UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

20 වන සියවසේ දී ජපානයේ දැවයෙන් සාදන ලද විශාලම ගොඩනැගිල්ල ලෙස සැලකෙන කියතෝහි අගොන්ශු ප්‍රධාන විහාරස්ථාන ගොඩනැගිල්ල

ජපානයේ බොදු පුබුදුව වඩන අගොන්ශු වෙහෙර අසිරිය

ජපානය වර්තමාන ලෝකයේ තාක්ෂණය හා ආර්ථිකය අතින් අද්විතීය බලවත් රාජ්‍යයකි. ෆුජියාමා වැනි කඳු පන්තීන්ගෙන් සමලංකෘත වූ සකුරා, මලින් ගැවසී ගත් ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක් ලෙස ජපානය හඳුන්වා දිය හැකි ය.ඓතිහාසික වාර්තාවලට අනුව පෙනෙන්නේ ක්‍රි.ව. සයවන සියවස මැද භාගය පමණ වනවිට බුදු සමය නිල වශයෙන් ජපානයට පැමිණි බව යි. කොරියාවේ පයික්චේ රජ විසින් ජපානයට බුදුසමය හඳුන්වා දෙන ලදී. එතෙක් ඉතා සංකීර්ණ බහුදේව වාදයක් පදනම් කරගත් ආගමක් ජපානයේ පැවතිණි. එම ආගමේ පදනම වූයේ විශ්වය පුරා පැතිර පවත්නා ස්වභාව ධර්මයේ විවිධාකාර බලවේගයි. එහෙත් මෙය භය, සන්ත්‍රාසය ආදී චිත්තාවේගවලට පිළියමක් ලෙස ජපන් වැසියෝ භාවිතා නො කළ හ. සෞන්දර්යාත්මක රසවින්දනයක නිරතවීමට ඔවුන්ට තිබූ අසීමිත ඇල්ම මෙම ඇදහීම් තුළින් ප්‍රකට කෙරිණි.

ඉතිරිය»

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් මස 24 වනදා අඟහරුවාදා අපරභාග 01.55 ට ලබයි. 25 වන දා බදාදා අපරභාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා අඟහරුවාදාය.
 
මීළඟ පෝය දෙසැම්බර් 1 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]