UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධයා රූපවාහිනියේ වෙසක් විශේෂ විකාශය ශ්‍රී සම්බෝධි විහාරයේ සිට මැයි 01 - 28 දක්වා සජීවී ව

කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී සම්බෝධි විහාරයේ හා බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ ප්‍රධාන අනුශාසකයන් වහන්සේ වන සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ, ශ්‍රී සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ හා දායක සභාවේ සභාපති ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ප්‍රධාන පොලිස්පතිතුමා, නාවික හමුදාපතිතුමා, යුද හමුදාපතිතුමා ප්‍රධාන දායක සභාවේ පූර්ණ සංවිධායකත්වයෙන් මැයි මස 01 වන දින පස්වරු 05.00 සිට 06.00 දක්වා කොළඹ, ඩී.එස්. සේනානායක විද්‍යාලයේ අබියස සිට අලි ඇතුන් සහිත දර්ශනීය මල් පෙරහර හා සත්බුදු පූජාව පැවැත්වේ. මාතෘකා පෙළක් ඔස්සේ සවස 06.30 සිට 07.30 දක්වා වෙසක් ධර්ම දේශනා මාලාව මැයි 01 වන දා සිට මැයි 28 වන දා දක්වා පහත සඳහන් පරිදි පැවැත්වේ.

වෙසක් පෝය නිමිත්තෙන් මැයි 1 දා සිට 26 දා දක්වා දිනපතා පස්වරු 06.30 සිට 07.30 දක්වා වෙසක් ධර්ම දේශනා මාලාවේ ඒ ඒ දින සහ මාතෘකාව දේශකයන් වහන්සේ හා දායකත්වය පහත දැක්වේ. මැයි 1 දා මහ සීහනාද සූත්‍රය ඇසුරෙන් දහම් දෙසුම පාතේගම සුමනරතන හිමි දායකත්වය යුද හමුදාව 2 දා බ්‍රහ්මායු සූත්‍රය ඇසුරෙන් මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි දායකත්වය නාවික හමුදාව, 3 දා හේතු සූත්‍රය ඇසුරෙන් පදලංගල ධම්මදේව හිමි දායකත්වය කිරුලපන පොලීසිය, 4 දා ඤාණවත්ථ සූත්‍රය ඇසුරෙන් කහගොල්ලේ සෝමවංශ හිමි දායකත්වය නාරාහේන්පිට පොලීසිය 5 දා පුරිසින්දායඤාණ සූත්‍රය ඇසුරෙන් අදිකාරීගම සන්නසුමන හිමි, දායකත්වය බම්බලපිටිය පොලිසිය, 6 දා තථාගතාධි වචන සූත්‍රය ඇසුරෙන් හබරකඩ ඉන්දරතන නාහිමි දායකත්වය වැල්ලවත්ත පොලීසිය, 7 දා තයෝ ධම්ම සූත්‍රය ඇසුරෙන් ගලිගමුවේ ඤාණදීප හිමි දායකත්වය කුරුඳුවත්ත පොලීසිය, 8 දා නාගින සූත්‍රය ඇසුරෙන් දරණගම කුසලධම්ම හිමි දායකත්වය බොරැල්ල පොලීසිය, 9 දා උපාදාන පරිවත්ත සූත්‍රය ඇසුරෙන් කැටවල හේමාලෝක හිමි දායකත්වය යුද හමුදාව 10 දා පරියේසනා සූත්‍රය ඇසුරෙන් දික්වැල්ලේ උපතිස්ස හිමි දායකත්වය නාවික හමුදාව, 11 දා සීහ සේනාපති සූත්‍රය ඇසුරෙන් අගලකඩ සිරිසුමන හිමි දායකත්වය පිටකොටුව පොලීසිය, 12 දා මහ සකුලුදායි සූත්‍රය ඇසුරෙන් ඉද්දමල්ගොඩ වජිරඤාණ හිමි දායකත්වය කෙසෙල්වත්ත පොලීසිය, 13 දා මාගන්දිය සූත්‍රය ඇසුරෙන් පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි දායකත්වය මරදාන පොලීසිය, 14 දා කීටාගිරි සූත්‍රය ඇසුරෙන් දියසෙන්පුර විමල හිමි, දායකත්වය දෙමටගොඩ පොලීසිය, 15 දා නලකපාන සූත්‍රය ඇසුරෙන් මීතලැවේ විනීත හිමි දායකත්වය ග්‍රෑන්ඩ්පාස් පොලීසිය, 16 දා මාතුම සූත්‍රය ඇසුරෙන් වටගෙදර විමලබුද්ධි හිමි, දායකත්වය කොටහේන පොලීසිය, 17 දා මහාරාහු ලෝවාද සූත්‍රය ඇසුරෙන් වැල්ලම්පිටියේ විනයවංශ හිමි දායකත්වය මෝදර පොලීසිය, 18 දා අභයරාජ සූත්‍රය ලග්ගල කල්‍යාණවංශ හිමි, දායකත්වය කොම්පඤ්ඤවීදිය පොලීසිය, 19 දා විමංසක සූත්‍රය ඇසුරෙන් පූජ්‍ය ඇල්ලේගම පඤ්ඤාසීල හිමි දායකත්වය මාලිගාවත්ත පොලීසිය, 20 දා කෝසම්බිය සූත්‍රය කැලණියේ විපුලඤාණ හිමි දායකත්වය වෙරළබඩ වරාය පොලීය, 21 දා චුල්ල සමාදාන සූත්‍රය ඇසුරෙන් කිරිඔරුවේ ධම්මානන්ද හිමි දායකත්වය කොළඹ අපරාධ කොට්ඨාස පොලීසිය 22 දා මහා අස්සපුර සූත්‍රය ඇසුරෙන් නාථගනේ අග්ගවංශ හිමි දායකත්වය වංචා විමර්ශන කාර්යාංශ පොලීසිය, 23 දා වෙතොඛිල සූත්‍රය ඇසුරෙන් මැදගොඩ අභයතිස්ස හිමි දායකත්වය බස්නාහිර බුද්ධි කොට්ඨාස පොලීසිය, 24 දා භයභේරව සූත්‍රය ඇසුරෙන් දිවියාගහ යසස්සි නා හිමි දායකත්වය පෑලියගොඩ පොලීසිය, 25 දා අච්චරිය අද්භූත සූත්‍රය ඇසුරෙන් කුකුල්පනේ සුදස්සි හිමි දායකත්වය වැලිකඩ පොලීසිය, 26 දා පරිනිබ්බාන සූත්‍රය ඇසුරෙන් දික්වැල්ලේ උපතිස්ස හිමි, දෙහිවල පොලීසියේ දායකත්වයෙන් සිදු කෙරේ. වෙසක් පුන් පොහෝ දින දිය නුමුසු සඳුන් දරින් උඩුවියන් බැඳ පිරිත් දේශනා කරමින් සකස් කරනු ලබන කිරි ආහාර අලි ඇතුන් සහිත දර්ශනීය පෙරහරකින් ග්‍රෙගරි පාරේ. ආර්.පී. සේනානායක මැතිතුමාගේ නිවසේ සිට අලුයම 05.00 ට වැඩම කර වීම. දවල් ව්‍යංජන තිස්දෙකක් සහිත මහා බුද්ධ පූජාව පෙරහරින් වැඩම කරවා පූජා කිරීම හා එහි දායකත්වය කොළඹ 07 හෝටන් පෙදෙසේ පදිංචි ජයතිලක මහතා සහ එම මහත්මිය විසිනි.

වෙසක් පොහෝදින සවස 05.00 ට සත් බුදු රහතන් වහන්සේලා උදෙසා පූජාව වැඩම කරවීම පොලිස්පති මහින්ද බාලසූරිය මහතාගේ නිල නිවසේ සිට සිදු කැරේ.

සියලු පින්කම් වල ප්‍රධාන සංවිධායකත්වය හා සම්බන්ධීකරණය බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී. පතිරණ මහතා හා කොළඹ ප්‍රදේශ භාර නියෝජ්‍ය පොලිස්පති හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවේ.

දායක සභාවේ සභාපති ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ප්‍රධාන පොලිස්පති මහින්ද බාලසූරිය මහතා ප්‍රධාන පොලිස් දෙපාර්තමේන්තුව, යුද, නාවික, ගුවන් යන ආරක්‍ෂක අංශ වල සහභාගීත්වයෙන් අලි ඇතුන්, උඩරට, පහතරට, නැටුම් සහිත දර්ශනීය ශ්‍රී සම්බෝධි මහා පෙරහර මැයි මස 28 වන දින රාත්‍රී 08.00 ට ශ්‍රී සම්බෝධි විහාරයෙන් පිටත්ව විජේරාම මාවත, විද්‍යා මාවත, බෞද්ධාලෝක මාවත, කනත්ත වටරවුම, ග්‍රෙගරි පාර ඔස්සේ ශ්‍රී සම්බෝධි විහාරයට ගමන් කෙරේ.

ධර්ම දේශනා පින්කම් වලට හා වෙසක් දින පින්කම් සියල්ල බෞද්ධයා රූපවාහිනී නාලිකාවෙන් සජීවීව විකාශනය කෙරේ.

අධි වෙසක් පුර පසළොස්වක

අධි වෙසක් පුර පසළොස්වක අප්‍රේල් 27 වන දා අඟහරුවාදා අපරභාග 07.53 ට ලබයි.
28 වන දා බදාදා අපර භාග 05.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 28 වන දා බදාදාය.

මීළඟ පෝය
මැයි මස 06 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]