අගනුවර පිණ්ඩපාත චාරිකාවෙන්....
සටහන සීසර් සුදුසිංහ
ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ
කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ මෙහෙයවීමෙන් අගනුවර බෞද්ධ
සංවිධාන එකමුතුව අනුග්‍රහයෙන් සිව්වන වරටත් වාර්ෂික පිණ්ඩපාත දානමය
පින්කම පසුගිය දා පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්විණි.![](z_p08-aga2.jpg)
කොළඹ කොටුවේ රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන රැසක් වෙත මහ සඟරුවන සියක්
නමක් පමණ එම පිණ්ඩපාත චාරිකාව සඳහා වැඩම කළහ.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය සම්බුද්ධාලෝක
විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමියන්ගේ ප්‍රධානත්වයෙන්
පණ්ඩිත විතාරන්දෙණියේ මේධානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් එම පිණ්ඩපාත දානය
සිදු කැරිණි. එහිදී ලේක්හවුස් බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් ලංකාවේ
සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
බන්දුල පද්මකුමාර මහතා ප්‍රධාන ලේක්හවුස් ආයතනයේ සේවක සේවිකාවෝද
පිණ්ඩපාත දානය පිළිගැන්වූ අයුරු ඡායාරූපවලින් දැක්වේ.
![](z_p08-aga3.jpg) ![](z_p08-aga4.jpg)
|