UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරය ඉදිකිරීමේ කටයුතු කඩිනම් කැරේ

දෙහිවල නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් 2600 ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරය කොළඹ තුම්මුල්ල අසල ඉදිකර ගෙන යනු ලැබේ. නව බෞද්ධ ප්‍රබෝධයක් සමග බුදු දහමෙන් පෝෂණය වූ දැහැමි සමාජයක් උදෙසා 2600 ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයෙන් සිදුකිරීමට අපේක්ෂිත සේවාවන් පිළිබඳ දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ කිරම විමලජෝති හිමියෝ අදහස් දක්වති.

ලොව විශාලතම බෞද්ධ පොත් හා තොරතුරු මධ්‍යස්ථානය

(2500 බුද්ධ ජයන්ති ත්‍රිපිටකය, සිංහල අට්ඨ කථා, ටිකා ඇතුළු සිංහල හා ඉංගී‍්‍රසි භාෂාවෙන් මුද්‍රිත බෞද්ධ පොත පත මෙන්ම ලංකාවේ ඇති විහාරස්ථානවල තොරතුරු ලබාගැනීමට හැකි පහසුකම්)

ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව

(ආසන 600 කි. බෞද්ධ සම්මන්ත්‍රණ, දේශන හා බෞද්ධ වැඩමුළු සඳහා යොදා ගත හැකිය)

බෞද්ධ නායකත්ව පුහුණු මධ්‍යස්ථානය

(සිසුන් තුළ අධ්‍යාත්මික වර්ධනයක් ඇති කිරීම උදෙසා පාසල තුළ හා පාසලින් බැහැරව බෞද්ධ ක්‍රියාකාරකම් සිදු කිරීමට බුද්ධ ධර්මය විෂය භාර ගුරුභවතුන් සහ පාසල් බෞද්ධ සංගම්වල නිලධාරින් හා ශිෂ්‍ය නායකයින් පුහුණු කිරීම සහ අගැයීමට ලක් කිරීම සිදු කෙරේ)

අන්තර් විශ්ව විද්‍යාල බෞද්ධ ශිෂ්‍ය සංගම් බල මණ්ඩලය

(විශ්ව විද්‍යාල සිසුන් තුළ අධ්‍යාත්මික වර්ධනයක් ඇති කරමින් ඔවුන් ජාතික බෞද්ධ නායකත්වයට යොමු කරලීම සිදුවේ)

ත්‍රිපිටක ධර්ම පාඨමාලාව

(ශ්‍රී ලාංකික හා විදේශික ගිහි පැවිදි බොදුනුවන්ට නේවාසිකව /සතිඅන්ත වල ප්‍රාදේශීය මධ්‍යස්ථාන වලදී / තැපැල් මගින් ත්‍රිපිටක ධර්මය හැදෑරීමට අවස්ථාව සලසා දීම හා විධිමත් ලෙස වාර්ෂිකව පරික්ෂණ පවත්වා සහතික හා ඩිප්ලෝමා ප්‍රදානය කර ඇගයීම සිදු කෙරේ)

බෞද්ධ මනෝචිකිත්සක සහ උපදේශන මධ්‍යස්ථානය

(ශ්‍රී ලංකාවේ දැනට විශාල අඩුවක්ව පවතින බෞද්ධ මනෝචිකිත්සාව හා උපදේශනය සඳහා ස්ථාපනය කරනු ලබන බාල, මහලු, වැඩිහිටි සැමට සේවා සපයන මධ්‍යස්ථානයකි)

තාවකාලික පැවිද්ද සහ දින 10 නේවාසික භාවනා වැඩසටහන්

(හොරණ දෙකඳුවල දහම් පුහුණු භාවනා මධ්‍යස්ථානයේදි වසර 10 ක පමණ කාලයක සිට පවත්වාගෙන එනු ලබන වැඩසටහනකි.)

පෙර අපරදිග දෙදිග විවිධ භාෂාවන් ප්‍රගුණ කිරීමේ පහසුකම්

ශබ්දාගාර සහ පරිගණක නිරමාණ කරන පහසුකම්

ධර්ම පර්යේෂණ කටයුතු සහ විවිධ ධර්මදූත සේවාවන්ගෙන් සමන්විතය යැයි කිරම විමලජෝති හිමියෝ පවසති.

ලොව විශාලතම බෞද්ධ මධ්‍යස්ථානය මේ දිනවල කොළඹ තුම්මුල්ල මංසන්දියේ ඉදිවෙමින් පවතී. පසුගිය පෙබරවාරි මාසයේදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මුල්ගල තැබුණු එම මන්දිරයෙහි මේ වන විට මහල් 06 ක් දක්වා කටයුතු සිදු කර ඇති අතර රුපියල් මිලියන 300 ක් පමණ ඊට වැයවන බව එහි වත්මන් තත්වය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවකදී නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති කිරම විමලජෝති හිමියෝ පැවැසූහ. උන්වහන්සේ පැවැසුවේ කාගේත් දායකත්වයෙන් මෙය ඉටුකිරීම සිය අපේක්‍ෂාව බවයි.

 

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 14 වන දා අඟහරුවාදා අපරභාග 11.10 ට ලබයි.
15 වන දා බදාදා අපර භාග 11.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වන දා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 22 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]