UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බක් පුර පසළොස්වක පොහෝ දින පින්කම්

කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ බක්පෝදා දවසපුරා පින්කම් රැසක් ඌව විශ්ව විද්‍යාලයේ කුලපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම - කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන උපාසික උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස කිරිආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍යය වටා බෞද්ධ කොඩි 300 ක් පැළදවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේ පැවැත්වේ. ගාමිණි පුර බෞද්ධ සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ ආගමික කටයුතු පැවැත්වීමෙන් පසුව උපාසික උපාසිකාවන් වෙනුවෙන් ගිලන්පස පිරිනැමීම සිදුකෙරේ.

උදේ ධර්මදේශනාව වාද්දුව ශ්‍රී මහින්දාරාමාධිපති ශාස්ත්‍රපති මොරකැටිආරේ ධම්මික නාහිමියන් විසින් දුටුගැමුණු ධර්මශාලාවේදී පැවැත්වේ.

කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ටඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල්පහන් පූජා කර බෝධීන් වහන්සේ සුවඳ පැණින් නහවා බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේමාව භාර මිද්දෙණියේ උදිත හිමියන් විසින් සිදුකර ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම සිදුකෙරේ.

කිරිවෙහෙර 3 වන මලුව සමීපකර පහන් දස දහසක ආලෝක පූජාව පැවැත්වෙන අතර සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව පසුදා පහන් වනතුරු විහාරස්ථාන ධර්ම ශාලාවේ පැවැත්වේ.

කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් මාලාව සංවිධානය කර ඇත.


මහමෙවුනා භාවනා අසපුව

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ දී පැවැත්වෙන් බක් පුන් පොහෝ දා ආගමික වැඩසටහන් මාලාව මෙසේ ය.

පෝදා පෙරවරු, 06.00 – 07.00 සීල සමාදානය හා කිරිපිඬු පූජාව, 08.00 - 09.30 ධර්ම දේශනය, 09.30 – 10.00 බුද්ධානුස්සති භාවනාව, 10.00 – 11.00 දවල් බුද්ධ පූජාව, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනය, 1.00 – 2.30 ධර්ම දේශනය, 02.30 – 3.00 විදර්ශනා භාවනාව, 03.00 – 04.00 ධර්ම සාකච්ඡාව, 05.00 – 06.30 සත්බුදු වන්දනාව, 07.30 – 09.00 ධර්ම දේශනය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි 09.00 – 10.00 දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනය, 10.00 – 10.30 පුණ්‍යානුමෝදනාව, පසුදා උදෑසන එනම් 30 වෙනිදා පෙ.ව. 05.00 – 05.30 සිල් පවාරණය හා පුණ්‍යානුමෝදනාව. (උදේ දවල් දානය සහ ගිලන්පස පිරිනමනු ලැබේ.)


සිඟිති දම් සභා මණ්ඩපය ආනන්ද ශාස්ත්‍රාලයේ දී

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නා හිමිපාණන් ගේ අනුශාසනා පරිදි පේරාදෙණිය, හිඳගල ශ්‍රී සමාධි ළමා හා යොවුන් භාවනා පුහුණු මධ්‍යස්ථානයේ අනුශාසක හා ශ්‍රී ජයවර්ධනපුර, නව රෝහල පාරේ, ශ්‍රී සිළුමිණි විහාරාධිපති මහමෙවුනාවේ මංගල හිමියන් මෙහෙයවන ‘තමරවිල’ ළමා භාවනා වැඩසටහන සහ සිඟිති දම් සභා මණ්ඩපය බක් පුන් පෝදා උදේ 08.00 සිට දවල් 12.00 දක්වා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ දී පැවැත්වේ.


ජයවර්ධනපුර ශ්‍රී සිළුමිණි විහාරය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමිපාණන් ගේ හා ශ්‍රී සිළුමිණි විහාරාධිපති මහමෙවුනාවේ මංගල හිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී සමාධි උපස්ථාන සභාව සංවිධානය කරනු ලබන බක් පුන් පෝදා සීල භාවනා වැඩසටහන මෙසේ ය.

පෝදා පෙරවරු, 05.30 – 06.00 සීල සමාදානය, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමි, 06.45 – 07.30 අනුශාසනාව භාවනාව මහමෙවුනාවේ මංගල හිමි, 08.30 – 10.30 භාවනා වැඩසටහන පාතේගම ඤාණතිලක හිමි, 10.30 – 11.00 දහවල් බුද්ධ පූජාව, වැලිමඩ ධම්මික හිමි, පස්වරු 12.30 – 01.00 සෙත් පිරිත් දේශනය හාලිඇළ අස්සජි හිමි, වැලිමඩ ධම්මික හිමි, 01.00 – 03.00 සූත්‍ර දේශනාව හා ධර්මසාකච්ඡාව, 03.30 – 05.00 පටිච්ච සමුත්පාද දේශනය, මහමෙවුනාවේ මංගල හිමි, 05.00 – 06.00 බෝධි පූජාව හාලි ඇළ අස්සජි හිමි.


දික්වැල්ලේ දීඝවාලුකාරාමය

දික්වැල්ල දීඝවාලුකාරාම මහා විහාරාධිපති සීනිපැල්ලේ රතනවංස හිමියන්ගේ සහ ශාස්ත්‍රපති අඟුණුකොළපැලැස්සේ දීපානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි බක් පෝදින සීල භාවනා වැඩසටහන් මාලාවක් විහාරස්ථ සීල සමාදාන සංගමය මෙහෙයවීමෙන් පැවැත්වේ. පෙ.ව. 6 උපෝසථ සීලය හා කෙටි අනුශාසනාව සීනිපැල්ලේ රතනවංස හිමි 8.30- 9.30 අඟුණුකොළපැලැස්සේ දීපානන්ද හිමි මෙහෙයවන භාවනා වැඩසටහන 10 - 11 ධර්ම දේශනාව තණමල්විල සුමංගල හිමි. 11 - 11.30 දවල් සම්බුද්ධ පූජාව මෙහෙයවීම සීනිපැල්ලේ රතනවංස හිමි. 1 - 2 ජාතක කතාව මොරයායේ සීවක හිමි, 2 -3 කාව්‍ය ධර්ම දේශනාව කතරගම මහානාම හිමි, 4 -5 භාවනාව ධර්මාචාර්ය කේ.ඩබ්. ආරියසේන මහතා . 5 - 6 සෙත් පිරිත් දේශනාව නරවැල්පිට රේවත හිමි ඇතුළු හිමිවරු 6 සිල් පවාරණය හා සිල් අලුත් කිරීම වලපනේ විජේවංස හිමි 7- 8.30 අටවිසි බුද්ධ පූජාව හා ආශිර්වාද බෝධි පුජාව ශාස්ත්‍රපති අඟුණුකොළපැලැස්සේ දීපානන්ද හිමි. 8.30 - 9.30 ධර්ම දේශනාව නරවැල්පිට රේවත හිමි. 9.30 -5 ගුවන්විදුලි පිරිත් දේශනාව 5 - 6 සම්බුද්ධ පුජාව හා පන්සිල් සමාදන් කරවීම විහාරාධිපති සීනිපැල්ලේ රතනවංස හිමි.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේදී බක් පෝදා දවස පුරා පින්කම් මාලාවක් පැවැත්වේ.

පෝදා පෙරවරු 6.30 - 7.30 සීල සමාදානය හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම පනාපිටියේ විජිතනන්ද හිමි, 8 -11 භාවනා වැඩසටහන මෙහෙයවීම හොරණ මහමෙවුනා භාවනා අසපුවේ කළ්‍යාන සමුද්ධ හිමි, 11.15 අභයදාන පින්කම පිළිබඳ අනුශාසනාව - ගැටඅරදවේ විපුලධම්ම හිමි, පස්වරු 1 - 2 දහම් දෙසුම නුගගහලන්දේ සුමනජෝති හිමි, 2.15 - 4 දහම් දෙසුම අක්මීමන ධර්මපාල හිමි, 4.35 - 5.30 දහම් දේශනය මලේගොඩ නන්ද නාහිමි, 5.45 - 6.45 දහම් දෙසුම ගල්තුඩේ පඤ්ඤාකිත්ති හිමි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන බක් පෝදා වැඩසටහන මෙසේය. පෝදා පෙරවරු 06.00 - 07.00 - සිල් සමාදන් කරවීම අනුශාසනාව හා බුද්ධ පූජාව හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 09.00 - 10.00 - ධර්ම දේශනාව - ශාස්ත්‍රපති පණ්ඩිත යටිරාවන ධම්මාරාම හිමි, 10.00 - 11.00 අභිධර්ම කතාව - පියදාස මුතුගම මහතා, 11.00 - 11.15 - බුද්ධ පූජාව - කනංකේ ධම්මික හිමි, බංගලිදේශයේ සංඝරක්ඛිත හිමි, පස්වරු 12.25 - 12.30 - විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 - 01.00 - පිරිත් හා තෙරුවන් ගුණ - ඇලහැර විජිතවංශ හිමි, බංගලිදේශයේ සද්ධානන්ද හිමි, 01.00 - 02.00 - ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 02.00 - 03.00 - ධර්ම දේශනාව - ශාස්ත්‍රපති පණ්ඩිත තල්පාවිල කුසලඥාණ හිමි, 03. 00 - 04.00 - විශේෂ අනුශාසනාව - වැලිගම ඤාණරතන මහ නාහිමි, 04.15 - 05.00 - ධර්ම දේශාව - කැලණිය විද්‍යාලංකාර මහ පිරිවෙණහි ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත නෙළුවාකන්දේ ඥාණානන්ද හිමි, 05.00 - 06.00 - ධම්මපදය - ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 06.00 - 06.30 - බෝධි පූජාව සහ සිල් අලුත්කිරීම, මෙහෙයවීම - ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන වැඩසටහන

කොළඹ 10 කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේදී බක් පුර පසළොස්වක පොහෝදා සීල , භාවනා, ධර්මදේශනා වැඩසටහන් මාලාවක් හල්පිට හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6 - 6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරි ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7 - 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8 -9 රජවත්තේ වප්ප හිමි මෙහෙයවන භාවනා වැඩසටහන 9.15 - 10.15 දහම් දෙසුම ගැට්ටුවානේ සුමේධ හිමි, 10.15 - 11 සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.30 - 12.45 සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන්, 1 -2 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් , 2.15 - 3 භාවනා වැඩ සටහන තලල්ලේ සිරි මහින්ද නාහිමි, 3.15 - 4.15 ධර්ම දේශනාව කොස්ගොඩ චන්ද්‍රජෝති හිමි, 4.30 - 5.30 ධර්ම දේශනාව කෙසෙල්පොත සුමනවංශ හිමි, 6 ට සිල් පවාරණය හා සිල් අලුත් කිරීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7 - 7.30 මල් පහන් ගිලන්පස සම්බුද්ධ පූජාව කෙසෙල්පොත සුමනවංශ හිමි, රාත්‍රි ධර්ම දේශනාව , 7.45- 8.45 පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ශාස්ත්‍රපති වැලිගෙපොල සීලවංස හිමි


වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරයේ දී බක් පුර පෝදා පැවැත්වෙන ශීල සමාදාන වැඩසටහන මෙසේය. පෝදා පෙරවරු - 6 -7 ශීල සමාදානය අනුශාසනාව හා භාවනාව ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි, 7 - 8 ආහාර බුද්ධ පුජාව , 8 -9 ධර්ම දේශනාව අකුරලියේ රතන හිමි, 9 -10 අරලියගහ මන්දිරයේ සිට විකාශනයවන ධර්ම දේශනාව 10 -11 ආරාධිත දේශනාව ධර්මාචාර්ය චන්ද්‍රසෝම ගිනිගේ මහතා 11 - 12 ආහාර බුද්ධ පූජාවපස්වරු - 01- 02.30 භාවනාව මෙහෙයවීම ගාමිනී පි‍්‍රයන්ත මහතා, 3 - 4 ධම්මපද විවරණය 4 - 5 කාව්‍යමය ධර්ම දේශනාව ගාල්ලේ අතුලනන්ද හිමි 5 - 5.45 බුද්ධ පූජාව හා සිල් පවාරණය ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි.


අනුරාධපුර මහා විහාර සන්නිපාත ශාලාව

අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේදී මාර්තු මස 29 දින පැවැත්වෙන මහාවිහාර පොහොය වැඩසටහන මෙසේය.

පුන් පෝ දින පෙරවරු 6.00 - 6.30 ජය සිරි මහබෝ සමිඳුන් අබියස දී ශීල සමාදානය, 6.30 - 7.00 බුද්ධ පූජාව, 8.00 - 8.30 මහාවිහාර සන්නිපාත ශාලාවේදී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ් අනුශාසනය, 8.30 - 9.30 - ධර්ම දේශනය, 9.30 - 10.00 - භාවනා - මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 10.30 - 11.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බුද්ධ පූජාව. පස්වරු 12.30 - 1.00 මහාවිහාර සන්නිපාත ශාලාවේදී ජාතක කතා දේශනාව - කිරින්දේ ඥානදර්ශන හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව, 2.00 - 2.30 ශීල ආවර්ජනය, 2.30 - 3.30 - භාවනා, 4.00 - 5.00 - ජයසිරි මහ බෝ සමිඳුන් අබියස දී ධර්ම දේශනය, 5.15 - 6.00 මහාවිහාර සන්නිපාත ශාලාවේදී භාවනා, 6.30 - 7.00 ජයසිරි මහ බෝ සමිඳුන් අබියස දී බෝධි පූජාව, 7.30 - 8.30 - මහාවිහාර සන්නිපාත ශාලාවේදී ධර්ම දේශනය, 8.30 - 9.30 - භාවනා, 9.30 - 10.00 - පිරිත් සජ්ඣායනය. පුන් පෝ දිනට පසු දින පෙ.ව. 5.00 - 5.30 - මහාවිහාර සන්නිපාත ශාලාවේදී භාවනා, 5.30 - 6.00 හීල් දානය සඳහා විවේකය, 6.00 - ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී සිල් පවාරණය.


තලවතුගොඩ - සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර සංඝමිත්තාරාමයේදී බක් පුන් පොහෝ දින අළුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්ද පෙරවරු 6 පස්වරු 6 දක්වා සීල භාවනා, ධර්ම දේශනා වැඩසටහන් ද පැවැත්වේ. පෙරවරු 8 සිට 9 රත්නපුරේ ආනන්දි දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහනක්ද 9 - 11 රණාල අමාදම් අසපුවේ වැල්ලම්පිටියේ විනයවංශ ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනය හා භාවනා වැඩසටහනක් ද 11 දවල් බුද්ධ පුජාවෙන් අනතුරුව පස්වරු 12.30 - 1 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය ද වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා මෙහෙයවන ධර්ම සාකච්ඡාවෙන් අනතුරුව 4 - 5 පානළුවේ සතීමා දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයක්ද 5 - 5.30 තුන් සූත්‍ර ‍ෙද්ශනාව අවසානයේ සිල් පවාරණය සිදුකෙරේ. සවස 6 ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලැබේ.


කොම්පෙයාහේන

හෝමාගම පනාගොඩ කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේ බක් මස පුර පොහොය දින පවත්වනු ලබන ආගමික වැඩසටහන මෙසේ ය.

පෝදා පෙරවරු 06.15 – 07.00 සිල්සමාදන් කිරීම, බුද්ධ වන්දනාව කළුතර සාරද හිමි, 08.00 – 09.45 භාවනාව මෙහෙයවීම සරත් ගල්ගමුව මහතා, 10 – 11 ධර්මදේශනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ සහකාර කථිකාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පනාමුරේ චන්දිම හිමි, 11 බුද්ධ වන්දනාව, පස්වරු 1 – 2 ධර්මදේශනය, උඩවෙල චේතිය ධම්ම හිමි, 2 – 3 ධර්මදේශනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ බාහිර කථිකාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී කුඩා කත්නෝරුවේ විනීත හිමි, 03.15 – 04.15 ධර්මදේශනය ත්‍රිපිටකාචාරිනී සුනීතා මෙහෙණින් වහන්සේ, 04.15 – 05.15 ධර්මදේශනය මහමංකඩවර ගුණරතන හිමි, 05.30 – 06.30 බෝධි පූජාව සහ සිල්පවාරණය.


මාතර තරුණ බෞද්ධ සමිතිය

පෝදා පෙරවරු 06.30 සීල සමාදන් කරවීම, දෙහිගස්පේ සිරිවිමල හිමි 08.00 බුදුගුණ වන්දනාව, 09.30 විදර්ශනා මාර්ගය, කම්මට්ඨානාචාරිනී චන්ද්‍රා රණතුංග මාතාව, 10.30 බුද්ධ පූජා වන්දනාව පැලෑනේ සුවිනීත හිමි, පස්වරු 01.00 රණවිරුවන්ට සෙත් පතා පිරිත් සජ්ඣායනාව ඌරුමුත්තේ සිරි සෝමරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි 01.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පැළෑනේ සුවිනීත හිමි, 03.00 ධර්ම සාකච්ඡාව, බන්දුල උදයකුමාර මහතා, ප.ව. 05.00 සිල් පවාරණය, ශාස්ත්‍රවේදී ගම්මැදගම චන්ද්‍රජෝති හිමි.


උයන්වත්ත වාලුකාරාම මහා විහාරය

පෝදා පෙරවරු 06.30 ට සිල් සමාදන් කරවීම රොටුඹ සෝමරතන හිමි, 07.00 ට බුද්ධ පූජා වන්දනාව බෙංගමුවේ චන්ද්‍රරත්න හිමි 08.00 ට ගුවන්විදුලි ධර්ම දේශනාව, 10.30 බුද්ධ වන්දනාව මොරවක ධම්මරතන හිමි, 11.30 දවල් දානය, ප.ව. 01.00 සෙත් පිරිත් සජ්ඣායනාව, 02.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති කැලණියේ අජිත හිමි, 04.00 ධර්ම දේශනාව රොටුඹ සෝමරතන හිමි, 06.00 සිල් පවාරණය, ප.ව. 07.00 අටවිසි බුද්ධ පූජාව බුත්තල මෙත්තානන්ද හිමි.


සිරිමංගල පිරිවෙන් විහාරය

පෝදා පෙරවරු 06.00 සීල සමාදානය පණ්ඩිත වලස්ගල පුණ්‍යජි මයුරවංශ මහා ස්වාමීන්ද්‍රයන්වහන්සේ, 06.30 බුද්ධ පූජා වන්දනාව ශාස්ත්‍රවේදී කුඩාගොඩ ඤාණවංශ හිමි, 08.30 භාවනා වැඩසටහන ත්‍රිපිටකවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමි, 10.30 බුද්ධ පූජාව වන්දනාව පස්වරු 01.00 සෙත්පිරිත් සජ්ඣායනාව, 02.00 ධර්ම සාකච්ඡාව හොරපාවිට ධම්මිස්සර හිමි, 04.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත කැලණියේ අජිත හිමි, 05.00 සිල් පවාරණය, රාත්‍රී 07.00 අටවිසි බුද්ධ වන්දනාව ශාස්ත්‍රවේදී බලංගොඩ සාන්තසිරි හිමි.


මාතර ආරෝග්‍ය සේවා සංගමයේ 579 වන ගිලන් සංග්‍රහය

මාසිකව පැවැත්වෙන ගිලන් සංග්‍රහය පුන් පෝදා ප.ව. 03.30 ට මාතර මහ රෝහලේ නේවාසික රෝගීන්ට කිරි, බිස්කට් සහ ‘සිත්සුව‘ ධර්ම පත්‍රිකා බෙදාදීම සිදුකෙරේ.


කඩදොරපිටිය ශ්‍රී මේඝානන්ද විහාරය

කොත්මලේ, පූඩළුඔය, කඩදොරපිටිය ශ්‍රී මේඝානන්ද පුරාණ මහා විහාරස්ථානයේ දී විහාරත්‍රයාධිපති ශාස්ත්‍රවේදී මාදෝවිට ඤාණරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි කඩදොරපිටිය ශ්‍රී පේමානන්ද දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්, විහාරස්ථ දායක සභාව, කුළඟන සමිතිය එක්ව සංවිධානය කරන දාන, ශීල, භාවනා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බෝධි පූජා ඇතුළු පින්කම් මාලාවක් බක් පොහෝදා පැවැත්වේ.


නියම්ගම්දොර පුරාණ රජමහා විහාරය

කොත්මලේ නියම්ගම්දොර ඓතිහාසික පුරාණ ටැම්පිට රජ මහා විහාරයේ දී උභය විහාරාධිපති මඩකුඹුරේ ලංකානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව, කුළඟන සමිතිය, සුමග දහම් පාසල ඒකාබද්ධව සංවිධානය කරන පින්කම් මාලාවක් බක් පොහෝදා පැවැත්වේ.


පූඩළුඔය ශ්‍රී දේවානන්ද බෞද්ධ මධ්‍යස්ථානය

පූඩළුඔය ශ්‍රී දේවානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ දී විහාරත්‍රයාධිපති ශාස්ත්‍රවේදී මාදෝවිට ඤාණරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි බක් පුර පොහෝ දින පින්කම් රැසක් පැවැත්වේ.


අඹතලාව ශ්‍රී පරමින්දාරාමයේ දී පින්කම්

අඹතලාව ශ්‍රී පඤ්ඤාප්‍රදීප පරිවේනාධිපති කොත්මලේ ශාසනාරක්‍ෂක ප්‍රාදේශීය බලමණ්ඩලයේ සභාපති පණ්ඩිත ප්‍රවීණාචාර්ය නියම්ගම්දොර ශ්‍රී පඤ්ඤානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශාස්ත්‍රවේදී රාවණාගොඩ නන්දසාර හිමිපාණන්ගේ මෙහෙයවීමෙන් (29) බක්පුර පොහෝ දින රට දැය සහ රණවිරුවන්ට සෙත්පතා බෝධි පූජා සහ පහන් පූජා ඇතුළු පින්කම් මාලාවක් කොත්මලේ අඹතලාව ශ්‍රී පඤ්ඤාප්‍රදීප පිරිවෙනේ දී පැවැත්වේ.


කුඹල්ඔළුව ශ්‍රී බෝධිරුක්ඛාරාමය

කුඹල්ඔළුවේ ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ දී ශාස්ත්‍රවේදී ආචාර්ය මාදෝවිට ඤාණරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව, කුළඟන සමිතිය, දහම් පාසල ඒකාබද්ධව සංවිධානය කරන පින්කම් මාලාවක් (29) බක් පොහෝදා පැවැත්වේ.


මෑතගම දිඹුල මලියදේව රජමහා විහාරය

කොත්මලේ මෑතගම දිඹුල මලියදේව රජමහා විහාරස්ථානයේ දී බක් පොහෝදා පින්කම් මාලාවක් විහාරාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.


පුසුල්පිටිය රජ මහා විහාරය

කොත්මලේ ඓතිහාසික පුසුල්පිටිය රජ මහා විහාරස්ථානයේ දී විහාරාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි බක්පුර පොහෝ දා දාන, ශීල, භාවනා, ධර්ම දේශනා ආදී පින්කම් මාලාවක් පැවැත්වේ.


මල්හෑව දළදා කරඬුව රජ මහා විහාරය

කොත්මලේ මල්හෑව දළදා කරඬුව රජ මහා විහාරස්ථානයේ දී බක් පොහෝ දා පින්කම් මාලාවක් විහාරාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.


පුස්සැල්ලාව ශ්‍රී සුධර්මාරාමය

පුස්සැල්ලාව ශ්‍රී සුධර්මාරාමයේ දී විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පුස්සැල්ලාවේ පඤ්ඤාලෝක නාහිමියන්ගේ අනුශාසනා පරිදි බක් පුර පොහෝදා පින්කම් මාලාවක් පැවැත්වේ.


රෝගීන්ට පලතුරු සංග්‍රහයක්

කටුගස්තොට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින සියලුම රෝගීන්ට පළතුරු වලින් සංග්‍රහ කිරීමක් සහ රෝගීන්ට සෙත් පිරිත් සජ්ඣායනා කර ආසිරි පැතීමත් යන වැඩසටහන් කටුගස්තොට ශ්‍රී ඝටිකාආරම පුණ්‍යායතනාධිපති පණ්ඩිත අම්පිටියේ ජනානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පෝදා සිදු කෙරේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහෝපාධ්‍ය කටුගස්තොට ශ්‍රී ඝටිකාආරාම පුණ්‍යායතනාධිපති රාජකීය පණ්ඩිත නුගවෙල පඤ්ඤාජෝති නාහිමියන් ගේ් අනූනව වන ජන්මෝත්සවය නිමිත්තෙන් මෙම පරිත්‍යාග සංග්‍රහය සිදුකෙරේ.


මකුල්වැව පින්කම්

හිරියාල, මකුල්වැව, ශ්‍රී නිග්‍රෝධාරාම යේදී මාර්තු මස 28 , 29,30,31 යන දිනයන්හි සර්වඥ ධාතු ප්‍රදර්ශනයක්, සහ දේශීය සංස්කෘතියත් , බෞද්ධ සංස්කෘතියත් විදහා දැක්වෙන සංස්කෘතික සංදර්ශනයක්, පැවැත්වීමට ‘දහම් සිසිල’ සංවිධානය කටයුතු නිමකර තිබේ. මාර්තු මස 31 වැනි දින පැවැත්වෙන ධර්ම දේශනයෙන් මෙම කටයුත්ත නිමාවට පත්වන අතර, ධර්ම දේශනය පවත්වනු ලබන්නේ සයිප්‍රස් දේශයේ ප්‍රධාන සංඝනායක මොරවක සෝරත නාහිමියන් විසිනි.


මවු ගුණ සමරු පින්කම් මාලාවක්

සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විධායක සභික, ගම්පහ දිස්ත්‍රික් හා කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, බප/මීගමුව රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික විදුහලේ ආචාර්ය, මුළුදිවයිනටම සාමවිනිසුරු, ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත සීදූවේ සුමනවංස හිමියන් ඇතුළු දූ දරුවන්ගේ මවු පියන්වන විශ්‍රාමලත් පොලිස් නිලධාරී කේ.එන්.ජේ. රොවෙල් මහතා සහ එම්.එස්. පෙරේරා උපාසිකා මාතාව පරලොව සැපත්ව වසර 11 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ පින්කම් මාලාවක් මාර්තු මස 28 සහ 29 යන දිනයන්හි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස උඩමළුව විහාරස්ථානයේ දී පැවැත්වේ.

මාර්තු මස 28 වන ඉරු දින පස්වරු 06.00 ට උඩමළුවේ ජයශ්‍රී මහාබෝධීන් වහන්සේ උදෙසා ගිලන්පස බුද්ධ පූජාව සහිත නෙළුම් මල් පූජාව පැවැත්වීම ද පසුදින පුන්පෝය දින අලුයම 06.00 ට ජයශ්‍රී මහාබෝධීන් වහන්සේ උදෙසා කිරි ආහාර බුද්ධ පූජාව පැවැත්වීමද එදින පෙරවරු 10.30 ට බුද්ධ පූජාව සිදු කිරීම ද මෙදින පෙ.ව. 11.30 ට උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ප්‍රධාන 25 නමකට අධික ගරුතර මහා සංඝරත්නය විෂයෙහි සඟසතු දවල් දානය පිරිනැමීම ද සිදු කැරේ.

එම පින්කම් මාලාව පරලෝ සැපත් මවුපියන්ටත්, රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ ත්‍රිවිධ හමුදා පොලිස් රණවිරුවන්ටත් පින්පැමිණවීමත්, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රධාන ලක්වැසි සැමට සෙත ශාන්තිය, සෞභාග්‍යය ප්‍රාර්ථනා කිරීමත්, අරමුණු කැරගෙන සිදු කැරේ.


බම්බලපිටියේ වජිරාරාමයේ පින්කම්

බම්බලපිටිය වජිරාරාමයේ බක් පුන් පෝදා සීල සමාදාන වැඩසටහන මෙසේ ය.

පෝදා පෙරවරු 06.00 – 07.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව සහ බුද්ධ පූජාව සිරි වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද අනුනාහිමි. 08.00 – 09.00 භාවනාව සහ අනුශාසනාව, සිරිවජිරාරාමවාසී වේරදූවේ මහින්ද හිමි, 09.00 – 10.00 විශේෂ ධර්ම දේශනාව අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහනාහිමි, 10.00 – 11.00 ධර්මානුශාසනාව වෙන්නවත්තේ රතන ජෝති හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව, පැරකුම්පුර විශාරද හිමි, පස්වරු 12.30 – 12.15 පුණ්‍යානුමෝදනාව, 12.45 – 01.45 සෙත් පිරිත් හා තෙරුවන් ගුණ සජ්ඣායනය, සිරි වජිරාරාමයේ දහම් පාසල් ප්‍රධානාචාර්ය කඹුරුගමුවේ මහනාග හිමි, 01.45 – 02.45 ගිහි දේශනය, “මව්බිම ලංකා” පදනමේ සභාපති “බෞද්ධකමින් ඔප්නැංවූ අපේකම” ආරියශීල වික්‍රමනායක මයා, 03.00 – 04.00 ධර්මානුශාසනාව, දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි, 04.00 – 05.00 ධර්මානුශාසනාව, සිරිවජිරාරාමවාසී ඇරැව්වල සුධම්ම හිමි, 05.00 - 06.00 ධර්මානුශාසනාව , සිරි වජිරඤාණ ධර්මායතන වාසී දියතලාවේ පියදස්සී හිමි, ප.ව. 06.00 – 06.30 අටවිසි බෝධි පූජාව, සිරි වජිරාරාමවාසී සියලුම ස්වාමීන් වහන්සේලා.


අතුලදස්සනාරාමයේ පාරමිතා පෙරහර පෝ දා

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානය මගින් මාර්ෂිකව පවත්වනු ලබන දස පාරමිතා පෙරහර 18 වන වරටත් මෙම මස 29 වන පුර පසළොස්වක පෝදා වීදි සංචාරය කෙරේ.

පෝදා රාත්‍රී 07.00 ට වීදි සංචාරය කිරීමට නියමිත එම දස පාරමිතා පෙරහර උඩරට, පහතරට සහ සබරගමු යන පාරම්පරික නර්තන ශිල්පීන් 500 ක ගෙන් සමන්විත වන අතර දහම් පාසල් දරුවන් 1000 ක්, අලි ඇතුන් 10 ක් සහ තවත් විවිධ සංස්කෘතික අංගයන්ගෙන් විචිත්‍රවත් ව ඉදිරිපත් කෙරේ.

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය බොරැල්ලේ අතුල නාහිමියන්ගේ අනුශාසනා පරිදි පාරමී පදනම දායක සභාව, විශාඛා කුළඟන සමිතිය, ශ්‍රී ඤාණාලංකාර ධර්ම විද්‍යාලය සහ සිරි අතුල දස්සන පෙර පාසලේ දායකත්වයෙන් මෙම පාරමිතා පෙරහර සංවිධානය කර ඇත.

පෙරහර බෞද්ධාලෝක මාවතේ සිට ඩී.එස්. සේනානායක මාවතින් බොරැල්ල මංසන්ධිය දක්වා ගමන් කර නැවත එම මාවත් හරහා අතුල දස්සන බෞද්ධමධ්‍යස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව ඇත. උදාවී ඇති සාමය දිගු කාලීනව රැක ගැනීමටත් අනාගතයේ ස්වයංපෝෂිත වූ යහපත් වූ දේශයක් උදා කර ගැනීම සඳහාත් රටට ජනතාවට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා මෙම පාරමිතා පෙරහර පැවැත්වීම මූලික අධිෂ්ඨානය බව එහි නිර්මාතෘ බොරැල්ලේ අතුල නාහිමියෝ පවසති.

බක් පුර පසළොස්වක

බක් පුර පසළොස්වක පෝය මාර්තු 29 වන දා සඳුදා පූර්ව භාග 11.04 ට ලබයි. 30 වන දා අඟහරුවාදා පූර්ව භාග 07.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 29 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 06 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]