UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මිය ගිය අයට පින් දී හිතේ දුක දුරලමු

‘පේත වත්ථු’ කතා මාලාව - 3 කොටස

දික් වු සසර පුරා තමාට පියා නොවු මව නොවු බිරිය නොවු සැමියා නොවු සහෝදර සහෝදරිය නොවූ දරු නොවු ඥාති නොවූ කිසිවෙක් නොමැති බවද දේශනාවෙහි ඇත. එවන් සසරක තම ඥාතියකු හෝ මිත්‍රයකු වූ කිසියම් කෙනෙක් පරදත්තුපජීවී පේ‍්‍රත ලොව නොසිටිය නොහැකි ය.එහෙයින් තමා පිනක් කළ හැමවිටම මළගිය ඇත්තන්ට පින් දීම සුදුසු වේ.

ප්‍රේතයෝ යනු මුළුමනින්ම සැපයෙන් පහව ගියෝ ය. “ පකඨෙන සුඛතො ඉතා ගතාති =පෙතා “ මෙම ප්‍රෙතයෝ, සිරුර තුළ දැල්වුනු ගිනිදැලෙන් දැවෙන සිරුරු ඇති නිජඣාමතණහික ප්‍රේතයෝය. මලමු සෙම් සොටු පමණකුත් නොලබා , බුද්ධාන්තර ගණන් සා පිපාසා දෙකින් පෙළෙන ඛුප්පිපාසික “ පේ‍්‍රතයෝය. පස්ගොඩ කුණුගොඩ අසූචිවල කඳු බෑවුම් ආදි අපිරිසුදු තැන්හි උපදින ගැවසෙන “ පංසු පිසාචක “ පේ‍්‍රතයෝය. අන්හු දෙන දෙයින් (පිනෙන්) ජීවත්වන “පරදත්තුපජීවික “ පේ‍්‍රතයෝය. සඳ හිරු එළියක් යන්තම් හෝ නොලබා තද ගණඳුරෙන් වැසුණු, අතරක් නැති තද සීතලෙන් පෙළෙන උන්ගේම සිරුර සිඳ බිඳ හූරා දමන සා දුකින් පෙළෙන “ කාලකඤජ “ පේ‍්‍රතයෝය. තුන් ගවු පමණ උස් වු සිවියෙන් සමින් නහරෙන් පමණක් වැසුණු ලේ මස් නැති ඇටසැකිලි දරණ “අටඨසංඛලික “ පේ‍්‍රතයෝය හා ඇට නහර වැසු සම පමණකුත් ඇති කුණු වූ මස් ගොඩක් වැනි සිරුරු ඇති “ මංසපිණ්ඩිත “ පේ‍්‍රතයෝ යැයි පේ‍්‍රතයෝ විවිධ වෙති. මොවු නතුරෙන් “ පරදත්තුපජීවක “ පේ‍්‍රතයන් හට පමණක් දෙන පින් අනුමෝදන්ව එවේලෙහිම දුකින් මිදිය හැකි බව සඳහන් වේ. අන් සියල්ලෝ කළ කර්මයෙහි විපාක විඳිනතුරු ගැළවීමක් නොවේ. එහෙයින් මළගිය ඇත්තන් වෙනුවෙන් දන් දී පින් අනුමෝදන් කරවිය හැක. දික් වු සසර පුරා තමාට පියා නොවු මව නොවු බිරිය නොවු සැමියා නොවු සහෝදර සහෝදරිය නොවූ දරු නොවු ඥාති නොවූ කිසිවෙක් නොමැති බවද දේශනාවෙහි ඇත. එවන් සසරක තම ඥාතියකු හෝ මිත්‍රයකු වූ කිසියම් කෙනෙක් පරදත්තුපජීවී පේ‍්‍රත ලොව නොසිටිය නොහැකි ය.එහෙයින් තමා පිනක් කළ හැමවිටම මළගිය ඇත්තන්ට පින් දීම සුදුසු වේ. එවැන්නෙක් නොමැතිවූ යේ නම් ඒ කළ පින තමාට සැප පිණිස හේතු වේ. දෙසිතක එකම සිතිවිල්ලක් මතුවීම පින් අනුමෝදන්වීමයි. බිම්බිසාර මහරජ රාත්‍රියෙහි ඇසු ශබ්ද පහදා දුන් බුදුරජාණන් වහන්සේ ඒ අනුව පිරිකර සහිත දන් දී තම ඥාතීන් එකෙනෙහිම සුවපත් වු කතා ප්‍රවෘත්තියෙන් එකෙනෙහිම ඔවුන් පින් අනුමෝදන් වන බවට සාධක ලෙස දැක්විය හැක. මෙවැනි කතා පේත වස්තු පාලියෙහි බොහෝ ඇත.

ඪම තවද මෙම දේශනාවෙහි දෙවිවරුන් ගැන ද කියැවේ. දීඝනිකායේ එන සක්ක පඤචහ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ හමුවන ශක්‍රදේවේන්ද්‍රයෝ තව්තිසා දෙව්ලොව බුදුරජාණන් වහන්සේ සරණගිය සම්‍යක් දෘෂ්ටික දෙව්වරුන් මෙන්ම මිථ්‍යාදෘෂ්ටික (වෙනත් ආගම් අනුව දන් දී සිල් රැක යහපත් ජීවන ගත කර දෙව්ලොව ප්‍රාර්ථනා කළ ඇත්තෝ ) දෙව්වරුද සිටින බව කියයි. සම්‍යක්දෘෂ්ටික දෙවියෝ වර්ණයෙන් ද පැහැයෙන් ද අනෙකුත් දෙවිවරු පරදවා මහ විමන්හි දීප්තියෙන් සිටින බව එහි කියවෙමි. චාතුර්මහාරාජිකා ආදි දිව්‍ය ලෝක වල දෙව්ලොව සම්‍යක් දෘෂ්ටික දෙව්වරු මෙන්ම බුදුරජාණන් වහන්සේගේ දහමට විරුද්ධකම් පාන මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුද සිටින බව යක්‍ෂයනට අධිපති කුවේර නොහොත් වෛශ්‍රවණ දෙවියෝ දීඝනිකායේ ආටානාඨිය සූත්‍ර දේශනාවේ දී බුදුරජාණන් වහන්සේට දන්වා සිටියි. එසේම අංගුත්තර නිකායේ එන නන්දමාතා සූත්‍රයේදී මිහිරි හඩින් (ශබ්ද නගා බුදුගුණ ගැයුු සකෘදාගාමී ඵලසම්පන්න නන්ද මාතාහට වෙසමුනි (වෛශ්‍රවන ) දෙවියෝ දන් දී දෙවියන් වු අපට ද පින් අනුමෝදන් කරවන ලෙස ඉල්ලාසිටි අවස්ථාවක් ඇත. තවද සුත්ත නිපාතයේ එන පරිදි වරක් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ සත් දිනකින් පසු නිරෝධ සම්පත්තියෙන් නැගී සිට පිණ්ඩපාතය වඩින අවස්ථාවක් දුටු ශක්‍ර දේවෙන්ද්‍රයෝ මිනිස් වෙසක් ගෙන වීථියක සිට දන් පිළිගන්වා පින් බලාපොරොත්තු වූ කතා වස්තුවක් ඇත.

මේ සියලු කාරණා තුළ දෙවියෝ සිටිති. දෙවියෝ පින් කැමැත්තෝය. දෙවියන්ට පින් දිය හැක යන ධර්මතාවයක් සනාථවෙති. එසේම මෙම “පීට්ඨධීතලිකා “ පේ‍්‍රත වස්තුවේ සඳහන් පරිදි, චාතුර්මහාරාජික දෙව්ලොවට අධිපති සතර වරම් දෙවියෝ සම්‍යක් දෘෂ්ටික දේව ඇත්තන් බවත් ඔවුන් සියල්ලෝ මේ මිනිස් ලොව ඇතුළු ලොව සුරකින ලෝකපාලක දෙවිවරුන් බවත් කියවෙති. එනිසා අපි දන් දී හෝ වෙනත් ඕනෑම පිනක් කුසලයක් කළ තැන්හි මේ සතරවරම් දෙවිවරුන් වන වෛශ්‍රවණ ධූතරාෂ්ට විරූඪ හා විරූපාක්‍ෂ යන දෙවියන්හටද පින් අනුමෝදන් කරවීම නිෂ්ඵල නොවන බවට තේරුම් ගැනීම සුදුසු ය.

ම තවද මේ කතා වස්තුව තුළ කෙනෙක් මිය ගිය පසු හැඬීම වැළපීම ශෝකවීම හෝ පපුවෙහි අත් ගසා විළාපදීම හෝ නොකළයුතු බවත් ඒ කිසිවකින් මළගිය ඇත්තාට කිසිම ප්‍රයෝජනයක් නොලබන බවත් දේශනා කරන්නේය. එහෙත් අඥාන වූවෝ තවමත් එසේ කරන පවද සඳහන් වේ. එහෙයින් මළවුන් ඉදිරියේ තමාගේ ඇති සම්බන්ධතාවය කෙතරම් වුවත් අනිත්‍ය තාවය නම් වු ධර්ම සංවේගය උපදවා සිටීම කුසලයක් ද වන බවට අර්ථ ගැන්වේ.

මඪ එමෙන්ම නිවන් පතාම දන්දීම සුදුසු බවත් ඒ සඳහා යහපත්ව උපයාගත් දෙය කර්මඵල විශ්වාස කොට ආර්ය මහා සංඝ රත්නයටම දීම මහත්ඵල මහානිසංස වන බවත් කියවේ. දීමෙහි ආනිශංස වඩාත් වැඩිවන්නේ සිල්වත් බවින් යුතු උතුමන්ටම දීමෙන්ය. දුගී මගී යාචක හා තිරිසන් ආදින්ට ද දීම පින් සහිත වේ. එහෙත් වඩාත් ප්‍රතිඵල වුයේ පින් කෙත් වු ආර්ය වු සංඝයා වහන්සේටම දීමෙන් ය. අද ද අප භික්‍ෂූ සාසනය නියෝජනය වන්නේ එදා ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ සැරියුත් මුගලන් අනුරුද්ධ ආනන්ද මහා සඟ පරපුය. එනිසා දැනුදු පුජා බුද්ධියෙන්ම මහා සංඝයා වහන්සේටම දන් දී මහත් පින් ලබා දෙවියන් මෙන්ම මළගිය ඇත්තන්ට ද පින් අනුමෝදන් කරවීම නිෂ්පල නොවේ.

(පේතවත්‍ථුවෙහි පිට්ඨධීතලික පේ‍්‍රත වස්තුව ඇසුරෙනි )

අධි වෙසක් පුර අටවක

අධි වෙසක් පුර අටවක අප්‍රේල් 21 වන දා අපර භාග 12.46 ට ලබයි.
22 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 21 වන දා බදාදා ය.

 මීළඟ පෝය
අප්‍රේල් 28 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 21

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]