UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කහටගස්දිගිලිය මහපතාන, හෙට්ටියාව පදිංචි විශ්‍රාමලත් විදුහල්පති ඩී. අබේරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. “බී පොසිටිව්” ලේ වර්ගයට අයත් වකුගඩුවක් බද්ධ කිරීමට වෛද්‍ය උපදෙස් ලැබී ඇති හෙයින් වකුගඩුවක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමක් කැරේ. දුරකථනය, 025 – 5682707 වේ.


පිළියන්දල, දැල්තර, නො. 285/37 හි පදිංචි 31 වියැති ජේ.ඊ.ඉම්බ්‍රම් මහත්මිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඇයගේ ජීවිතය සුවපත් කරගැනීම සඳහා වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. මෙම රෝගී එක්දරු මව දැනට ජයවර්ධනපුර රෝහලේ ලේ පිරිසුදු කිරීම සිදුකරන බවද කියයි. ආර්ථික අපහසුතා මැද දිවිගෙවන එම රෝගියාගේ ශල්‍ය කර්මය සඳහා විශාල මුදලක් වැයවන බැවින් පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතා ජේ.ඊ. ඉම්බ්‍රම් නමින් පිළියන්දල කොමර්ෂල් බැංකු ශාඛාවේ 8770010941 දරන ගිණුමක් ද ආරම්භ කර ඇති බව ද කියයි.


මොරටුව, වොට්සන් පීරිස් මාවතේ අංක 36/34 පදිංචි හිරන්ත ද සිල්වා මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළයුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. මෙම රෝගියාගේ ජීවිතය සුවපත් කර ගැනීම සඳහා බී පොසිටිව් වර්ගයේ ලේ ඇති අයකුගේ වකුගඩුවක් පිරිනමන ලෙස පරිත්‍යාග ශීලියකුගෙන් ඉල්ලීමක් කැරේ. වැඩි විස්තර 011-2644359, 077-2399017 දුරකථන අංකයකින් ලබාගත හැකි බව කියයි.


ගනේමුල්ල, වැලිපිල්ලෑව, කැන්දලියද්දපාළුව 417/4 පදිංචි නිශ්ශංක නදුනි මැන්ඩිස් නමැති දරුවාගේ සුසුම්නාව හා කොඳු ඇට පෙල අතර ගෙඩියක් සෑදී රෝගී තත්ත්වයට පත්වී ඇති බැවින් ශල්‍ය කර්මයක් සිදුකළ යුතු බව වෛද්‍ය නිර්දේශය වේ. ශල්‍ය කර්මය සඳහා විශාල මුදලක් වැයවන බවද කියයි. ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිව, ආර්ථික අපහසුතා මැද දිවිගෙවන බව රෝගී දරුවාගේ පියා වන නිශ්ශංක නිමල් මැන්ඩිස් මහතා පවසයි. මෙම ශල්‍ය කර්මය කර ගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතා කඩවත සෙලාන් බැංකුවේ 0280-01366279-101 දරන ගිණුමක් ආරම්භ කර ඇති බවද කියයි.


කේ.ඒ. ධර්මසිරි කුරුප්පු යන රෝගියා අසාධ්‍ය වකුගඩු රෝගයකින් පෙළෙන අතර අනුරාධපුර ශික්‍ෂණ රෝහල වකුගඩු රෝග සායනයෙන් ප්‍රතිකාර ලබයි. ඔහුගේ රෝග තත්ත්වය අනුව ඉතා කඩිනමින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව ඔහු පරීක්‍ෂා කළ වෛද්‍යවරයා පවසයි. ඒ සඳහා ඔහුට “ ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති හෙයින් ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ පිහිට පතන අතර ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් කේ.ඒ. ධර්මසිරි කුරුප්පු, නො. 17, සමෘද්ධි මාවත, සිරිමාපුර, රාජාංගනය යන ලිපිනයට හෝ දුරකථනය – 0255716606, 0355611568 දුරකථන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


 

මිනුවන්ගොඩ, වැලිය දකුණු, අංක 127/04 නිවසේ පදිංචි බුරුල්ලපිටිය මහා විදුහලේ 2 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන හර්ෂාමා සන්දිපා ගමගේ දැරිය ශ්‍රවණ ආබාධ තත්ත්වයෙන් පසුවන බව කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත.

එම දරුවා වෙනුවෙන් ලබාදිය යුතු ශ්‍රවණාධාර උපකරණ දෙකේ මිල රුපියල් 2,50,000 (දෙලක්‍ෂ පනස් දාහක්) වන බවත් ස්ථිර ආදායම් නොමැති මවුපියන්ට එම මුදල සොයා ගැනීම, දුෂ්කර වී ඇති හෙයින් ඒ සදහා ආධාර කළ හැකි අය වෙතොත්, මිනුවන්ගොඩ ලංකා බැංකු ශාඛාවේ අංක 6173403 ගිණුමට මුදල් බැර කරන ලෙසද මවුපියන් ඉල්ලීමක් කරති.


බෙලිගල, බෝදාවල අංක 1, 27/01 පදිංචි ඉෂාරා ජීවන්ති මාරසිංහ දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බව වෛද්‍ය නිගමනය වේ. ඇයගේ ජීවිතය සුවපත් කර ගැනීම සඳහා ඕ වර්ගයේ ලේ ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙත්නම් 011-2583396, 071-8378665, 071-2027213 දුරකථන අංකයකට දැනුම් දෙන ලෙස රෝගියාගේ මව ඉල්ලා සිටී. පිය සෙනෙහසද අහිමිව සිටින ඇයගේ ශල්‍ය කර්මය සඳහා විශාල මුදලක් වැයවන බැවින් පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතා ගලිගමුව මහජන බැංකු ශාඛාවේ 185200194843927 දරන ගිණුමක්ද ආරම්භ කර ඇති බව රෝගියාගේ මව වන ආර්.පී.සෝමාවතී මහත්මිය දන්වා සිටී.


 

අංක 132/3, මරේ පාර, හම්බන්තොට යන ලිපිනයෙහි පදිංචි වී සිටින, දරුවන් සිව් දෙනෙකුගේ මවක වන සිත්ති සුලෙයිහා සාලින් දැනට වකුගඩු රෝගයෙන් පසුවෙන බව කියයි. වයස අවුරුදු 43 ක් වන ඇයට වකුගඩුවක් බද්ධ කිරීමට වෛද්‍ය නිර්දේශය වී ඇත. මෙම ශල්‍යකර්මය සිදුකිරීමට විශාල මුදලක් වැය වන බව කියයි. ආර්ථික අපහසුතා මැද ජීවත්වන ඇයගේ ස්වාමි පුරුෂයා පරිත්‍යාගශීලීන්ගෙන් උදව් උපකාර පතයි. උදව් කිරීමට කැමති පරිත්‍යාගශීලීන් හම්බන්තොට ලංකා බැංකු ශාඛාවේ අංක 2186197 ගිණුම් අංකය දරන තුවාන් නිසාර් සාලින් යන ගිණුමට ආධාර කරන ලෙස  ඉල්ලීමක් කරයි.


 

නුගේගොඩ කොස්වත්ත පාර, 3 බී, 4 වැනි මැවතේ පදිංචි 46 වියැති ඉනෝකා ගුණදාස නමැති දෙදරු මව දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා වකුගඩුවක් බද්ධ කළයුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. ඇයට “ඒ පොසිටිව්, ඒ නෙගටිව්, ඕ පොසිටිව්, ඕ නෙගටිව්” ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි ස්වාමීන් වහන්සේ නමක් වෙත් නම් 077 – 1266254 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස රෝගියාගේ ඥාතීහු ඉල්ලීමක් කරති.


කඩුවෙල, කොතලාවල අංක 380 පදිංචි 52 වියැති අනෝමා හේවගේ මහත්මිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් බී පොසිටිව් වර්ගයේ ලේ ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. එම රෝගියාගේ ජීවිතය සුවපත් කර ගැනීම සඳහා බී පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පින්වතකු වේ නම් ඉහත ලිපිනයට දැනුම් දෙන ලෙස රෝගී මවගේ පුතු වන ලෝලිත ගරුසිංහ ආරච්චි මහතා ඉල්ලා සිටී. ශල්‍ය කර්මය සඳහා විශාල මුදලක් වැයවන බැවින් පරිත්‍යාගශීලින්ගේ ආධාර පතා බොරැල්ල කොමර්ෂල් බැංකුවේ 8420007653 දරන ගිණුමක් ආරම්භ කර ඇති බවද පැවසේ.


 

වකුගඩු රෝගියාට පිහිට වන්න

දඹේවටන ගල්කිරියාගම පදිංචි – එස්.ඩී. කරුණාරත්න මහතා වකුගඩු රෝගයකින් පෙලෙන බව කියයි. වෛද්‍ය නිර්දේශයට අනුව “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා විශාල මුදලක් ද වැය වන බව කියයි. මොහු සිව්දරු පියෙකු වේ. මොහුගේ ජීවිතය බේරාගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ උපකාර අපේක්‍ෂා කරයි. ගිණුම් අංක 019 020 329114 හැටන් නැෂනල් බැංකුව කුරුණෑගල ශාඛාව වෙත ආධාර කළ හැකි බවද කියයි.

 

 

බක් පුර පසළොස්වක

බක් පුර පසළොස්වක පෝය මාර්තු 29 වන දා සඳුදා පූර්ව භාග 11.04 ට ලබයි. 30 වන දා අඟහරුවාදා පූර්ව භාග 07.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 29 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 06 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]