UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

කළුගහකදුරේ නන්දජීව හිමි

පඩුවස්නුවර මාවීඇල ශ්‍රී නන්දසාර බෞද්ධ මධ්‍යස්ථානාධිකාරී මොරගනේ මහින්ද හිමියන්ගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ බාහිර කථිකාචාර්ය, නුගේගොඩ සුභද්‍රාරාම විද්‍යායතන පිරිවනේ ආචාර්ය දියගම නාරද හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස ජුනි 12 වනදා මහනුවර මල්වතු මහාවිහාරයීය මංගල උපෝසථාගාරයේ දී කළුගහකදුරේ නන්දජීව හිමි අධිසිල් ලැබීමට නියමිතව තිබිනි. බදුල්ල කිවුල කළුගහකදුර පදිංචි ඩී.එම්. ජයසේන සහ ඩී.එම්. විමලාවතී යන අයගේ පුත්‍ර වූ උන්වහන්සේ බෙල්ලන ශ්‍රී ධර්මපාල මහපිරිවනේ ඉගනුම ලබති.

 

 


කහගල සුමේධාලංකාර හිමි

යටිනුවර පිළිමතලාව ඉළුක්වත්ත කුඩාගල පුරාණ විහාරාධිපති පිළිමතලාව ශ්‍රී ධීරානන්ද මහා විද්‍යාලයේ ආචාර්ය ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යතුමාගේ උපදේශක අධ්‍යාපනපති කහගල සීලානන්ද හිමියන්ගේ ශිෂ්‍ය දැනට මහනුවර අස්ගිරිය මහා විහාර පිරිවෙනේ ප්‍රාචීන මධ්‍යම විභාගයට ඉගෙනුම ලබන කහගල, සුමේධාලංකාර සාමණේරයන් වහන්සේ ජූනි 12 වන දා මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී.

උපසම්පදාව ලැබූ සුමේධාලංකාර හිමියන් ජූනි 13 වන දා සවස 02.00 ට පෙරහරකින් ඉළුක්වත්ත නගරයේ සිට කුඩාගල විහාරස්ථානය වෙත වැඩමවාගෙන ආ අතර රාත්‍රී සෙත් පිරිත් දෙසුමක් ද පැවැත්විණි.

කහගල සුමේධාලංකාර හිමියන් ඉළුක්කුඹුර පල්ලේගෙදර කහගල ඒ.එච්. සෙනෙවිරත්න බණ්ඩා සහ බී.එම්. අනුලාවතී මැණිකේ දම්පතීන්ගේ පුත්‍රරත්නය වේ. කේ. බණ්ඩාරනායක


මොරොන්තුඩුවේ සෝභිත හිමි

දකුණු කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙනෙහි ධර්ම ශාස්ත්‍රොද්ග්‍රහණයෙහි නියුක්ත මොරොන්තුඩුවේ සෝභිත සාමණේර හිමියෝ ජූනි මස 16 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභායතන සිරිමංගල උපොසථාගාරයේ දී උපසම්පදාවෙහි පිහිටුවනු ලැබූහ. උන්වහන්සේ දකුණු කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන් විහාරාධිපති දෙදියවල දෙවසුමනාභිධාන කළුතර පළාතේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඉහළවෙල්ගම කිතුල්ගල්විල සීමාමාලක විහාරාධිපති විචිත්‍රභාණීමග්ගොන විමලධම්ම හිමි හා ආචාර්ය නෙළුවේ සුමනවංස හිමියන්ගේ ද ශිෂ්‍යවරයෙක් වෙති. උපසම්පදාලාභී මොරොන්තුඩුවේ සෝභිත හිමියන් පිළිගැනීමේ පෙරහර හා උත්සවය ජූනි මස 20 වන දින පස්වරු 02.30 ට ධර්මවිජය පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වෙන අතර මංගල ධර්මදේශනය පොසොන් පොහෝ දින පස්වරු 04.00 ට සිදු කිරීමට නියමිතය.


විගමුවේ සුමංගල හිමි

හබරාදූව තරුමල්ගොඩ මණ්ඩලාරාම විහාරාධිපති ගාලු කෝරළයේ ප්‍රධාන සංඝ නායක තරුමල්ගොඩ කාස්සප නා හිමියන්ගේ ශිෂ්‍ය විගමුවේ සුමංගල සාමණේර හිමියන් මේ මස 12 දින දොඩන්දූව ශෛල බිම්බාරාම විහාරසන්න උදකුකෙඛප සීමා මාලකයේ දී අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ මහා සංඝරත්නය වෙතින් උපසම්පදා ශීලයට පත්වීමට නියමිතව තිබිණි.

උන්වහන්සේගේ උපසම්පදාවෙන් අනතුරුව ගරුමල්ගොඩ මණ්ඩලාරාමයට වැඩමවීමේ උත්සවය මේ මස 20 දින සවස්වරුවේ දී එම විහාරස්ථානයේ දී පැවැත්වේ.


මහියංගනයේ නන්දරතන හිමි

බණ්ඩාරවෙල වැවතැන්න ශ්‍රී සුමංගලාරාමාධිපති බදුලු දිසාවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත දිගනතැන්නේ ශ්‍රී සුමංගල නාහිමි, කුරුකුදේගම සුදර්ශනාරාමාධිපති හොරඩිය කුඹුරේ ධම්මානන්ද හිමි, මාතැටිල්ල පූර්වාරාමාධිපති දිගනතැන්නේ සෝමානන්ද හිමි, මාතැටිල්ල විදුහලේ නියෝජ්‍ය විදුහල්පති දිගනතැන්නේ ජිනරතන හිමි, ජා ඇල ඒකළ, අභිනාවාරාමාධිපති නුගතලාවේ ගුණරතන හිමි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ශිෂ්‍ය කනත්තේවෙල ශ්‍රී සංඝරාජ පිරිවෙනේ අධ්‍යාපනය ලබන මහියංගනයේ නන්දරතන සාමණේරයන් වහන්සේ මහනුවර මල්වතු මහා ෂහාරයීය මංගල උපෝසථාගාරයේ දී ජූනි 17 වන දා අධිසිල් ලැබීමට නියමිතව තිබිණි.

උන්වහන්සේ මහියංගනය අලුයටවෙල වලස්හල කළුආරච්චිලාගේ ආරියදාස මහතාගේ හා හේරත් මුදියන්සේලාගේ සෝමාවතී දම්පතීන්ගේ පුතණුවන් වේ. කොන්නපොල ශ්‍රී ජයකොත්තාරාමයේ පැවිදි ව සිටිති.


ඌරුමුත්තේ සෝරත හිමි

කිරිබත්කුඹුර පලදාව පුරාණ විහාරාධිපති දෙනුවර ප්‍රධාන සංඝනායක ධම්මරක්ෂිත ශ්‍රී සරණංකර ශාස්ත්‍රපති කිරිබත්කුඹූරේ සීවලී, කෙහෙල්වල ඕවලපුරාණ විහාරාධිපති ධර්මාචාර්ය හික්ගොඩ සෝභිත, කොටියාකුඹුර විද්‍යාසාගර පිරිවෙන්හි කර්මාචාර්ය අඹුවත්තේ සරණතිස්ස යන හිමිවරුන්ගේ ශිෂ්‍ය දැනට ගම්පොල සිරි බුවනෙකබා මහ පිරිවෙනේ ධර්ම ශාස්ත්‍රය හදාරන ඌරුමුත්තේ සෝරත සාමනේර හිමියන් ජූනි මස 25 වන දා මහනුවර මල්වතු මහා විහාරයේ දී වාහල නාග සම්මුතියෙන් උපසම්පදාශීලයෙහි පිහිටුවනු ඇත. මෙදින සවස සොරත සාමණේර හිමියන් ශ්‍රී දළදා මාළිගාවේ සිට උපසම්පදා පෙරහරෙන් මල්වතු මහා විහාරයේ උපෝෂථාගාරය වෙත වැඩමවාගෙන එනු ඇත. උපසම්පදා ශීලයෙහි පිහිටුවීමෙන් පසු සෝරත හිමි පිළිගැනීම නිමිත්තෙන් උත්සවයක් 26 දා පලදාව පුරාණ විහාරයේ දී ද 27 උලපනේ දී ද පැවැත්වේ.


දෙකිඳ සීලවංශ හිමි

නාවලපිටිය දෙකිඳ නාග ශ්‍රී බෝධිරුක්‍ඛාරාම පුරාණ විහාරය බච්චාගම ජනපදය ශ්‍රී මහින්දාරාමය අඹතලාව ශ්‍රී මංගලාරාමය අලුත්ගම ශ්‍රී ධර්මරාජාරාමය යන විහාරයන්හි අධිපති නාවලපිටිය සිරි ධම්මරතන පරිවේනාධිපති දෙකිඳ සීලරතන හිමියන්ගේ ශිෂ්‍ය දෙකිඳ සීලවංශ හිමියන් මෙම 11 වන දා මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී අධිසිල් ලැබූහ.

උන්වහන්සේ නාවලපිටිය දෙකිඳ එම්.එම්. ටිකිරිබණ්ඩා සහ පී.ජී. කරුණාවතී දම්පතීන්ගේ පුත්‍රරත්නය වේ.

 


මයිලකුඩාවැවේ සරණකිත්ති හිමි

හොරොව්පොතාන ශ්‍රී සිද්ධාර්ථෝදය පිරිවෙන් කෘත්‍යාධිකාරී අනුරාධපුර ලංකාරාමාධිකාරී උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැලපනාවේ ධම්මජෝති නාහිමි, හොරොව්පොතාන එක්සත් විහාරාධිපති භික්‍ෂු සංගමයේ සභාපති අඹගස්වැවේ ධම්මරතන හිමි, හොරොව්පොතාන ශ්‍රී ස්වර්ණ තිලකාරාමාධිපති ආචාර්ය වැලිමුවපොතානේ පියරතන නාහිමි, අනුරාධපුර සිද්ධාර්ථෝද්‍ය පිරිවෙන් නියෝජ්‍ය පරිවේනාධිපති තම්මැන්නාවේ සංඝරත්න හිමි යන හිමිවරුන්ගේ ශිෂ්‍ය මයිලකුඩාවැවේ සරණකිත්ති සාමණේර හිමියන් මහනුවර මල්වතු මහා විහාරීය ඓතිහාසික උපෝෂථාගාරයේ දී මේ මස 18 වන දා මල්වතු මහා නා හිමි ප්‍රමුඛ වින්සත් වාර්ගික කාරක සංඝ සභාව විසින් සිදුකරනු ලැබේ. අභිනව උපසම්පදාලාභී ස්වාමීන් වහන්සේ පිළිගැනීමේ පෙරහර 20 දින සවස 02.30 ට හොරොව්පොතාන නගරයෙන් ඇරැඹේ. අනතුරුව පැවැත්වෙන පිළිගැනීමේ උත්සවයේ මුලසුන වැලිමුවපොතානේ පියරතන නා හිමියන් විසින් හොබවනු ලැබේ. ශ්‍රී ගැමුණු දහම් පාසල මඟින් සංවිධානය කරනු ලබන බෝධි පූජාවක් ද පැවැත්වේ. එච්.බී. ගයාන් රාජපක්‍ෂ

 

පොසොන් පුර අටවක

පොසොන් පුර අටවක පෝය ජූනි මස 18 වන සිකුරාදා අපරභාග 11.04 ට ලබයි. 19 වන සෙනසුරාදා අපරභාග 08.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 19 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූනි 25 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]