UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

තල්පිටියේ පුරාණ දළදාවත්ත මහා විහාරස්ථානයේ ශ්‍රී දළදා පූජෝත්සවය

වාද්දුව තල්පිටිය පුරාණ දළදාවත්ත මහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වාගෙන එන ශ්‍රී දළදා පූජෝත්සවය 77 වන වරටත් ඉතා උත්කර්ෂවත් අන්දමින් සැප්තැම්බර් 12 වනදා සිට ආරම්භ වි සතියක් පුරා පැවැත්වේ.

සැප්තැම්බර් 12 වන දින තිස්පැය හතේ පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භව 15 වනදා රාත්‍රි දොරකඩ අස්න හා අනුශාසනාව පවත්වා 16 වන දින අලුයම අවසන්වේ. සැප්තැම්බර් 17 වන දින රාත්‍රි 7 වසර සියයකට වඩා පැරණි මෙම ඓතිහාසික දළදාවත්ත මහා විහාරස්ථානයේ වැඩ සිට අපවත්වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාටත් තරුණ බෞද්ධ සමිතියේ සහ දායක සභාවේ සහ ගම්වාසීන්ටත් පින්අනුමෝදන් කිරීම සඳහාත් පරලොව සැපත් සැමටත් වෙනුවෙන් අටවිසි බුද්ධ පූජා පින්කම සහ විශේෂ ධර්ම දේශනයක්ද පැවැත්වේ. සැප්තැම්බර් 18 දින රාත්‍රි 7.30 ට 77 වන ශ්‍රී දළදා පෙරහර විහාරස්ථානයෙන් පිටත් වී උඩුගල්ල මහවාද්දුව, ගුණතිලක පාර ඔස්සේ පැමිණ “බාල්ස් කඩේ “ හන්දියෙන් මොරොන්තුඩුව පානදුර මාර්ගය ඔස්සේ වාද්දුව හන්දියට පැමිණ ගාලු කොළඹ මහ මාර්ගය ඔස්සේ පල්ලියමංකඩ ලෝලුගස්මංකඩ, දළදාවත්ත මහා විහාර පාර පසුකර සුදුවැලි මංකඩ, දිබ්බැද්ද පාරෙන්, මැදිපාර ඔස්සේ පැමිණ පසුදින අලුයම් කාලයේ නැවත විහාරස්ථානයට ගෙවදීමෙන් 77 වන ශ්‍රීදළදා පූජෝත්සවය නිමාවට පත්වේ.

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 07 වන දා අඟහරුවාදා අපර භාග 07.53 ට ලබයි.
8 වන දා බදාදා අපර භාග 04.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වන දා බදාදා ය.

මී ළඟ පෝය සැප්තැම්බර් 15 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]