UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කරන්නාගොඩ අමරවංස හිමියෝ නායක පදවි ලබති

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව විසින්, වීදාගම පුරාණ මහා විහාරය, නාන්දූව සුධර්මාරාම පුරාණ විහාරය, බණ්ඩාරගම ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය යන විහාරත්‍රයාධිපති විශ්‍රාමික විදුහල්පති ශාස්ත්‍රපති කරන්නාගොඩ අමරවංස මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත අරුග්ගොඩ ඉන්ද්‍රසරාරාම මහා විහාර පාර්ශ්වයේ උපාධ්‍යාය පදවිය සහ ප්‍රධාන සංඝනායක පදවිය සම්මත කොට ඇත. ඒ පිළිබඳ අක්තපත්‍රය පිරි නැමීමේ උත්සවය දෙසැම්බර් 5 වනදා කෝට්ටේ රජමහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේදී රාජකීය පණ්ඩිත ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබිණි.

අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ උත්සවයක් දෙසැම්බර් මස 6 වැනි ඉරිදා පස්වරු 2.30 ට වීදාගම පුරාණ මහා විහාරස්ථානයේදී (වෙද පන්සලේදී ) පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 08 වන දා අඟහරුවාදා අපර භාග 06.40 ට ලබයි.
9 වනදා බදාදා අපර භාග 05.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 09 වනදා බදාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]