UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කන්තලේ අග්බෝ පුර අංක 27/19/සී, නිවසේ පදිංචි පි.ජී. සිරිල් මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බවත් දැනට ඔහුගේ වයස අවුරුදු 57 ක් බවත් කියයි.

ඔහුගේ ජීවිතය රැක ගැනීමට නම් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වේ.

ඒ සඳහා “ඒ හෝ ඕ පොසිටිව්” රුධිර ඛණ්ඩවලට අයත් වකුගඩුවක් අවශ්‍ය වී ඇති බැවින් ඒ සඳහා වයස අවුරුදු 30 ට වැඩි පරිත්‍යාග ශීලියකු වේ නම් ඒ මහතාගේ ජීවිතය රැක ගැනීමට ඉදිරිපත් වන මෙන් ඉල්ලීමක් කැරේ. 026 3265184, 071 4581989, 077 5515524 දුරකථන අංක වෙතින් වැඩි විස්තර දැන ගත හැකි බවද කියයි.


මොරටුව, ලක්‍ෂපතියේ ද මැල් මාවතේ අංක, 105 ලිපිනයේ පදිංචි ඩබ්.ඒ. සෝමාවතී මහත්මිය දරුණු හදවත් රෝගයකින් පෙළෙමින් සිටින බවත් වයස අවුරුදු 59 පමණ වන ඇයට මේ වන විට කොළඹ මහ රෝහලේ හෘද රෝග වෛද්‍ය වජිර සේනාරත්න මහතා විසින් හෘද සැත්කමක් කඩිනමින් කිරීමට උපදෙස් ලබාදී තිබෙන බවත් කියයි. දරුවන් 05 කුගේ මවක් වන ඇය මේ වන විට සිටින ආර්ථික අපහසුකම් හේතුවෙන් එම සැත්කම සඳහා වැය වන මුදල සොයා ගැනීම දුෂ්කර කාර්යයක් වී ඇතැයි ද ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා උපකාර කළ හැකි අයකු වේ නම් පහත බැංකු ගිණුම් අංකය භාවිතා කරන ලෙස පවුලේ ඥාතීහු ඉල්ලීමක් කරති. කටුබැද්ද ලංකා බැංකු ශාඛාවේ ගිණුම් අංක 100300178728 එම අංකය වේ. වැඩි විස්තර සඳහා ජං.දුර. 0778506070, 0752303555 වේ.

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 14 වන දා අඟහරුවාදා අපරභාග 11.10 ට ලබයි.
15 වන දා බදාදා අපර භාග 11.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වන දා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 22 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]