UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

පානදුර පිංවත්ත ශ්‍රී කළ්‍යාණෝදයාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගල්වෙහෙර ධම්ම කිත්ති ස්වාමීන් වහන්සේ වෙත “ශ්‍රී සුගත ශාසන වංශාලංකාර” ගෞරව නාමය සහිත කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක ධූරය පිළබඳ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම පසුගියදා සිදු කැරිණි. කළුතර දිසාවේ නව ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලැබූ ගල්වෙහෙර ධම්ම කිත්ති ස්වාමීන් වහන්සේ වෙත අමරපුර මහා නිකායේ අඹගහපිටි පාර්ශ්වයේ මහානායක ශාස්ත්‍රාචාර්ය හීනටියන නන්දතිස්ස මහ නාහිමිපාණන් වහන්සේ ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කළහ. අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා විසින් විජිනි පත පිළිගැන්වූ අයුරු. සංචාරක අමාත්‍ය නන්දන ගුණතිලක මහතා ඡායාරූපයේ වෙයි. අක්ත පත්‍රය කියවීම අඹගහපිටි පාර්ශ්වයේ සම ලේඛකාධිකාරී මාදම්පාගම අස්සජි තිස්ස නාහිමියන් විසින් සිදු කළ අතර,සංචාරක අමාත්‍ය නන්දන ගුණතිලක මහතා ද එම දහම් හමුව ඇමතීය. ඡායාරූපය - කපිල ලක්ෂ්මන්

ගොතටුව පාරමිතා විහාරයේ කඨින චීවර පූජාව පසුගිය දා පැවැත්විණි. නුගේගොඩ ඇඹුල්දෙණිය මාදිවෙල ජයසිරි, නිශානි පනාගොඩ යුවලගේ නිවසේ සිට පෙරහරෙන් වඩමවාගෙන එන ලද කඨින චීවරය මහ සඝ රුවන වෙත පනාගොඩ යුවල විසින් පූජා කළ අවස්ථාව. පණ්ඩිත අරමධම්මතිලක නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නය විසිපස් නමක් පමණ එම අවස්ථාවට සහභාගී වූහ.

එකම පවුලක 15 හැවිරිදි හා 13 හැවිරිදි සොහොයුරන් දෙදෙනෙක් සිය දෙමාපිය ආශීර්වාද මධ්‍යයේ ඉකුත් දා සසුන් ගත වූහ. ඒ කුමරුවන් දෙදෙනා එකම මව්පිය දෙදෙනාගේ දරුවන් වීමද එහි විශේෂත්වයකි. යක්විල පරගම්මන ලාල් පියංකර පෙරේරා හා අජන්තා මල්කාන්ති දම්පතීන්ගේ එකම දරුවන් දෙදෙන වූ ෂෙහාන් අරවින්ද පෙරේරා(15) හා රොහාන් අසිත පෙරේරා(13) යන කුමරුවන් දෙදෙනා කුලියාපිටියේ දියතලමුල්ල ශ්‍රීපති පිරිවෙන් විහාරස්ථානයේ දී පිළිවෙළින් පරගම්මන හේමරතන හා පරගම්මන ගුණරතන යන නමින් සසුන් ගත වූහ. උන්වහන්සේලාගේ ආචාර්යයන් වහන්සේ ශ්‍රීපති විහාරාධිපති ශාස්ත්‍රපති අත්තන්ගනේ ශාසනරතන හිමියන් වූ අතර, ශාස්ත්‍රපති දීගල්ලේ සිරි සුමිත්ත හිමිපාණෝ උපාධ්‍යායන් වහන්සේ වූහ. පැවිදි දෙසොහොයුරෝද ආචාර්යවරයාණන් වූ අත්තන්ගනේ ශාසනරතන හිමියෝද දෙමව්පියෝද මෙහි වෙති.
ඡායාරූප හා සටහන – කුලියාපිටිය විශේෂ ඩබ්ලිව්. රණසිංහ

පුල්ලුමලේ ක්‍රියාන්විතයේ දී දිවි පිදූ විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්‍ෂක යද්දෙහි පියල් පුෂ්පකුමාර ද සිල්වා රණවිරුවාට පින් පිණිස එන්.ජී.ඊ.චන්ද්‍රාවතී ගුරු මෑණියන් විසින් පානදුර දිබ්බැද්දේ නාරම්පිටියේ ශ්‍රී අමරමුනි විහාරය අබියස ඉදිකළ තොරණ, සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා දානමය පින්කමක් පවත්වා පසුගිය දා සඟසතු කෙරිණ.

පැල්මඩුල්ල සන්නස්ගම කිරිවැල්දෙණිය පුරාණ විහාරයේ විහාරාධිපති පාතකඩ විමලරතන හිමියන්ගේ ඉල්ලීමකට අනුව ප්‍රදේශවාසී දානපති බී.වී. ජයවර්ධන මහතා හා එම මහත්මිය විසින් සිය පෞද්ගලික ධනයෙන් දහම් පාසල සඳහා ඉදි කළ අංග සම්පූර්ණ දෙමහල් ගොඩනැගිල්ල අස්ගිරි පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත මහ නාහිමියන් ගේ ප්‍රධානත්වයෙන් පසුගිය මස 23 වන දා විවෘත කෙරිණි.

 

ඉල් මස අව අටවක පෝය

ඉල් මස අව අටවක පෝය නොවැම්බර් 09 වනදා සඳුදා පූර්ව භාග 10.27 ට ලබයි. 10 වනදා අඟහරුවාදා පූර්ව භාග 8.30 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම නොවැම්බර් 9 වනදා සඳුදාය.
මීළඟ පෝය නොවැම්බර් 16 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]