UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - මිහිඳු මහරහතන් වහන්සේ භාරතීය මගධ මහ රාජ්‍යයේ ශෝභාසම්පන්න අගනුවර වූු පාටලීපුත්‍ර නගරයෙහි වාසය කොට පුරුදු කෙනෙක් වූ නිසා උන්වහන්සේ සිය පියාණන් විසින් කරවන ලද අශෝකාරාමාදිය හා තම මෑණියන් විසින් විදිසාවෙහි කරවන ලද චෛතයගිරි (සාංචි) ආදී මහා ආරාමයන් දැක පුරුදු කෙනෙකි. එබැවින් අනුරාධපුර මහාවිහාරය සැලැස්ම සකස් කිරීමට එවකට මිහිඳු මාහිමි තරම් සුදුස්සෙක් තවත් නොවීය. ශ්‍රී ලංකා බුද්ධ සාසනයෙහි මූලස්ථානය වූ අනුරාධපුර මහා විහාරය පිහිටුවීම පිළිබඳව මූලාශ්‍රඵල එන මේ පුවත් ස්ථානකළ හැකි සාධක පැහැදිලි කරන්න.

පිළිතුර- මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන පිරිස මුල් දිනයෙහි දේවානම්පියතිස්ස මහරජතුමාගේ බලවත් ඉල්ලීම සලකා ‘නුවරට ඉතා නුදුරු ඉතා නොළං’ මහමෙවුනා උයනෙහි පිහිටි රාජ මන්දිරයෙහි වැඩ විසූහ. රජතුමා තෙරුන් වහන්සේ හුමවට ගොස් සුවදුක් විචාර පහසු තැනැක්දැයි විමසා බලවත් සතුටට පත් රජතුමා රන් කෙන්ඩියෙන් අතපැන් වත්කොට මහමෙවුනා උයන මහා සංඝරත්නයට පූජා කළේය. පසු කලක දී මෙරට බෞද්ධ සභ්‍යත්වයෙහි මහා කෙන්ද්‍ර ස්ථානය ථෙරවාදි බුදු දහමෙහි ප්‍රධාන ස්ථානය වූද මහා විහාරය බවට පත්වූයේ මිහිඳු මාහිමියන් ආරම්භ කළ මෙම ස්ථානයයි. මිහිඳු මහරහතන් වහන්සේට වඩා දේශන්තරයන්හි සැරිසරා පුරුදු උන්වහන්සේට වඩා දැනුමැති වඩා උගත් වඩා ශිෂ්ඨ සම්පන්න එක කෙනෙකුවත් එවකට ශ්‍රී ලංකාවේ සිටියේ නැත.


ප්‍රශ්නය - ජයශ්‍රී‍්‍ර මහා බෝධි ශාඛාව ද සම්බුද්ධ ධාතූ®න් වහන්සේලා සහ පාක්‍රයද ශ්‍රී ලංකාවට වැඩම කර ගෙන ඒ මෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇති වූ සංස්කෘතික සම්බන්ධතාවය කුමක්ද?

පිළිතුර - ජය ශ්‍රී මහාබෝධි ශාඛාව ලක්බිමෙහි රෝපණය කිරීම බුද්ධ ධර්මය සහ බෞද්ධ සංස්කෘතිය මෙහි පිහිටුවාලූ බවට සංකේතයක් විය. සම්බුද්ධ ධාතුන් වහන්සේ බුදුන් වහන්සේ ජීවමානව මෙහි වැඩ සිටින බවට ශ්‍රී ලාංකිකයා සලකන්නට විය. බුදුන් වහන්සේගේ පාත්‍රා ධාතුව රජ ගෙහිම සුරක්ෂිත කොට රාජකීය භාණ්ඩයක්ම විය. මෙම පාත්‍රය පසුකලෙකදී දන්තධාතුන් වහන්සේ හා සමානව සිංහලයන්ගේ ආරක්ෂිත දේවතාවා හා අසහාය ජාතික වස්තුව බවට පත්විය.


ප්‍රශ්නය - ‘අෂ්ටඵලරුහ බෝධි’ නමින් ශ්‍රී ලංකා වංස කථාවට එක් වූ සිදුවීම කුමක්ද?

පිළිතුර - මිහිඳු මහරහතන් වහන්සේ වෙතින් දේවානම් පියතිස්ස රජුවෙත භාරදෙන ලද අනුරාධපුර ජයශ්‍රී බෝධීන් වහන්සේගෙන් බෝඅංකුර අටක් ඇතිවිය. ඒ පැල අට ලංකාවේ ස්ථාන අටක රෝපණය කළේය. ඒ මෙසේය.

1. දඹකොළ පටුන (යාපනය)
2. නිවත්තක බමුණුගම
3. ථූපාරාමය
4. ඉසුරුමුනිය
5. පඨමක චෙතිය
6. මිහින්තලය
7. සඳුන්ගම
8. කතරගම
මේ සියල්ල අෂ්ටඵලරුහ බෝධිනම් විය.


ප්‍රශ්නය - ‘ප්‍රඤ්ඤා’ පින් යනුවෙන් පෙලදහමෙහි හැඳින්වෙන්නේ කුමක්ද?

පිළිතුර - අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ‘පුඤ්ඤාභිසන්ද’ සූත්‍රයට අනුව තෙරුවන් සරණයාමත් පන්සිල් රැකීමත් පින් ඉපදෙන (පුන්‍යක්‍රියා) වශයෙන් දක්වයි. පස් පවින් වැළකීම පින් වශයෙන් සැලකීම හේතුවන කරුණ මෙම සූත්‍රය පැහැදිලිව සඳහන් කරයි. ප්‍රාණඝාතයෙන් වැළකුණු අර්ය ශ්‍රාවකයා අප්‍රමාණ සත්ත්වයනට අභය දෙයි. පාණාතිපාතා පටිවිරතො අරිය සාවකො අපරිමාණං සත්තානං අභයං දෙති. අවෙරං දෙති. අව්‍යාපජ්ජං දෙති. ‘අවෛරය දෙයි. නිදුක්බ දෙයි. මේ දුන් දානයන්ට තමන්ද හිමිකරුවෙකු වෙයි. (අව්‍යපජ්ජස්සභාගී හොති) දේවතා සංයුක්තයේ ‘වනරෝප සූත්‍ර දේශනාවෙහි මල්ඵල උයන් වතු වැවීම, වන වගාව, ඒ දඬුපාලම් කරවීම, පැන්හල්, පොකුණු, ගෙවල් කරවාදීම, රෑ දවල් දෙක්හි පින් වැඩෙන සුගතියට මිනිසා ගෙනයන ක්‍රියා ලෙස හඳුන්වයි. ඒ අනුව පින්වත් මිනිසා සමාජ ආර්ථික ක්‍ෂෙත්‍රයෙහි ප්‍රබුද්ධ ක්‍රියාකාරී පුද්ගලයෙකු වශයෙන් බුදුසමය සලකනු ලැබේ.


ප්‍රශ්නය - කාමභෝගී ගෘහස්ථයෙකු විසින් ලබාගත යුතු සුබ හෙවත් සැප හතරක් පිළිබඳව බුදුදහම අවධාරණය කරයි. ඒ මොනවාද?

පිළිතුර - ගිහියකු විසින් ලැබියයුතු සැප හතරක් අත්ථි සුඛ - භෝගසුඛ- අනණ සුඛ යන අංග භෞතික දියුණුව ලබා ගැනීම පිළිබඳවයි. දැහැමින් භෝග ලැබීම අත්ථි සුඛය වන අතර භෝග නිවැරදිව ප්‍රයෝජන ගැනීම භෝග සුඛයයි. ණය නැතිබව අනණ සුඛය නම් වෙයි. සිවුවැන්න වූ අනවජ්ජ සුඛය අධ්‍යාත්මික දියුණුවට මග හෙළිකරයි.


ප්‍රශ්නය -ව්‍යග්ගපජ්ජ සූත්‍රාගත දේශනයට අනුව දිනක් දීඝජානු කෝලිය සිටුපුත්‍රයා බුදුහිමියන්ගෙන් ස්වාමිනී! කාමභෝගී ගිහියන් වන අපි අඹුදරුවන්ගේ සම්බාධ සහිතව ගෙහි වසමු. කසිසළු සුවඳ විලවුන් පරිභෝග කරමු. මල් ගඳ විලවුන් කරමු. රන් රිදී ඉවසමු. ඒ අපට මෙලොව හිත පිණිස සැප පිණිස පරලොව හිත පිණිස සැප පිණිස යෝග්‍ය දහමක් දෙසනු මැනව‘ මෙම සිටු පුත්‍රයාට දේශනා කොට වදාළ දහම කුමක්ද?

පිළිතුර- බුදුරජාණන් වහන්සේ සිටු පුත්‍රයාට මෙසේ වදාළහ. මොලොව හිත පිණිස (දිට්ඨධම්ම හිත) සුව (දිට්ඨ ධම්ම සුඛ) සලසන කරුණු සතරක් ඇත. එනම් උත්සාහසම්පත්තිය ආරක්ෂාසම්පත්තිය, කළණමිතුරු ඇසුර සමජීවිත පැවැත්ම නමින් දේශනාකොට පරලොව සැප සඳහා ඉවහල්වන ශ්‍රද්ධාව - ශීලය , ත්‍යාගය, ප්‍රඥාව යන සතර කරුණක් ද විස්තර කළ සේක.


 

ප්‍රශ්නය - සිල්වත් බවින් අගතියට පත් (දුසිල්) පුද්ගලයා දුක් විපාක පහක් විඳිනා අතර සිල්වත් බව නිසා සුවදායක ඵලයන් පහක් ළඟාකර ගනී. පැහැදිලි කරන්න.

පිළිතුර - අංගුත්තර නිකාය සීගාල සුත්‍රාගත දේශනයට අනුව දුසිල්බවේ විපාක පහකි.

1. ප්‍රමාද හේතුවෙන් භෝග විනාශ වේ.
2. පාපී අපකීර්තියක් ඇතිවේ.
3. පිරිස මැද බියසැක ඇතිකරයි
4. සිහි විකල්ව මිය යාමද සිදුවෙයි.

සිල්වත් බව නිසා

1. අප්‍රමාද බව නිසා භෝග විපුලත්වයට පත්වේ
2. යහපත් කීර්තියක් පැතිරේ
3. බිය සැකෙන් තොරව අභීතව පිරිස් මැදට පැමිණිය හැකිය
4. නුමුළා කලුරිය කරයි
5. මරණින් මතු සුගතියට යයි


ප්‍රශ්නය - අංගුත්තර නිකායාගත දේශනා පාඨයකි මේ.

‘දාළිද්දියං භික්ඛවෙ දුක්ඛං ලොකස්මිං කාමභොගිනො’ කාමභෝගී ගිහියාට දිළිදුබව දුකකි. ගෘහස්ථ පුද්ගල ජීවිතයෙහි දුක් සහිත වූ දිළිඳුබව බුදුරජාණන් වහන්සේ කුමන හේතු නිසා එබඳු දුක්සහගත බවක් ඇතිවන්නේද යන්න පැහැදිලි කරන්න.

පිළිතුර - දුගී දුප්පත් බව නිසා තවදුරටත් ණය ගැනීමට (ඉණාදානම්පි) සිදුවේ. ඊට පොලී ගෙවීම චෝදනා ලැබීමත් (චෝදනා්‍ය) ණය නොගෙවීම නිසා පසුපස හඹා ඒමත් (අනුචරියාසි) දඬුවමට යටත් වීමත් (බන්ධනාපි) දුකක්ම බව දේශනා කොට වදාළහ.


ප්‍රශ්නය - සංස්ඛාර පිළිබඳව විවරණයකදී ‘පුඤ්ඤාභි සංඛාර යනුවෙන් සඳහන් කෙරෙන්නේ් කුමන ධර්ම කොටසක්ද?

පිළිතුර - කය, වචනය, සිත යන තුන්දොරින් සිදුකරනු ලබන දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ වූ කාමාවචර කුසල චේතනා අටක් රූපාවචර භාවනාමය කුසල චේතනා පසත් පුඤ්ඤාභිසංඛාර නම් වේ.

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 18 වන දා ඉරිදා පූර්ව භාග 04.31 ට ලබයි.
19 වන දා සඳුදා පූර්වභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 18 වන දා
ඉරිදාය.

මීළඟ පෝය ජූලි 25 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]