UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ජාතික නාමල් උයන 20 වන සංවත්සරය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීමෙන් තායිලන්ත රජයෙන් පිරිනමන ලද ජිනරාජ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ පසුගියදා ශ්‍රී ලංකා තායිලන්ත තානාපති නිනකෝන් කනසුටා මහතා සහ ඩානා කනසුටා යුවළ විසින් ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් වෙත කොළඹ මල්පාරේ පිහිටි තානාපති නිල නිවසේදී පූජා කළ අයුරු. එම අවස්ථාවට තානාපතිතුමාගේ පෞද්ගලික ලේකම් කමෝන් මහතාද සහභාගි විය.

දකුණු කොරියාවේ යෝ රේ නිකාය ආරම්භකොට වසර 45 ක් සපිරීම නිමිත්තෙන් යෝ රේ නිකායේ මහනායක Suk In Wang මහ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් යෝරේ නිකාය හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ ඉදිකැරෙන ලෝක බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ කොරියාවේ බෞද්ධ සම්ප්‍රදායට අනුව ඉදිකෙරෙන විහාරය පිළිබඳව ගිවිසුම අත්සන් කිරීම යෝරේ නිකාය සමඟ අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන්, කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිතුමා වන අසිත පෙරේරා මහතා පසුගිය දා සිදු කළේය. පානදුර පිංවත්තේ සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙනේ කෘත්‍යාධිකාරී තලල්ලේ මෙත්තානන්ද නාහිමියෝද ඊට සහභාගි වූහ. එහිදී විශේෂ සමරු ඵලකයක් ඇල්පිටිය, අමුගොඩ, ජයසුමනාරාම පුරාණ මහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රපති අමුගොඩ සෝමානන්ද නාහිමියන් එම නිකායේ මහනායක සොක් ඉන් වොං නාහිමියන් වෙත එම විශේෂ උත්සව සභාවේදී පිළිගැන් වූ අවස්ථාව.

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 08 වන දා අඟහරුවාදා අපර භාග 06.40 ට ලබයි.
9 වනදා බදාදා අපර භාග 05.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 09 වනදා බදාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]