UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

වාකිරිගල චන්දාලෝක හිමි

මාවනැල්ල, උඩවත්තව ශ්‍රී සුනන්දාරාමය, දෙහිමඩුව ශ්‍රී කොන්ඩඤ්ඤාරාමය, හබ්බුන්කඩුව ශ්‍රී බෝධිරාජාරාමය යන විහාරාධිපති දෙහිමඩුවේ සාරානන්ද හිමියන්ගේ සහ කෝට්ටේ සම්බුද්ධාලෝක ගිලාන භික්ෂු විහාරයේ විහාරාධිපති වැලිගල්ලේ පඤ්ඤාලෝක හිමියන්ගේ් ශිෂ්‍ය උතුවන්කන්ද උඩත්තව ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ වාකිරිගල චන්දාලෝක පොඩිහාමුදුරුවන් වහන්සේ 2010 ජුනි මස 20 දින මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේදී අධිසිල් ලැබූහ. වාකිරිගල පදිංචි එච්.එම්. රම්බණ්ඩා සහ එම්. ඒ. සුදිලා මදසිංහ මැණිකේ දම්පතීන්ගේ් පුත්‍ර රත්නය වන අභිනව උපසම්පදාලාභී වාකිරිගල චන්දාලෝක පොඩි හාමුදුරුවන් වහන්සේ ඉකුත් 21 දින පස්වරුවේදී උඩත්තව ශ්‍රී සුනන්දාරාම විහාරස්ථ දායක සභාවේ භාණ්ඩාගාරික සාමවිනිසුරු බී.ජී. ගුණරත්න මහතා ප්‍රමුඛ දායක සභාවේ සංවිධානයෙන් උතුවන්කන්ද මංසන්ධියේ සිට දර්ශණීය පෙරහරකින් විහාරස්ථානය වෙත වැඩම කරවා එදින සවස බෝධි පූජා සහ පුණ්‍යානුමෝදනා ද පවත්වන ලදී.

 


පන්නල විජිතනන්ද හිමි

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ එක්නැලිගොඩ මහා විහාර පාර්ශ්වයේ අනුනායක පත්බේරියේ සෝමානන්ද අනුනාහිමියන්ගේ් හා හිඟුරල මහවලදෙනිය ආර්ය වනගිරි ආරණ්‍ය සේනාසනාධිපති ගලෙන්බිඳුණුවැව සුගතනන්ද නාහිමියන්ගේ ශිෂ්‍ය කිරිවන්දල ශ්‍රී විද්‍යා සංවර්ධන පිරිවෙන්හි අධ්‍යාපනය ලබන පන්නිල විජිතනන්ද සාමණේරයන් වහන්සේ ජුලි 10 වනදින කුරුවිට එක්නැළිගොඩ මහා විහාරස්ථ කුරුනදී උදකුක්ඛෙප සීමා මාලකයේදී අධිසිල් ලබති. උන්වහන්සේ පන්නිල ඒ. විමලසිරි ආනන්ද හා පී.බී. හේමලතා දම්පතීන්ගේ් ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය වේ.

උපසම්පදාලාභී පන්නිල විජිතනන්ද හිමියන් මෙම 11 වනදා හිඟුරල මහවලදෙණිය ආර්යව නගිරි සේනාසනයේදී මංගල දම් දෙසුම පවත්වන අතර එහිදී පිළිගැනීමේ උත්සවයක් ද පවත්වනු ලැබේ.

 


බද්දේගම කෝසල හිමි - රාජගිරියේ සුගතසිරි හිමි

බද්දේගම කිරිබතාවිල අමරවංශ මහා පිරිවෙනෙහි උසස් අධ්‍යාපනය ලබන බද්දේගම කෝසළ රාජගිරියේ සුගතසිරි යන සාමණේර භික්ෂූන් වහන්සේලා දෙනම ජුනි මස 21 වනදා මහනුවර මල්වතු මහාවිහාරීය මංගල උපෝසථාගාරයේදී උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබූහ.

බද්දේගම මහගොඩ කන්ද ඉසිපතනාරාමාධිපති, ගාලු ගඟබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක අගලියේ ගුණානන්ද නාහිමියන්ගේ් සහ ගා/ ක්‍රිස්තුදේව පිරිමි මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති බලන්ගොඩ සිරිනිවාස හිමියන්ගේ ද ශිෂ්‍ය දෙනමක් වන මුන්වහන්සේලාගේ මංගල ධර්ම දේශනය ජුනි 25 වනදා පස්වරුවෙහි බද්දේගම ඉසිපතනාරාමයේදී පැවැත්වීමටද නියමිතව තිබිණි.

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජූලි මස 4 වනදා ඉරිදා පූර්ව භාග 07.13 ට ලබයි. 05 වනදා සඳුදා පූර්ව භාග 8.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 04 වන දා ඉරිදාය.

මීළඟ පෝය
ජූලි 11 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]