UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස මූලපණ්නාසකය සජ්ඣායනය


ත්‍රිපිටක සජ්ඣායනය සඳහා භික්‍ෂූන් වහන්සේ පෙරහරින් වැඩම කිරීම...

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ප්‍රථම වරට භික්‍ෂූන් වහන්සේල තුන්සිය (300) නමකගේ සහභාගීත්වයෙන් ත්‍රිපිටක සජ්ඣායනා කිරීමේ විශේෂිත පින්කමක් ජූලි මස 22 සිට 24 වන දින දක්වා පවත්වන ලදී.


වැන්වෝ ඩික්සි මහත්මිය ඇතුළු විදෙස් බැතිමතුන්...

තම පියාගේ මඟ පෙන්වීමෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ මනා අවබෝධයෙන් බුදු දහම වැළඳගත් ඇමරිකාවේ “ලයිට් ඔෆ් බුද්ධ ධර්ම ෆවුන්ඩේෂන් ඉන්ටනැෂල්” පදනමේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂ වැන්වෝ ඩික්සි මහත්මිය පුණ්‍ය කර්මය සඳහා මූල්‍ය දායකත්වය සැපවූවා ය.

පසුගිය 22 වන දින සවස මල්වතු පාර්ශ්වයේ අනු නායක නියංගොඩ විජිතසිරි අනු නා හිමි, අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මඟුල්බෙර වාදන මධ්‍යයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසට වැඩම කර ත්‍රිපිටක සජ්ඣායනාව ආරම්භ කළහ.

භික්‍ෂූන් වහන්සේ තුන්සියනමක් තෙදිනක් පුරා ත්‍රිපිටකයේ මූලපණ්නාසකයේ පළමු කොටස නොකඩවා සජ්ඣායනා කර රටටත් ජනතාවටත් සෙත් ශාන්තිය ප්‍රාර්ථනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.

ත්‍රිපිටක සජ්ඣායනා කමිටුවේ අනුශාසක වාමාඇල්ලේ පියතිස්ස හිමි ලක්‍ෂපාන චන්දවිමල හිමි සහ තායිලන්තයේ බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලයේ කුමාර සිරිවර්ධන මහතා හා එක්ව මෙම පුණ්‍ය කටයුත්ත සංවිධානය කළහ. ‍


වැන්වෝ ඩික්සි මහත්මිය විසින් පල්ලේගම හේමරතන නා හිමියන්ට බුද්ධ ප්‍රතිමාවක් පූජා කිරීමේ අවස්ථාව. උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමියෝ ද ඡායාරූපයේ වෙති.

ත්‍රිපිකට සජ්ඣයනාවට වැඩම කළ මහා සංඝ රත්නය අගයමින් සිවුරු පිරිකර සහ සහතික පත්‍රයන් පිරිනැමීම සිදුකළහ.


සමාප්ති අවස්ථාව...

ත්‍රිපිටක සජ්ඣායනාවේ සමාප්ති උත්සවයට අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමි , දිඹුල් කුඹුරේ විමලධම්ම අනු නා හිමි, අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස, රුවන්වැලි චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන, බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය ආචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ද, ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයද උතුරු මැද පළාත් ආණ්ඩු

කාර කරුණාරත්න දිවුල්ගනේ්, ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. බී. ඒකනායක, දිස්ත්‍රික් ලේකම් එච්.එම්.කේ. හේරත් යන මහත්වරුන් ප්‍රමුඛ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

 

 

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 22 වන දා බදාදා අපර භාග 12.31 ට ලබයි.
23 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 02.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා බදාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 1 වන දා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]