UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 25 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය


ශ්‍රී රෝහණ උපෝසථාගාරය

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ
මහා නායක අත්තුඩාවේ

සිරි රාහුල මහ නා හිමි

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 19 වැනි උපසම්පදා වාරය මෙම උපෝසථාගාරයේ පැවැත් වූ ප්‍රථම උපසම්පදා මහෝත්සවය ලෙස 2004 දී මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. මෙම 2010 වසරේ රන්දූපතේ දී පැවැත්වෙනුයේ රෝහණ පාර්ශ්වයේ 25 වැනි උපසම්පදා පුණ්‍ය මහෝත්සවයයි. මෙම විශේෂ වැදගත් අවස්ථාවේ දී ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 25 වැනි රජත ජයන්තිය 2600 සම්බුද්ධ ජයන්තිය ද නිමිතිකර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට මේ වන විට සියලු විධිවිධාන යොදා තිබේ. මැයි මස 01,02 හා 03 යන තෙදින පුරා 25 වැනි උපසම්පදා පුණ්‍ය මහෝත්සවය පැවැත්වේ. අපේ‍්‍රල් මස 24,25 හා 26 යන තෙදින තුළ තිහගොඩ ඌරාපොළ සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථානයේදී භික්ෂූ විනය හා උපසම්පදාව හා සම්බන්ධව නේවාසික වැඩමුළුවක් හා එම වැඩමුළුව අවසානයේ තදනුබද්ධ ධර්ම විෂය ඥාන පරීක්‍ෂණයක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි.


ශ්‍රී රෝහණ පාර්ශ්වයේ නිර්මාතෘ,

පුරාවිද්‍යා චක්‍රවර්ති, මහාචාර්ය

කඹුරුපිටියේ වනරතන මහ නා හිමි

එසේම ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 25 වැනි රජත ජයන්තිය සැමරීම් වස් “ ශ්‍රී රෝහණ ප්‍රතිභා “ නමින් විශේෂ රජත ජයන්ති ශාස්ත්‍රීය සංග්‍රහයක් එළිදැක්වීමද, රෝහණ පාර්ශ්වයේ නිල ප්‍රකාශනය වන “ ශ්‍රී රෝහණ “ පුවත්පතේ රජත ජයන්ති සංවත්සර කලාපය නිකුත් කිරීමද සිදුකෙරේ. තවද ශ්‍රී රෝහණ පාර්ශ්වයේ නිර්මාතෘවර පුරාවිද්‍යා චක්‍රවර්ති මහාචාර්ය අතිපූජ්‍ය කඹුරුපිටියේ ශ්‍රී වනරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙනුවෙන් ගුණසමරු වැඩ සටහන් රැසක් ද ක්‍රියාත්මක කෙරෙනු ඇත. එසේම රජත ජයන්තිය සමරා දේශීය හා විදේශීය වශයෙන් විශේෂ සේවාවන් සිදු කළ ගිහි පැවිදි විද්වතුන් කිහිප දෙනෙකුට විශේෂ ගෞරව නාම සම්මුතීන් පිරිනැමීමටද තීරණය කොට තිබේ.

රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය අත්තුඩාවේ සිරි රාහුල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා මහාචාර්ය ගතාරේ ධම්මපාල කැකුණේවෙල ශ්‍රී පියරතන යන අනුනාහිමිවරුන්ගේත්, ප්‍රධාන අධිකරණ සංඝනායක ගොම්බද්දල ශ්‍රී නන්දාරාම, ඌරුමුත්තේ ශ්‍රී සෝමරතන, මොදරවානේ සිද්ධත්ථ දිවියාගහ ගුණානන්ද, අගලබඩ පියසිරි, දෙද්දුවාල ආනන්ද වේපතඉර සෝමාලෝක, නාරන්දෙණියේ ධම්මාවාස කථිකාචාර්ය වීරපානේ ජිනරතන යනාදී විධායක කාරක සභික ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේත් මූලික මෙහෙයවීම මත ශ්‍රී රෝහණ පාර්ශ්වීය කාරක මහා සංඝ සභාවේ සහභාගිත්වයෙන් 25 වැනි උපසම්පදා පුණ්‍ය මහෝත්සවය සිදු කෙරේ.


ශ්‍රී රෝහණ උපෝසථාගාරය

පූර්ණ රාජ්‍ය අනුග්‍රාහකත්වය මත ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරි , අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ශාස්ත්‍රපති ඕමාරේ කස්සප, රන්දූපත උපෝසථාගාර විහාරාධිකාරි, බෙංගමුවේ විමල යන හිමිවරුන් ගේ් අධීක්ෂණයෙන් ශ්‍රී රෝහණ පාර්ශ්වීය තරුණ භික්ෂු සංවිධානය හා දායක සභාව සියලු කටයුතු සංවිධානය කරති.

 

අධි වෙසක් පුර පසළොස්වක

අධි වෙසක් පුර පසළොස්වක අප්‍රේල් 27 වන දා අඟහරුවාදා අපරභාග 07.53 ට ලබයි.
28 වන දා බදාදා අපර භාග 05.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 28 වන දා බදාදාය.

මීළඟ පෝය
මැයි මස 06 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]