UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය
9 කොටස

සිරුර නම් ගුහාවේ - සිටින මේ මිනිස් සිත - තනිව දුර ගමන් යයි. එහෙත් සිරුරකුත් නැත. මෙබඳු වූ අරුම සිත හොඳින් දමනය කළොත් - මාර මුඛයෙන් වුව ද - මිදිය හැකි වන්නේ ය.

හිතවතුනි, අරුම ගති - තිබෙන මේ මිනිස් සිත -සිතා ගත නො හැකි වන - මහා බල ඇති එකකි. හිතේ වහලකු නොවී සිත වහල් කර ගන්න - එවිට ලොව සියලු සැප – ඔබ කරා එන්නේ ය.

(38) අනවට්ඨිත චිත්තස්ස සද්ධම්මං අවිජානතො
පරිප්ලවපසාදස්ස පඤ්ඤා න පරිපූරති

හම් හී තහවුරුව –නොපවතින නුවණ අඩු - බණ දහම් නොදන්නා - මෝඩ සැදැහැවක් ඇති සිතක් තුළ හොඳ නුවණ දියුණු වීමක් නොවේ. එම නිසා සසර මඟ තවත් දික් වන්නේ ය.

හිතවතුනි, හොඳ නරක හොඳින් වටහා නො ගත් අසංවර මනස තුළ නුවණ දියුණුවට නොයයි. එම නිසා ජීවිතය මුළුමණින් අවුල් වෙයි. ඉක්මණින් පිරිහීම ඔබ කරා එන්නේ ය.

(39) අනවස්සුතචිත්තස්ස අනන්වාහතචේතසො,
පුඤ්ඤපාපපහීනස්ස නත්ථි ජාගරතො භයං

රාගයෙන් රත් නොවන - ද්වේශයෙන් නො කැළඹෙන - සිතක් ඇති තැනැත්තා - කිසි භයක් නැති කෙනෙකි. දිවා රෑ නිදි වරා භාවනාවන් කරන - නැණැත්තෝ බියෙන් තොර දිවියක් ගෙවන්නෝ ය.

හිතවතුනි, තම සිතට පවක් එන්නට නොදී තුන් දොරින් සංවරව දවසරින තැනැත්තෝ හිතේ කරදර නැතිව දිවා රෑ ගෙවන්නෝය. මෙලෝ පර ලෝ දෙකේ සැප ලබා ගන්නෝ ය.

(40) කුම්භූ®පමං කාය මිමං විදිත්වා
නගරූපමං චිත්තමිදං ඨපෙත්වා
යෝධෙථ මාරං පඤ්ඤාවුධෙන
තංච රක්ඛෙ අනිවෙසනොසියා

මේ සිරුර බි‍ෙඳන මැටි - බඳුනකට සමානය. එහෙත් “හිත” රැකවරණ ඇතිව රැක ගත යුතුය. මරු සමඟ සටනේදී නුවණ යෙදවිය යුතුය. නැවත සංසාරයට ‍ෙනා ආ යුතු වන්නේය.

හිතවතුනි , නැසෙන සුළු -ලෝකයක වෙසෙන ඔබ නුවණැතිව, දිරිමත්ව , කල් ගෙවිය යුත්තේය. නැණැත්තෝ ජීවිතේ සැප වගා කර ගනිති. මෝඩයෝ ජීවිතේ දුක් වගා කර ගනිති.

මතු සම්බන්ධයි

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 07 වනදා ඉරිදා පූර්ව භාග 8.41 ට ලබයි. 8 වන දා සඳුදා පූර්ව භාග 9.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 07 වනදා ඉරිදාය.

 මීළඟ පෝය මාර්තු 15 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 07

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

Full Moonපසෙලාස්වක

මාර්තු 29

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]