UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

චීන බෞද්ධ සත්‍ය කථා

පිසින ලද මිරිදිය කැස්බෑවා

චීනයේ චියාංෂු ප්‍රාන්තයේ ටාන්ටු ප්‍රදේශයේ ඇන්කෑං ග්‍රාමයේ පදිංචිව සිටි චෙං ලඕචි (CHENG LAOCHI) නමැත්තාගේ අතිශයින් ප්‍රියජනක ආහාරය වූයේ මිරිදිය කැස්බෑවුන්ගේ මස්ය. ඔහු ප්‍රධාන කාරණා තුනක් හේතුකොට මෙම මස් ආහාරයට ගැනීමේ පුරුද්ද දීඝ¡ කාලයක සිට අඛණ්ඩව පවත්වාගෙන එන්නේය. ඔහුගේම මුවින් ප්‍රකාශ කරන අන්දමට පළමුවැනි කාරණය මිරිදිය කැස්බෑවුන්ගේ මස මධ්‍යස්ථ ගුණයෙන් යුක්තය. ඒවා වඩා තදත් නැත. වඩා මෘදුව හෝ බුරුල්ව හෝ නැත. දෙවැනි කාරනය මිරිදිය කැස්බෑ මස අනුභව කළවිට ඔහුට ඉතාමත් සුව පහසු සහිත සැප නින්දක් ලැබේ. තුන්වැනි කාරණය මිරිදිය කැසුබු මාංශය ඉතා හොඳ ඖෂධීය ගුණයෙන් යුක්තය. ඒවා හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය හා වකුගඩුවල ක්‍රියාකාරිත්වය පහසු කරයි. මෙම මිථ්‍යා විශ්වාසය නිසා ඔහු තම පසුම්බියේ වැඩිපුර මුදල් ගැවසෙන සෑම විටෙකම වෙළඳ පොළට ගොස් මිරිදිය කැස්බෑවකු රැගෙන ගෙදර ඒමට වග බලාගනී.

එක් දිනක් කළුපැහැති ඇඳුමක් ඇඳගත් යමෙක් ඔහු ඉදිරියේ සිහිනෙන් පෙනී සිට මෙසේ කීවේය.

“කරුණාකර මට අනුකම්පා කරන්න – යහපත් සත්පුරුෂ තරුණයෙක් ලෙස මට අභයදානය දෙන්න. මා ඝාතනය නොකරන්න” ඔහු චෙන් ලඕචි හමුවේ ඉතා බැගෑපත්ව දනින් වැටී ජීවිත දානය ඉල්ලා සිටියේය. මෙම සිහිනයෙහි අපූර්වත්වය දනවන කාරණය වූයේ චෙන් ලාඕචිගේ බිරිඳ ද එම රාත්‍රියේ එම සිහිනය එසේම දැක තිබීමය.

පසුදා පහන්වූ විට උදෑසන ම ගමේ මස්මරන්නා තමා විසින් රාත්‍රියේ අල්ලාගත් මිරිදිය කැස්බෑවා විකිණීම පිණිස චෙන් ලාඕචිගේ නිවසට පැමිණියේ ය. එය දුටු චෙන් ලාඕචිට ඇතිවූ සතුට නිම්හිම් නැතිවිය. කැස්බෑවා සඳහා මස් මරන්නා ඉල්ලා සිටි මුදල විශාලවූ නමුත් එය ගණනට නොගෙන මුදල් ගෙවූ ඔහුට දැඩි කෑදරකම නිසා කටට කෙළ උනන්නට විය. “උයනව මේ දැන් උයනවා” ප්‍රමෝදවත්වූ ඔහු හඬ නැගුවේය. “ටිකක් ඉන්න! ඊයේ රාත්‍රි අපි දෙන්නාම දුටු හීනය ගැන මතක නැතිවුණාද? “ චෙන් ලඕචිගේ බිරිඳ හරස් කැපුවාය.

“ඒක හීනයක් විතරයි. හීනවලින් ඉස්මතුවෙන හැම දෙයක්ම ඇත්ත දේවල් හැටියට විශ්වාස කරන්න බැහැ - ඔයා එහෙම විශ්වාස කරනවද? “

“ මම එහෙම හිතන්නෙ නෑ නමුත් අර කළු ඇඳුම ඇඳගෙන මෙහි සිහිනෙන් පැමිණි අය අපට යහපත් ශුභදායක පණිවුඩයක් අරගෙන ආවයි කියල මා විශ්වාස කරනවා. ස්වාමීනි! මේ බලන්න, ඇයි අපි මේ කැස්බෑවාව මුදා නොහරින්නෙ. ඇයි මේ සතා නිදහස් නොකරන්නෙ?”

“මොනව කුස්සියට එක පියවරක් තරම්වත් නැති තැනට අරගෙන ආපු ප්‍රණීත ආහාරයට යන්න අරින්න, මේ කඩවසම් කැස්බෑවා මුදාහරින්න කියලද ඔබ කියන්නෙ ඔයා නම් හරි අරුම පුදුම විකාර අදහස් තියෙන ගෑණියෙක්නේ?”

බිරිඳට එසේ තරවටු කළ ලඕචි කැස්බෑවාද රැගෙන කුස්සියට ගියේය. කැස්බෑවා බිරිඳගේ සහායෙන් තොරව තනිවම පිස ගත් ඔහු සෑම කටක් පාසාම ඉමහත් කෑදරකමින් හා අභිරුචියෙන් ගිලදැම්මේය.

කැස්බෑ මස අනුභවයෙන් පසුව කිසියම් හේතුවක් උද්ගතවූයෙන් ඔහුට ස්නානය කිරීම අවශ්‍ය විය. ඉක්මනින් ම නාන කාමරයට ඇතුල්වූ ඔහු දොර වසාගත්තේය. බිරිඳ ද ස්වාමියාගේ හැසිරීමේ යම් වෙනසක් දක්නට ලැබුණ බැවින් නාන කාමරයේ දොරටුව සමීපයේ සිටියාය. බොහෝ වේලාවක් ගතවිය. ඇතුළතින් කිසිදු ශබ්දයක් නැත. ස්වාමියාගේ නිහැඬියාව බිරිඳට සැකමුසු බවක් ඇතිකළේය. බොහෝ වේලාවකට පසුව ඇය දොරට තට්ටු කළාය. ප්‍රතිචාරයක් නැත. සැකය ප්‍රබලවිය. ඇය වහා නාන කාමරයේ දොර ඇරගෙන ඇතුලත සිදුවෙන දෙය බැලීමට ඇතුළුවූවාය. ඇය ගල්ගැසුණාය. ඇයට දක්නට ලැබුණේ මුළු නාන ජල ටැංකිය (BATHTUB )සම්පූර්‍ණයෙන්ම ලෙයින් පිරී තිබුණ අන්දමය.

විලාප හඬ නගමින් තවදුරටත් විමසුම් කළ ඇයට දකින්ට ලැබුණේ තම ස්වාමි පුරුෂයාගේ සිරුර සම්පූර්‍ණයෙන්ම දියවී නාන ටැංකියේ ලේ බවට පත්වී තිබෙන අන්දමය. පිසින ලද කැස්බෑවාගේ මස පැසෙන ජලයෙහි දියවී සුප් බවට පරිවර්තනය වන ස්වරූපයෙන්ම චෙං ලාඕචිගේ මුළු සිරුරම දියවී ලේ බවට හැරී නාන ටැංකියේ පිරී තිබෙනු දක්නට ලැබුණි. දියර සමග මිශ්‍ර නොවූයේ චෙං ලාඕචිගේ (CHENG LAOCHI්) හිසකෙස් පමණක් බව බිරිඳට දැකගත හැකි විය.

සෑම සිහිනයක් ම සත්‍යයක් නොවන නමුත් සමහර සිහින ශුභවාදී පණිවිඩ රැගෙන එන බව ලඕචිගේ මරණයෙන් පසු එම ප්‍රාන්තවාසීන්ට පිළිගැනීමට සිදුවිය.

(LOVE OF LIFE ඇසුරෙන් සකස් කෙරිණි)

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 23 වන දා සඳුදා අපර භාග 08.08 ලබයි.
24 වන දා අඟහරුවාදා අපරභාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වනදා අඟහරුවාදාය.
 මීළඟ පෝය සැප්තැම්බර් 01 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]