UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - කසළ ගොඩෙන් රජගෙදරට මෙය බුද්ධ කාලීන පුද්ගලයෙකු හැඳින්වීම සඳහා යෙදූ වැකියකි. මේ තැනැත්තාගේ නම කුමක්ද?

පිළිතුර - ජීවක කොමාරභච්ච රජකුමාර සැපෙන් වැඩුණු - ජීවක වෙදැදුරුතුමා

ප්‍රශ්නය - අගසව් තනතුරු සැරියුත් හා මුගලන් මහරහතන් වහන්සේලා ලැබූ අතර ශාසනික වංස කථාවේ තුන්වන ශ්‍රාවකයාණන් වහන්සේ වූයේ කවුරුන්ද?

පිළිතුර - මහා කාශ්‍යප මහරහතන් වහන්සේ

ප්‍රශ්නය - ස්ථූප හෙවත් දාගැබ් ආකෘති 06 කි. මෙම ආකෘති අතරින් කැලණි ස්ථූපය හා අනුරාධපුර ස්වර්ණමාලී මහාථූපය කුමන ආකෘතියකට අයත් වන්නේද?

පිළිතුර - කැලණි ස්ථුපය - ධාන්‍යාකර ආකෘතියෙන් යුක්තවන අතර අනුරාධපුර ස්වර්ණමාලී ස්ථූපය බුබ්බුලාකාර (දිය බුබුලක) ආකෘතියට අයත් වේ.

ප්‍රශ්නය - අනුරාධපුර මහාවිහාර සීමාවෙහිත් අභයගිරි විහාර සීමාවෙහිත් භික්ෂූන් වහන්සේගේ උපෝෂථ කර්මය (පොහොය කිරීම) සඳහා ඉදිකරන ලද ගොඩනැගිලි දෙක සුවිශේෂ නාමයකින් හඳුන්වයි. ඒ නම මොනවාද?

පිළිතුර - මහාවිහාර ලෝහ ප්‍රාසාද (ලෝවා මහාපාය) අභයගිරියෙහි ‘රත්නප්‍රාසාද’ යන නම්වලින් මෙම ගොඩනැගිලි හඳුන්වා ඇත.

ප්‍රශ්නය - පුද්ගල ජීවිතයක උන්නතිය (අභිවෘද්ධිය) සඳහා ආශ්‍රය නිශ්‍රය උපනිශ්‍රය ඉතා අත්‍යවශ්‍ය ය. මේ සඳහා පුද්ගලයෝ සිව් දෙනෙක් හඳුන්වා දී ඇත. නාමිකව සඳහන් කරන්න.

පිළිතුර - උපකාර මිත්‍රය සමාන සුඛදුක්ඛ මිත්‍රයා අත්ථක්ඛායි මිත්‍රයා අනුකම්පක මිත්‍රයා.

ප්‍රශ්නය - දානය පුණ්‍ය ක්‍රියාවකි. මහත්ඵල මහා ආනිසංස ලැබීමට කරුණු තුනක් හේතු වෙයි. එම කරුණු තුන මොනවාද?

පිළිතුර - පසන්ත චෙතසා - පිරිසුදු සිත, ධාර්මික වස්තුව, සිල්වත් ප්‍රතිග්‍රාහක (පිළිගන්නා වූ) යන් වහන්සේ.

ප්‍රශ්නය - මිනිස් සමාජය ශිෂ්ඨ සම්පන්න සංවිධානයක් පැවත්මට නම් මෙම සතර ධර්මයන් මිනිස් සිත් සතන් තුළ ක්‍රියාකාරී විය යුතුය. සමාජ පි‍්‍රයමනාප තැනක් වීමට මෙම දහම මිනිස් සිතෙහි තැන්පත් විය යුතුය. මේ සතර ධර්මයන් මොනවාද?

පිළිතුර - සිව්බඹ විහරණ නමින් මෙන්ම සතර බ්‍රහ්ම විහාර යන ව්‍යවහාරයෙන්ද භාවිතවන මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන සතරයි.

ප්‍රශ්නය -එතෙ ඛො සංගහාලොකෙ රථස්සාණීව යායතො

සමාජ රථය නො පෙරළී ඉදිරියට ගමන් කිරීමට නම් ‘සංග්‍රහ’ වස්තු නැමැති කඩ ඇණය නැතිව නොහැකිය. සමාජ පැවැත්මට සැමවිටම අනුබල දෙන සතර සංග්‍රහ වස්තු මොනවාද?

පිළිතුර - දානය , පි‍්‍රය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව එම සතර සංග්‍රහ වස්තුවට අයත් වේ.

ප්‍රශ්නය - අභිධ්‍යාව සම්පූර්ණවීමට අංග දෙකක් අවශ්‍ය බව ධර්මයෙහි සඳහන් වෙයි. එම අංග දෙක මොනවාද?

පිළිතුර - 1. අන්සතු වස්තුවක් වීම, 2. එය තමා සතු වේවායැයි ප්‍රාර්ථනා කිරීම.

ප්‍රශ්නය - සියලු සිත්වල පොදුවේ යෙදෙන ‘සබ්බ චිත්ත සාධාරණ චෛතසික’ මොනවාද?

පිළිතුර - ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, ඒකග්ගතා, ජීවිතින්ද්‍රිය

ප්‍රශ්නය - ඉන්ද්‍රිය සංවර සීලය පැහැදිලි කරන්න

පිළිතුර - චක්‍ෂූරාදී ඉන්ද්‍රියන් ඔස්සේ පාප චේතනා පහළ නොවන පරිදි හික්මීම, ඉන්ද්‍රිය සංවර සීලයයි.

ප්‍රශ්නය - පාරමිතා සම්පූර්ණ කිරීමට අතිශයින් උපකාර වන බැවින් මේ කරුණු සතර ‘බුද්ධ භූ®මි’ නම් වේ. මේ කරුණු සතර නාමිකව සඳහන් කරන්න.

පිළිතුර - උත්සාහය - දානාදී පුණ්‍ය ක්‍රියා කෙරෙහි නොපසුබට උත්සාහය
උම්මග්ගය - තියුණු ප්‍රඥාව
අවත්ථානය - පිළිවෙත් ගරුක බව
හිත චරියාය - සකල සත් වර්ගය කෙරෙහි මෛත්‍රීය හා කරුණාව දැක්වීමයි. බුදුවීම සඳහා පින් රැස් කළ යුතුය. බුද්ධභූ®මි අවස්ථා සම්පූර්ණ නොකළ අයෙකුට පාරමිතා සම්පූර්ණ කළ නොහැකිය.

ප්‍රශ්නය - ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ ප්‍රථමකොට බුදුබව පැතීම ‘අභිනීහාර ‘ නම් වේ. බුද්ධත්වය පිණිස කරන අභිනීහාරය අංග අටකින් යුක්ත විය යුතුය. මෙම අංග අට මොනවාද?

පිළිතුර - මනුස්සත්තං ලිංග සම්පත්ති හෙතු සත්ථාර දස්සනං

පබ්බජ්ජා ගුණ සම්පත්ති අධිකාරොච ඡන්දතා
අට්ඨධම්ම සමොධානා අභිනීහාරො සමිජ්ඣති

1. මිනිසත් බව
2. පිරිමිබව
3. පෙරපින් ඇතිබව
4. ලොව්තුරා බුදුවරයෙකු හමුවීම
5. පැවිදි බව
6. ධ්‍යානාදී ගුණවත් බව
7. අධිකවූ පරිත්‍යාගය
8. (ඡන්දතා) බුදුවීම සඳහා බලවත් ඕනෑකම

ප්‍රශ්නය - පෙර භවයක කෝකිලයෙක්ව විපස්සී බුදුරජාණන් වහන්සේට මිහිරි අඹඵලයක් පිදු පිනින් මිහිරි කටහඬ ඇතිවිය. ගෞතම බුදු හිමියන් වෙතින් පෙර කළ මහ පිනින් භික්ෂූන් අතරින් මධුරස්වර ඇති දේශකයාණන් වශයෙන් අගතනතුරු ලැබූ ශ්‍රාවකයාණන් වහන්සේගේ් නම කුමක්ද?

පිළිතුර - භද්දිය මහරහතන්වහන්සේ.

ප්‍රශ්නය - චුල්ලපන්ථක මහරහතන් වහන්සේ ලැබූ අගතනතුරු කුමක්ද?

පිළිතුර - මනෝමය කාය නිර්මාණ කරන්නා වූ භික්ෂූන් අතරෙන් අග්‍රස්ථානය හා රූපධ්‍යානලාභී භික්ෂූන් අතරෙන්ද අගතනතුරු ලැබූහ.

ප්‍රශ්නය - සෝවාන් ඵලය ලබනවිටම ආර්ය ශ්‍රාවක තමන් සසර බැඳ තබන සංයෝජන හෙවත් බන්ධන තුනක් සිඳ දමයි. ඒ මොනවාද?

පිළිතුර - සංයෝජන තුනකි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස

ප්‍රශ්නය - නිවන් පසක් කරගනු කැමැති අයකු විසින් තමා විසින් ඇතිකරගත යුතු බල ධර්මයෝ පසෙකි. ඒ මොනවාද?

පිළිතුර - සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, පඤ්ඤා බලය,

ප්‍රශ්නය - පුහුදුන් සිතක විෂයපථයට ගොදුරු නොවන්නා වූ විෂයයන් හතරක් ධර්මයෙහි සඳහන් වෙයි. ඒ මොනවාද?

පිළිතුර - බුද්ධ විෂය, සෘද්ධි විෂය, කර්ම විෂය, ලෝක විෂය

ප්‍රශ්නය - ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයට ග්‍රන්ථ කීයක් ඇතුළත් වේද? නාමිකව සඳහන් කරන්න.

පිළිතුර - දීඝ නිකාය - මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය, ඛුද්දක නිකාය.

ප්‍රශ්නය - බෞද්ධ ජීවන පිළිවෙතින් බැහැර විය යුතු වෙළඳාම් පහකි. එනම් සත්ව වෙළඳාම, ආයුධ වෙළඳාම, මස් පිණිස සතුන් වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම, වසවිෂ වෙළඳාම, මෙම අධාර්මික වෙළඳාම් පහෙන් වෙන් වූ ජීවන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ඇතුලත්වන අංගය කුමක්ද?

පිළිතුර - පුද්ගලයෙකු නොකළ යුතු මේ වෙළඳාමෙන් වෙන් වූ විට සම්මා ආජීවය. පිළිවෙත ඔහු අනුගමනය කරනු ඇත.

ප්‍රශ්නය - බටහිර සිරිත් විරිත් හා ඉංගී‍්‍රසි භාෂාව ගරුත්වයෙන් පිළිගත් සමාජය ශ්‍රී ලාංකේය පෙර සිරිත් සඳහා උද්‍යෝගිමත් කළ 19 වන සියවසේ ජීවත් වූ අනගාරික ධර්මපාල තුමා හා සමකාලීනව සිටි ජාතික වීරවරයා කවුද?

පිළිතුර -වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමා

අධි වෙසක් පුර අටවක

අධි වෙසක් පුර අටවක අප්‍රේල් 21 වන දා අපර භාග 12.46 ට ලබයි.
22 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 21 වන දා බදාදා ය.

 මීළඟ පෝය
අප්‍රේල් 28 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 21

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]