ලොව වටා පින්කම් මාලාවක් බෙල්ලන්විල රජමහා විහාරයේ දී
ඇරැඹේ
රාජ්‍ය සම්මාන දිනූ විද්‍යා ලේඛකයෙකු හා තාරකා
විද්‍යාඥයෙකු වන අනුර සී. පෙරේරා මහතා විසින් මුළු ලොවේම
ආශීර්වාදය තම මව්බිම කරා යොමුකර වීමටත්, එමෙන්ම තෙමසකට පෙර
අභාවප්‍රාප්ත ආදරණීය බිරිය වූ චන්ද්‍රා (ඉන්දු) පෙරේරා
මහත්මියට පින් පැමිණවීම පිණිසත්, ලෝකය පුරා රටවල් රැසක
බෞද්ධ සිද්ධස්ථාන සියයකට පූජා කිරීම සඳහා සකස් කළ ‘දහම්
පඬුරු’ සියයේ පළමුවැන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
කුලපති, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණන්
විසින් හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා
වෙත භාරදුන් අවස්ථාවයි මේ.
ඉතිරිය»
භාරතීය ශ්‍රමණ සම්ප්‍රදාය සහ
ෂට් ශාස්තෘවරු
ක්‍රි.පූ. 6 - 7 ශත වර්ෂයේ දී භාරතයේ නව පිබිදීමක් ලැබූ සම්ප්‍රදායක්
ලෙස ශ්‍රමණ සම්ප්‍රදාය හැඳින්විය හැකිය. ‘ශ්‍රමණ’ යනු යහ සම්ප්‍රදායේ
උත්සාහ දරන්නා, පරිශ්‍රමයේ යෙදෙන්නා යනුවෙන් අර්ථ දක්වා ඇත. එම
සම්ප්‍රදායේ මුඛ්‍ය පරමාර්ථය වූයේ අධ්‍යාත්මික ප්‍රබෝධය ළඟා කර ගැනීමය.
මේ නිසාම ශ්‍රමණයෝ ලෞකික සැප සම්පතට වඩා අධ්‍යාත්මික සංවර්ධනයට මුල්තැන
දී සිය සම්ප්‍රදාය පවත්වාගෙන ගිය හ. එකල භාරතය පුරා පැතිරී තිබූ
බ්‍රාහ්මණ සම්ප්‍රදාය නිසා සිදු වූ ආගමික ඒකාධිකාරයට විරුද්ධව
ක්‍රියාත්මක වීම මෙහි විශේෂ ලක්ෂණයකි. ලෞකික පූජාවන්ට මුල්තැන දෙමින්
දැඩි නීතිරීති පැනවීම තුළින් තම ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ක්‍රියාත්මක වූ
බ්‍රාහ්මණ සම්ප්‍රදායට මෙය තදබල ලෙස බලපෑවේය. තාපස චර්යාවන් ද යෝග
භාවනා විෂයෙහි කැපවීම ද ශ්‍රමණ සම්ප්‍රදායට උරුම වූවක් විය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සැප ගෙන දෙන
මෙත් සිත
මෛත්‍රී සිතක් පහළ කර ගැනීම කෙනෙකුට කළ හැකි නම් එහි ආනිශංස රැසක්
තියනවා.
මෙත්තානිසංස සූත්‍රයේ ඒ බැව් දක්වා තිබෙනවා.
එදිනෙදා ජීවිතයේ කටයුතු පවා හොඳීන් කර ගෙන යෑමට ,
ශරීරයේ පැහැපත් බව වැඩිවීමට මෙත් වැඩීම උපකාරී වෙනවා. අනුන් රැවටීමෙන්
හෝ මුළා කිරීම වැනි කපටි සිතිවිලි ඇතිව මෛත්‍රිය තිබෙන මෙන්
ඇඟ වීමෙන් වන හානිය විශාලයි. ඒ නිසා හැම කෙනෙක්ම හැකි
පමණින් මෙත් සිතිවිලි
උපදවා ගෙන කටයුතු කළොත්,
දෙලොවම යහපත් කර ගැනීමට හැකි වෙනවා.
ඉතිරිය»
|