු. 5 ක් ප්‍රතිකාර ගැනීමට සිදු වන බවත් විටින් විට පරීක්‍ෂණවලට මෙන්ම බෙහෙත්වලට විශාල මුදලක් වැය වන අතර එය දරාගැනීමට අපහසු බවත් දන්වා සිටී. ශල්‍යකර්ම කීපයකටම කලින් භාජනය වූ අතර ඉදිරියටද භාජනය වීමට සිදු වී ඇති හෙයින් ලෙඩ ඇදේ පසුවන එම රෝගියාගේ ජීවිතය බේරාගැනීමට පරිත්‍යාගශීලීන්ගේ සහාය අපේක්‍ෂා කැරේ. පරිත්‍යාග පිරිනමන්නේ නම් පී.වී.ඒ.එල්. පෙරේරා නමින් කොමර්ෂල් බැංකු ශාඛාව තලවතුගොඩ 8780015758 යන ගිණුම් අංකයට යොමු කළ හැකි බවත් කියයි.


රාජගිරිය, කලපලුවාව අංක 20 දරන ස්ථානයේ පදිංචි නීතා වීරසිංහ මිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙමින් සිටී. ඇයට ප්‍රතිකාර කරන වෛද්‍යවරු ඇයගේ දිවි ගලවා ගැනීම සඳහා ක්‍ෂණික වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක් නියෝග කර තිබේ. සැත්කම සඳහා ඇයට ‘ඒ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක්ද අවශ්‍ය වී තිබේ. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු සිටීනම් දුරකථන අංක 011-2925130 හෝ 2516682 හෝ ජංගම දුරකථන අංක 077-2340945 අමතන මෙන් ඇය ඉල්ලා සිටී.


බාඳුරාගොඩ, වත්තෙමුල්ල, අංක 84/1 නිවසේ පදිංචි දසනායක අප්පුහාමිලාගේ අරුණ ශාන්ත මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඒ මහතාට ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව ප්‍රතිකාර කරන වෛද්‍යවරු නිර්දේශ කරති. 31 වියැති අරුණ ශාන්ත මහතා එක් දරු පියෙක් වන අතර ඒ මහතාට ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කර තම ජීවිතය බේරා ගැනීමට උපකාර කරන ලෙස අරුණ ශාන්ත මහතා පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටියි.
ඉහත ලිපිනයෙන් හෝ 031-3615491 හෝ 071-8140664 හෝ 077- 8602530 දුරකතන අංක වලට කතා කර වැඩි විස්තර ලබා ගත හැකි බවද කියයි.


හඳපාන්ගොඩ 199 ඒ ලිපිනයේ පදිංචි බී.ඒ. සමීරා රංගනී මෙනෙවිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඇය සුවපත් කිරීමට “ ඒ හෝ බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව කියයි. එබැවින් “ඒ හෝ බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියකු වෙතොත් 071 6574797 ගීත් බමුණුආරච්චි හෝ 0342256171 සුනිල් බමුණුආරච්චි අමතන මෙන් ඉල්ලීමක් කැරේ. ඇයගේ වකුගඩු සැත්කම සඳහා ආධාර කරන්නේ නම් ලංකා බැංකුව ඉංගිරිය ශාඛාවේ ගිණුම් අංකය 8994663 වේ.
 

 

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 22 වන දා බදාදා අපර භාග 12.31 ට ලබයි.
23 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 02.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා බදාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 1 වන දා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]