UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

බද්දේගම පිලගොඩ පූර්වාරාමාධිපතිව වැඩ විසූ රාජකීය පණ්ඩිත පරදුව පදුමජෝති නා හිමියන් අපවත් වී වසර 20 ක් පිරීම නිමිත්තෙන් පිලගොඩ පූර්වාරාමයේ දී පින්කම් මාලාවක් පැවැත්විණි. එහිදී සමීර මධුසංඛ ජයසේකර දරුවා රම්මලේ මෛත්‍රී මූර්ති නමින් ද, හසිත මධුෂාන් දරුවා මන්ඩකන්දේ ධම්මමූර්ති නමින්ද පැවිදි බිමට පත් වූහ. ගාල්ල ඇත්තිලිගොඩ නිනේන්ද්‍රාරාමාධිපති හීනටිගල පියනන්ද නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා ශාස්ත්‍රපති ලේල්වල සුමේධ හිමියන් හා දිවිතුරේ ධම්මපාල යන හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් මේ පැවිදි පින්කම සිදු කෙරිණි.

කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් පවත්වන ලද ධම්ම අභිධම්ම විභාගයට පොල්ගහවෙල හතලිස්පහුව ශ්‍රී සුමනසාර දහම් පාසලින් පළමුවරට ඉදිරිපත්ව සම්මාන සාමාර්ථ ලබාගැනීමට සමත්වූ ප්‍රසංසා චාමලි රාජකරුණා, මධුශිකා ශ්‍රීමාලි රත්නායක, විශ්වනාත් තෙන්නකෝන්, නිමේෂ විජේසිංහ යන දරු දැරියන් ආචාර්ය මණ්ඩලය සමඟ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

මහාවිහාර පුන් පොහොය වැඩසටහනට වසරක් පිරීම නිමිත්තෙන් එම පොහොය වැඩසටහනේ නිර්මාතෘ අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ට පොහොය වැඩසටහනට සහභාගිවන උවසු උවැසියෝ උපහාර දැක්වූහ. අනුරාධපුර ජයශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැති එම උපහාර උළෙලේදී උපාලි ගුණරත්න මහතා විසින් නාහිමියන්ට උපහාර තිළිණය ප්‍රදානය කැරිණි. මහාවිහාර පොහොය වැඩසටහනේ උපදේශක රෝහිත විජයතිලක මහතා ද එම උළෙලට සහභාගි විය.

 
අධි වෙසක් පුර අටවක

අධි වෙසක් පුර අටවක අප්‍රේල් 21 වන දා අපර භාග 12.46 ට ලබයි.
22 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 21 වන දා බදාදා ය.

 මීළඟ පෝය
අප්‍රේල් 28 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 21

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]