අස්ගිරි මහ නා හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන්
බෞද්ධයා රූපවාහිනී නාලිකාව මගින් පින්කම් රැසක්
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම
ශ්‍රී බුද්ධරක්ඛිත මහානාහිමියන්ගේ අසූ එක් වන ජන්ම දිනය වෙනුවෙන්
උන්වහන්සේට දිගාසිරි පතා දඹුල්ල, දෙහිප්පාව රාජමහා විහාරයේදී සමාජ
සත්කාරයන් රැසක් සිදු කැරිණි. මාසිකව ආර්ථික දුෂ්කරතා ඇති ගම්මාන පාසල්
හා විහාරස්ථාන මුල්කරගෙන දිළිඳු ජනතාවට පාසල් දරුවන්ට ආබාධිත රෝගීන්ට
සහන සැලසීමේ අටියෙන් දියත්කර ඇති මෙම සමාජ සත්කාර වැඩසටහන ශ්‍රී
බුද්ධරක්ඛිත සමාජ සංවර්ධන පදනම මගින් සිදුකරනු ලබයි.
ඉතිරිය»
සිංහල අවුරුද්දේ බොදු සබැඳියාව
සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවෙයි. මෙහිදී අවුරුදු චාරිත්‍ර සමඟ
බුදුදහමේ හා හින්දු දහමේ ඇති සම්බන්ධතා එහි කැපී පෙනෙන සිද්ධි කීපයක්
පිළිබඳ සටහන් කිරීම මේ ලිපියේ අරමුණයි. ආර්යයන් සංචාරක එඬේර ගෝත්‍රයක්
ලෙස මධ්‍යම ආසියාවේ දැනට අවුරුදු පන්දහසකට පමණ පෙර ජීවත්ව ඇත.
ඉතිරිය»
ධර්ම දේශනාව:
පිළිපැදිය යුතු
සදහම් මාවත
හැම ඉන්ද්‍රියයක්ම
සංවරව තබාගැනීම
බුදුරජාණන් වහන්සේගේ
අවවාදයයි.
‘සබ්බත්ථ සංවරො
සාධු’ යනුවෙන් ඒ බව
දේශිතය.
රූපයට වසඟවීමෙන්
ගින්නට හසු වී නැසෙන
පලඟැටියා මෙන් විනාශයට පත්වන බව ධර්මයෙහි
සඳහන් වේ.
සෙසු ඉදුරන් පිළිබඳවද
එසේම ය. සත්ත්වයා
සසරෙහි රඳවා තැබීම
මෙම ඉන්ද්‍රිය
අසංවරයෙන් සිදුවේ.
ඉතිරිය»
|