UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

යක්කල සියනෑ නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි ඩබ්ලිව්. එන්. විජේරත්න මහතා දරුණු වකුගඩු රෝගයකට ගොදුරු වී මහනුවර මහරෝහලේ වකුගඩු අංශයේ ප්‍රතිකාර ලබමින් සිටින බව කියයි. ඒ මහතාගේ ජීවිතය බේරාගැනීමට “ඒ පොසිටිව්” වර්ගයේ හෝ “ඕ” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැව් වෛද්‍යවරු පවසති. මේ සඳහා පරිත්‍යාගශීලී අයෙකු වෙතොත් දුරකථන අංක 078 5211964 හෝ 077 6348115 දන්වන ලෙස ඉල්ලීමක් කැරේ. ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බවත්, පරිත්‍යාගශීලීන්ගේ සහාය විජේරත්න මහතාගේ ගම්පහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් අංක 1 – 0908011721- 8 ගිණුමට බැර කරන ලෙසත් ඉල්ලීමක් කැරේ.


නාත්තන්ඩිය මරද පාරේ, පදිංචි දෙදරු මවක වන ටී.එම්.ඩබ්ලිව්. එස්. දීපිකා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් “A,B පොසිටිව්” වර්ගයේ (සියලුම ලේ වර්ගවල) වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කරති. එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයට 077 – 7522760 දුරකථන අංකය අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටී.


මොරටුව, එගොඩ උයන, ශ්‍රමශක්ති මාවතේ අංක 62 “ඉන්ද්‍රෂාන්” නිවසේ පදිංචි සුජිත් කුමාර එදිරිසිංහ මහතා දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳින අතර ඒ මහතාට ප්‍රතිකාර කරන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වකුගඩු රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිගමනය වී ඇත්තේ ඉතා ඉක්මණින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි. එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති ස්වාමීන්වහන්සේ නමක් හෝ පරිත්‍යාගශීලියකු වේ නම් පහත සඳහන් ලිපිනයට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කැරේ. ලිපිනය – අංක 62 “ඉන්ද්‍රෂාන්”, ශ්‍රමශක්ති මාවත, එගොඩ උයන, මොරටුව වේ.


කලුබෝවිල, සුනන්දාරාම පාර, නො.13/1 පදිංචි 48 වියැති ලලංග කුලසිංහ නමැති අය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින්, ඒබී, පොසිටිව් වර්ගයේ ලේ ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. එම රෝගියාගේ ජීවිතය බේරාගැනීම සඳහා ඒබී පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙත්නම් ඉහත ලිපිනයට හෝ 011 -7913161 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස එම රෝගියා ඉල්ලීමක් කරයි.


නො.58 ඒ ගාමිණී පාර කොවින්න ආඬිඅම්බලම පදිංචි සරත් ජයරත්න හෘදයාබාධ රෝගයකින් පෙළෙන බව කියයි. ඊට අදාළ සැත්කම සඳහා විශාල මුදලක් වැය වන බැවින් සම්පත් බැංකුව මිනුවන්ගොඩ 106550017221 හෝ ලංකා බැංකුව මිනුවන්ගොඩ 9677674 ගිණුමට පරිත්‍යාගශීලින්ගේ සහාය අපේක්‍ෂා කරන බවද කියයි.


මහව මානින්ගමුවේ පදිංචි 49 වියැති එච්.ඒ.එම්. පුංචිබණ්ඩා මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන අතර, දැනට මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔහුගේ වෛද්‍යවරුන් පවසනුයේ හැකි ඉක්මනින් ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි. ඒ සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයකු හෝ හිමිනමක් වෙතොත් මෙම දුරකථන අංකයට 037 – 5783891 කතා කර දායක වන මෙන් ඉල්ලීමක් කරයි.


කැස්බෑව, බණ්ඩාරගම පාරේ අංක 65/16 දරන නිවසේ පදිංචි එගොඩවත්තගේ චමින්ද ප්‍රදීප් (31) තරුණ මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත්තේ මොහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මණින් බද්ධ කළ යුතු බවයි. ඒ සඳහා කරන සැත්කමට විශාල මුදලක් වැයවන බව ද කියයි. වෘත්තියෙන් ත්‍රීවීල් රථ රියදුරකු වන මොහුට විශාල මුදලක් සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තක් බවත් කියයි. එහෙයින් මෙම මුදල සොයා ගැනීමට ඔහු පරිත්‍යාගශීලීන්ගෙන් උපකාර බලාපොරොත්තු වෙයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති හිමිනමක් හෝ පරිත්‍යාගශීලී අයෙකු වෙතොත් පහත දුරකථන අංකයට දන්වන ලෙසත්, පරිත්‍යාග කැස්බෑව ලංකා බැංකුවේ ගිණුම් අංක 9684385 අකං දරන ගිණුමට එවන ලෙසත් ඔහු ඉල්ලීමක් කරයි. දුර.අං. 071 6828999/0773371717/0755687058 වේ.

ඉල් මස අව අටවක පෝය

ඉල් මස අව අටවක පෝය නොවැම්බර් 09 වනදා සඳුදා පූර්ව භාග 10.27 ට ලබයි. 10 වනදා අඟහරුවාදා පූර්ව භාග 8.30 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම නොවැම්බර් 9 වනදා සඳුදාය.
මීළඟ පෝය නොවැම්බර් 16 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]