UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

”2011 වසරේදී සැමරීමට නියමිත 2600 වැනි සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු” ජාතික වැඩසටහනට පූර්වගාමීව, සියක් නමක් මහා සංඝයා වහන්සේ වැඩම කළ පිණ්ඩපාත චාරිකාවක් පසුගිය දා උතුරු කළුතර එතනමඬල පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. උතුරු කළුතර ගංගාරාමාධිපති, විද්‍යාසාර පරිවේණාධිපති ඵහෙට්ටිපොල සීවලී හිමියන්ගේ අනුශාසකත්වයෙන්, අමාදහර සදහම් පිණ්ඩපාත චාරිකාව, උතුරු කළුතර එතනමඬල එක්සත් බෞද්ධ හා පොදු සමාජ සේවා සමිතිය හා එහි සභාපති ගාමිණී ඉඹුල්ගොඩ මහතා ඇතුළු කළුතර දකුණු ශාසනාරක්‍ෂක බල මණ්ඩලය මගින් සංවිධානය කර තිබූණි.

කුරුණෑගල යග්ගපිටිය ශ්‍රී සම්බෝධි මහා විහාරයේ නිර්මාණය කරන ලද සිව්බුදුවරුන් සහ අසූමහා ශ්‍රාවක රහතන් වහන්සේලාගේ පිළිම වහන්සේලා විවෘත කිරීම අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන සහ ආගමික කටයුතු පිළිබඳ ඇමැති දි.මූ. ජයරත්න මහතා අතින් සිදු කැරිණි. සම්බෝධි විහාරාධිපති පණ්ඩිත වැලිවෙහෙර ඤාණින්ද හිමියන්ගේ ආරාධනයෙන් සිදු කෙරුණු එම පුණ්‍යෙීත්සවයට ගිහි පැවිදි සම්භාවනීය අමුත්තන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. විහාරාධිපති ඤාණින්ද හිමියන් සමඟ පිළිමවහන්සේ නිරාවරණය කිරීමෙන් පසු අගමැති තුමා එම පිළිම නරඹන අයුරු ඡායාරූපයෙන් දැක්වේ. ඡායාරූපය – ආනන්ද විජේතිලක

කුණ්ඩසාලේ පල්ලෙකැලේ ශ්‍රී සම්බෝධි ධර්මායතනය විහාරයේ අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පුණ්‍යමහෝත්සවයක් පසුගිය දා සිදුකැරිණි. විහාරාධිපති බුලංකුලමේ උපවංශ නාහිමියන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අධිකරණ නායක අග්ගමහා පණ්ඩිත රාජකීය පණ්ඩිත නාපාන පේමසිරි නාහිමියන් ඇතුළු තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය ද මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය හා සංස්කෘතික අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුළු මැති ඇමැතිවරුන් ද දානපති උපාලි රාජපක්ෂ මහතා සහ එම මහත්මිය ද ඇතුළු දායක දායිකාවන්ගේ ද සහභාගිත්වයෙන් සිදු කැරිණි. බුලංකුලමේ උපවංශ නාහිමියන් සහ මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමට සූදානම් වන අයුරු. ඡායාරූපය සහ විස්තර සුනිල් ගුණවර්ධන

 

පොසොන් පුර අටවක

පොසොන් පුර අටවක පෝය ජූනි මස 18 වන සිකුරාදා අපරභාග 11.04 ට ලබයි. 19 වන සෙනසුරාදා අපරභාග 08.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 19 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූනි 25 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]