UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය

මහනුවර, පිළිමතලාව ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය අති උත්කර්ශවත් අයුරින් පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය වෙමින් පවතී. සැප්තැම්බර් 11දා සිට 15 දා දක්වා ඇතුලේ පෙරහර පවත්වා, 16 දින සිට 20 දින දක්වා පැවැත්වෙන කුඹල් පෙරහරින් අනතුරුව, 21 සිට 25 දක්වා රන්දෝලි පෙරහර වීදි සංචාරය කෙරේ. අවසාන රන්දෝලි පෙරහරින් අනතුරුව, 26 දින දහවල් පෙරහර චාරිත්‍රයෙන් ඉක්බිතිව පෙරහර මංගල්‍යයේ සමාප්තිය සනිටුහන් කෙරේ.සියවස් ගණනාවක සිට පැවැත එන ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ චිරාගත පුදසිරිත් අතුරින් ඉතා විචිත්‍රතම අවස්ථාව සේ සැලකෙන පෙරහර මංගල්‍යය අනන්‍ය වූ දේශීය සම්ප්‍රදායන් රැගත් අලංකාර සංස්කෘතික පෙළ ගැස්මකි. ශ්‍රී උපුල්වන් දෙවිඳුන්ට පූජෝපහාර පිණිස, විශේෂයෙන් ප්‍රාදේශීය හා පළාත්බද ජනතාවගේ භක්ත්‍යාදර ගෞරවයට පාත්‍ර වූ මෙම පෙරහර මංගල්‍යය නැරඹීම සඳහා අති විශාල ජනතාවක් සහභාගි වේ.

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 07 වන දා අඟහරුවාදා අපර භාග 07.53 ට ලබයි.
8 වන දා බදාදා අපර භාග 04.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වන දා බදාදා ය.

මී ළඟ පෝය සැප්තැම්බර් 15 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]