UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ ගුණ සමරු උත්සව දඹදිව දී

මහාබෝධි සමාගමේ නිර්මාතෘ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 146 වන ජන්ම දිනය ඉතා උසස් අන්දමින් දඹදිව සියලුම බෞද්ධ සිද්ධස්ථානයන්හි සිදුකිරීමට ඉන්දීය මහාබෝධි සමාගමේ මහාලේකම් භාරතයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දොඩම්ගොඩ රේවත නා හිමියන්ගේ ප්‍රධාන අනුශාසනා පරිදි සංවිධානය කර ඇත.

කල්කටාවේ ශ්‍රී ධර්මරාජික විහාරයේ සැප්තැම්බර් මස 17 උදෑසන කල්කටා නගරයේ පිහිටි ධර්මපාලතුමාගේ පිළිරුවට මල්මාලා පැලඳවීම සිදුකරන අතර අනතුරුව කල්කටාව අවට රෝහල්වල රෝගීන්ට පලතුරු බෙදා දීම සිදුකරන අතර බුද්ධ පූජා සහ සංඝගත දක්‍ෂිණා පූජාකිරීම සිදුකෙරේ. සවස හතරට කල්කටා විශ්වවිද්‍යාලයේ පාළි අධ්‍යයන අංශයට අනගාරික ධර්මපාල ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුකරන අතර ධර්මපාල විද්‍යාල සිසුන් ට තෑගි බෙදාදීම සිදුකෙරේ. සවස 5 ට ආරම්භ වන මහජන සභාවේ ප්‍රධාන අමුත්තා කල්කටා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුරන්ජනදාස් මහතා උසුලන අතර ප්‍රධාන කථිකයා බෙංගාල තියොසොපිකල් සමාගමේ ලේකම් වයි. සී. භට්ටාචාර්ය මහතාය. සභාවේ මුලසුන සුප්‍රසිද්ධ බෞද්ධ නායකයකු වනු වූ ශාන්ති ස්වරූප බෞද්ධ මහතා විසින් උසුලනු ඇත.

ප්‍රදීප පූජා ධම්මචක්ක පූජාවෙන් අනතුරුව රවින්ද්‍රනාත් තාගෝර් විසින් රචිත වාසවදත්තා සහ චන්ඩාලිකා වේදිකා නාට්‍යය රඟ දැක්වේ.

ඉන්දියානු මහාබෝධි සමාගමේ බුද්ධගයා මධ්‍යස්ථානයේ අනගාරික ධර්මපාලතුමාගේ ගුණ සමරු පින්කම මධ්‍යස්ථානාධිපති පැලන්වත්තේ සීවලී හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දෙස් විදෙස් විශාල පිරිසක්ගේ සහභාගිත්වයෙන් සිදුකිරීමට නියමිත අතර විශේෂයෙන් ශ්‍රී ලාංකික බෞද්ධයින් මේ අතර ප්‍රධාන තැනක් ගනී. සැප්තැම්බර් 16 සිට 18 දක්වා දින තුනක් පමණ පවත්වන මෙම ගුණ සමරුවේ 16 දින ප්‍රාදේශීය පාසල් ළමයින්ගේ ප්‍රධානත්වයෙන් කථික තරඟ, රචනා, භක්ති ගීත, සංස්කෘතික වැඩසටහන් ආදියෙන් සමන්විත වේ. 17 දින උදෑසන ඉන්දියානු මහාබෝධි සමාගමේ සිට ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වෙත පෙරහරක් පැමිණේ.මේ සඳහා ප්‍රාදේශීය මෙන්ම විදේශීය රටවලින් වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් මෙන්ම සංචාරකයින්ද සහභාගි වේ. ජය ශ්‍රී මහා බෝධිය අබියස දී පැවැත්වෙන ආගමික වත් පිළිවෙත් වලට අමතරව දුගී මගී යාචකාදීන්ට සංග්‍රහ කිරීමත්, රෝහල් වලට වියළි ආහාර පරිත්‍යාග කිරීමත් සිදුවේ.

උදෑසන 9 ට දහම් සභාවක් (දහම් හමුවක්) පැවැත්වේ. මෙහිදී ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ බිහාර් / උත්තර් ප්‍රදේශ ප්‍රාන්තයන්හි පුරාවිද්‍යා මාණ්ඩලික ප්‍රධානී ආචාර්ය එස්.කේ. මංජුල් මහතාය.මෙවර මෙම උත්සව සභාවේ විශේෂ අවස්ථාවක් වනුයේ විදර්ශනා භාවනා පිළිබඳව විශේෂ වැඩසටහනක් පැවැත්වීමයි. එම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ විදර්ශනාචාර්ය තායිලන්ත ජාතික ආර්යවංශො හිමිපාණෝය.

මෙවර බුද්ධගයා උත්සවයේ ප්‍රධාන දායකත්වය දරන්නේ කැලණිය සෙත්සිරි ලංකා ට්‍රැවල්ස් අධිපති උපුල් වීරසේකර මහතා සහ එම පවුලේ සියලු දෙනා විසිනි.

ඉන්දියානු මහාබෝධි සමාගමේ ඔරිස්සා මධ්‍යස්ථානයේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ගුණ සමරු පින්කම මධ්‍යස්ථානාධිපති ගස්පේ සද්ධාතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන් සිදුවේ.

සැප්තැම්බර් 17 දා උත්සව සභාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බැලූර් මාට් රාමක්‍රිෂ්ණ මිසන් හි නියෝජ්‍ය මහලේකම් ස්වාමි බජනානන්ද හිමි සහභාගි වන අතර ප්‍රධාන දේශනය ද එතුමා විසින් සිදුකෙර්. එදින සභාවේ මූලාසනය උසුලනු ලබන්නේ උත්කල් විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය බිමලෙන්දු මොහන්ති මහතා විසිනි.

මේ අතර ලුම්බිණි මධ්‍යස්ථානයේ කිරිගල්වැවේ වනරතන හිමියන්ගේ මූලිකත්වයෙන් ද, නව දිල්ලි මධ්‍යස්ථානයේ බාණියම්ගම නන්දසිරි හිමියන් විසින් ද, ලක්නව් මධ්‍යස්ථානයේ පඤ්ඤානන්ද හිමියන් විසින්ද මෙවර ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ විශේෂ ගුණසමරු පින්කම් සංවිධානය කර ඇත.

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 14 වන දා අඟහරුවාදා අපරභාග 11.10 ට ලබයි.
15 වන දා බදාදා අපර භාග 11.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වන දා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 22 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]