UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - ප්‍රතිසන්ධියක් , පුනර්භවයක් ඇතිවීමට හේතු කිහිපයක් ඇති බව පෙල දහමෙහි සඳහන් වෙයි. එය නාමික වශයෙන් සඳහන් කරන්න.

පිළිතුර- අවිද්‍යාව, සංස්කාර, තෘෂ්ණාව, උපාදාන, චේතනාව.

ප්‍රශ්නය - භව පච්චයා ජාති. භවය හේතු ප්‍රත්‍යකොට ගෙන ජාති ඇති වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර - නිවැරැදිව සරලව කිවහොත් ‘ඛන්ධානං පාතුභාවො’ සඳහන් පරිදි ජාති නම් පංචස්ඛන්ධයේ පහළ වීමයි. ජාතියෙහි (පංචස්ඛන්ධයෙහි) අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ ජරා - මරණයයි.

ප්‍රශ්නය - තණ්හා පච්චයා උපාදානං’ තෘෂ්ණාව හේතුකොට ගෙන උපාදාන හෙවත් දැඩිකොට අල්වාගැනීම ඇතිවෙයි. උපාදාන වර්ග හතරක් ධර්මයෙහි සදහන් වේ. ඒ මොනවාද?

පිළිතුර - කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අන්තවාද උපාදාන.

ප්‍රශ්නය - දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට ගිය ආනන්ද හිමියන්, භාග්‍යවතුන් වහන්ස, වන්දනා කළ හැකි චෙතිය වර්ග කීයක් ඔබ වහන්සේ විසින් අනුමත කරනු ලැබේදැයි විචාළහ. ඊට බුදුරජාණන් වහන්සේ වෙතින් ලැබුණ පිළිතුර කුමක්ද?

පිළිතුර -ආනන්ද, චෙතිය වර්ග තුනක් තිබේ. එනම් ශරීර කොට්ඨාස අන්තර්ගත වන ‘ශාරීරික චේතිය පාවිච්චි කළ උපකරණ ඇතුලත් වන පාරිභෝගික චෙතිය හා බුදුරජාණන්වහන්සේ සිහිපත් කරවන උද්දේසික චෙතිය වශයෙනි.

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ විසින් ආනන්ද හිමියන් කරුණු පහකින් තම ශ්‍රාවකයන් අතරෙන් අගතැන් තැබූහ. එම අගතනතුරු මොනවාද?

පිළිතුර- 1. බහුශ්‍රැතයන් අතර අග තනතුර (බහුස්සුත මන්ත)
2. සිහි ඇත්තන් අතර අග තනතුර (සති මන්ත)
3. මනා පැවතුම් ඇත්තන් අතර අග තනතුර (ගතිමන්ත)
4. ස්ථාවරත්වය ඇත්තන් අතර අග තනතුර (ධිතිමන්ත)
5. උස්ථායකයන් අතර අග තනතුර (උපට්ඨාමන්ත)

ප්‍රශ්නය - සාරිපුත්ත හිමියන් රහත් ඵලයට පත්වූයේ කුමන සුවිශේෂ අවස්ථාවකදී ද?

පිළිතුර - ‘දීඝනඛ’ නම් සංචාරක පැවිද්දෙකුට බුදුන් වහන්සේ ‘වේදනා පරිග්ගහ සූත්‍ර දේශනාව අසා සිටි සැරියුත් හිමියන් රහත් වූහ.

ප්‍රශ්නය - හේතුවකින් හටගන්නා ධර්මවල හේතුව තථාගතයන් වහන්සේ පහදති. ඒවා යේ නිරෝධයද දේශනා කරති. මහා ශ්‍රමණයන් වහන්සේගේ ධර්මය එයයි. මේ ප්‍රකාශය කවුරුන් විසින් කාහට කියන ලද්දක්ද?

පිළිතුර - අස්සජි මහරහතන් වහන්සේ විසින් උපතිස්ස පිරිවැජියාට දෙසන ලද්දකි.

ප්‍රශ්නය - බුදු දහමට අනුව සියලු දෙනාම ගිහිගෙය හැරදමා පැවිදි ජීවිතයක් ගත කළයුතු යැයි නියමයක් නැත. ගිහියන් වශයෙන්ද ධර්මානුකුªලව උසස් ජීවිතයක් ගතකර විමුක්ති සුවය ලබා ගන්නට බාධාවක් නැත. නිදසුනක් දක්වන්න.

පිළිතුර - යස හිමියන් ගේ පියා මව සහ පැරණි බිරිඳ බුදුරජාණන් වහන්සේගේ මුල්ම ගිහි ශ්‍රාවකයෝ වූහ. ඒ තිදෙනාම මුල් අවදියෙහිදීම සෝවාන් ඵලයට පත්වූහ.

ප්‍රශ්නය - මුලින්ම රහත්බව ලත් මුන් වහන්සේ සංඝ සාසනයෙහි ජ්‍යෙෂ්ඨතම ශ්‍රාවකයාණෝ වූහ. මේ තැනැත්තා කවුද?

පිළිතුර - කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ.

ප්‍රශ්නය - අශෝක මෞය¸ යුගයෙහිදී පවත්වන ලද තුන්වන සංගීතියෙහිදී ත්‍රිපිටකයට එකතු වූ ග්‍රන්ථය කුමක්ද? එහි කතුවරයා කවරෙක්ද?

පිළිතුර - ග්‍රන්ථය කථාවත්ථූප්පකරණය - මොග්ගලී පුත්තතිස්ස මහරහතන්වහන්සේ කතුරවයාණෝ වූහ.

ප්‍රශ්නය - නිවන්දක්නා ජාති දක්වා සසර කවර අවස්ථාවක හෝ බලවත් විපාක දෙන බුදුවරුන්ට හෝ රහතන්වහන්සේට පවා විපාක වලින් වැලකීමට නොහැකි කර්මයකි . මේ නම සඳහන් කරන්න.

පිළිතුර - අපරාපරිය වේදනීය කර්මයි .

ප්‍රශ්නය - කාමරාග, ව්‍යාපාද යන සංයෝජන මුලිනුපටා දැමිය හැකිවන්නේ කුමන ඵලයකට පැමිණීමෙන්ද?

පිළිතුර - අනාගාමී ඵලයට පැමිණීමෙනි.

ප්‍රශ්නය - භික්ෂුවකගේ ආරාමික ජීවිතය පංචවිධ සම්මුතියකින් පැවිදි ගිහි සබඳතාවය ගොඩනගා ගනී. පැහැදිලි කරන්න.

පිළිතුර - භික්ෂූ ආකල්ප සම්පතින් නොපිරිහී පවත්වා ගෙන යාමට වෙහෙසෙයි.
ධර්මාව බෝධය සඳහා ධර්මදේශනා කරයි
රෝගී ගිහියන් වෙත පැමිණ සෙත් පතයි
ගිහි ජනයාට පින්දහම් සහ දැහැමි දිවි පෙවෙතකට නිතර අනුශාසනා කරයි.
සැදැහැයෙන් පුද ලද දේ නොවනසා ප්‍රයෝජනයට ගනී.

ප්‍රශ්නය - සිඟාලෝවාද සූත්‍රාගත තොරතුරු වලට අනුව භික්ෂූන් වහන්සේ සය ආකාරයකින් අනුකම්පා කරයි. එම ආකාර සය මොනවාද?

පිළිතුර

1. පවින් වළක්වයි
2. යහපතෙහි යොදවයි
3. මෙත් සිතින් අනුග්‍රහ දක්වයි
4. නො ඇසූ දහම් අසන්නට මග කියාදෙයි
5. ඇසූ දහම්හි සැක දුරලයි
6. විමුක්තිය සඳහා මග පහදා දෙයි

ප්‍රශ්නය- චේතනා පූර්වකොට ගත් සෑම මිනිස් ක්‍රියාවක්ම කර්ම නාමයට ඇතුලත් වෙයි. මෙහිදී යහපත් ක්‍රියා සහ අයහපත් ක්‍රියා (හොඳ හා නරක) හඳුනා ගැනීමට සුවිශේෂ නිර්ණායකයක් (ක්‍රමවේදයක්) වශයෙන් නුවනැතියන්ගේ අනුමැතිය ලබන ක්‍රියා යහපත් වන අතර ගර්හාවට ලක්වන ක්‍රියා අයහපත් ක්‍රියා වශයෙන් ද මෙත්ත හා කාලාම සූත්‍රවල දැක්වෙයි. මෙහිදී යහපත හා අයහපත හඳුනාගන්න ‘නුවණැත්තා’ කවුද යන්න හඳුනා ගැනීමට උපකාරී වන කරුණු 03 ක් පෙල දහමෙහි සඳහන් වෙයි. එම සූවිශේෂ කරුණු 03 මොනවාද?

පිළිතුර -
1. අත්තාධි පතෙය්‍ය (හෘදය සාක්ෂිය)
2. ලොකාධිපතෙය්‍ය (ලෝක සම්මතය)
3. ධම්මාධිපතෙය්‍ය (ධර්මයට එකඟ බව)

ප්‍රශ්නය- සම්මා - මිච්ඡා යනු හොඳ නරක යහපත් අයහපත්, හරි - වැරදි- උස් පහත් ආදී වශයෙන් වෙන්කළ හැකිය. මිථ්‍යා ජීවයෙන් සම්‍යග් ආජීවය වෙන්කොට හඳුනා ගැනීම යහපත් දේ හඳුනා ගැනීමයි. ඒ අනුව මිච්ඡා ආජීවයේ අවගුණ මොනවාද යන්න පැහැදිලි කරන්න.

පිළිතුර - මිච්ඡාජීවයෙන් ලෝභ, දෝස, මෝහ යන දුෂිත සිතිවිලි මුල්කොට මෙහෙය වේ. පුද්ගල ක්‍රියාවලියෙහි ප්‍රතිඵලය ඔහුට හෝ සමාජයට හෝ දෙපාර්ශ්වයට හෝ අහිතකර ලෙස පවතී. ආත්මාර්ථය මූලික කොට පරාර්ථය පිටු දකියි. හෘදසාක්ෂිය ලෝක සම්මතය හෝ ධාර්මිකබව නොසලකා හරියි.

බක් අමාවක පෝය

බක් අමාවක පෝය අප්‍රේල් 13 වන දා අපර භාග 05.11 ට ලබයි. 14 වන දා බදාදා අපරභාග 05. 58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 13 වන දා අඟහරුවාදාය.

 මීළඟ පෝය අප්‍රේල් 21 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]