UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල - 20 කොටස

(81) සෙලො යථා ඒකඝනො වාතෙන න සමීරති
එවං නින්දා පසංසාසු න සමිඤ්ජන්ති පණ්ඩිතා

ගල් කුලක් සුළඟකට, නොසෙල්වන්නා පරිදි, අට ලෝ දහම මැද ද නැණැත්තෝ නොකැළඹෙති.

හිතවතුනි, ලෝ දහම හොඳින් වටහා ගන්න. එය හිතට සැනසිල්ල ලැබෙන මඟ වන්නේ ය.

(82) යථා පි රහදො ගම්භීරො විජ්පසන්නො අනාවිලො
එවං ධම්මානි සුත්වාන විප්පසීදන්ති පණ්ඩිතා

සත්පුරුෂ, සුසංවර, තැනැත්තාගේ මනස, ගැඹුරු වූ, සුපිරිසුදු, දිය පිරුණු විලක් මෙනි. ලෝකයට සිසිල දෙන එහි නිසල ජලතලය, වැනි නැණැත්තෝ අපේ ලෝකයට සම්පතකි.

හිතවතුනි, ගුණ ගරුක, ඔබේ සිතිවිලිවලින්, ගිනි ගැනුණු ලෝකයට සිසිලක් ලැබෙන්නේ ය.

(83) සබ්බත්ථ වෙ සප්පුරිසා චඡන්ති,
න කාම කාමා ලපයන්ති සන්තො
සුඛේන පුට්ඨා අථා වා දුඛෙන නොච්චාවචං
පණ්ඩිතා දස්සයන්ති

සත්පුරුෂ උතුම් අය, ආශාව මැඬ ගනිති. කැමැති දේ ලබන්නට, කපටි ලෙස නොහැසිරෙති. එවැන්නෝ ලැබෙන දුක් සැප දෙකෙන් නොවෙනස්ව පසිඳුරන් හසුරුවා සන්සුන්ව දවසරිති....

හිතවතුනි, නොකැළඹෙන, මනස මහ අසිරියකි. සිතූ දේ පැතූ දේ ලබා දෙන සිතුමිණකි.

(84) න අත්ත හෙතු න පරස්ස හේතු
න පුත්ත මිච්ඡේ න ධනං න රට්ඨං
න ඉච්ඡෙය්‍ය අධම්මෙන සමිද්ධි මත්තනො
ස සීලවා පඤ්ඤවා ධම්මිකො සියා

කිසි හේතුවක් නිසා, පාපයක් කරන්නැති, අදහමින් ලැබෙන කිසි, ධනයකට කැමති නැති, සුසංවර තැනැත්තා, සිල්වතෙකි. නැණවතෙකි. දැහැමි වූ ගුණගරුක, උතුම් වූ තැනැත්තෙකි.

හිතවතුනි, ඔබේ ඇති වැරැදි අඩු කර ගන්න. එවිට ඔබ වැදගතකු ලෙසට පිළිගැනෙනු ඇත...

(85) අප්පකා තෙ මනුස්සේසු යෙ ජනා පාරගමිනෝ
අථා’ යං ඉතරා පජා තීරමේවා නුධාවති

කෙලෙස් බර බොහෝ අය සසර දික් කර ගනිති. නැණැත්තෝ සසර මඟ වහා කෙටි කර ගනිති.

හිතවතුනි, ඔබ ඔබේ නුවණ මෙහෙයිය යුතු ය. එවිට ඔබ පතන හැම සැප ළඟා වන්නේ ය....

මතු සම්බන්ධයි

 

පොසොන් පුර අටවක

පොසොන් පුර අටවක පෝය ජූනි මස 18 වන සිකුරාදා අපරභාග 11.04 ට ලබයි. 19 වන සෙනසුරාදා අපරභාග 08.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 19 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූනි 25 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]