| පොත්පත් විවේචනකඨිනානිශංස හෙවත්
			නොබිඳෙන පින
			 
			කර්තෘ :- කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි
			ප්‍රකාශනය :- ලේක්හවුස් බෞද්ධ සංගමය
			ධර්ම දානය පිණිසයි.
			 
			කඨිනානිශංසය පිළිබඳ ව ලියන ලද ග්‍රන්ථයකි. වස් විසීමට අනු දැනීම, වැසි 
			සළුව, කඨින වස්ත්‍ර පූජාව, වස් පවාරණය, යාවදත්ථ චීවර , වස් විසීමට 
			අගෝචර ස්ථාන ආදී වස් පින්කම බැඳුණු සියලු කරුණු මෙහි ඇතුළත් ය. මේ 
			කෘතිය පිළිබඳව කතු හිමියෝ පෙරවදනෙන් මෙසේ පවසති. “මෙම කඨිනානිශංස 
			ග්‍රන්ථයෙහි ගිහි පැවිදි අප දෙපක්‍ෂය විසින්ම දැනගත යුතු කරුණු 
			පැහැදිලි ව දක්වා ඇත. පින්කමක් කිරීමේදී කෙසේ පිළිපැදිය යුතු ද? යන්න 
			මේ පොතෙහි සඳහන් වන බැවින් සෑම භවතෙක් ම මේ පොත දෙතුන් වතාවක් කියවා 
			බලා පින නිසි පරිදි ලැබෙන අයුරින් ම කඨින පින්කම් සිදුකර ගැනීමට 
			උත්සාහවත් විය යුතු ය. අපේ භික්‍ෂූන් වහන්සේලාට ද මේ පොත ප්‍රයෝජනවත් 
			වන අයුරින් අවශ්‍ය විනය වාක්‍යයන් ද යොදා නිදසුන් කථාවක් ද ඉදිරිපත් 
			කොට මෙම කඨිනානිශංසය ලියා ඇති බව ද කරුණාවෙන් සැලකුව මැනවි”. 
			මෙහි පිටකවරය සරත් නන්දකුමාර විසින් අඳින ලද චිත්‍රයකින් අලංකාර වී ඇත. 
 
			  
			 
			පුරාතන ගද්‍ය සංග්‍රහය 
			 
			කර්තෘ :- වත්තේවැවේ ධම්මානන්ද හිමි ප්‍රකාශනය :- වන්නි ප්‍රකාශන
 ශ්‍රී ප්‍රඥාරාම බෞද්ධ පරිශ්‍රය
 අංක 289, එම්.ජයන්ති මාවත, අනුරාධපුරය
 
			මිල :- රු: 200 /- 
			 
			අපොස (උ/පෙළ) අභිනව විෂය නිර්දේශය අනුව සකස් කළ කෘතියකි. චූල 
			පත්මේන්ද්‍ර සිරිවර්ධන විසින් ලියන ලද ජාතක පොත, සද්ධර්ම රත්නාවලිය සහ 
			සද්ධර්මාලංකාරය නමැති විශේෂ හැඳින්වීම ඉතා ප්‍රයෝජනවත්ය. පුරාතන 
			සාහිත්‍ය අකුරු කරන ඔබට නමැති කතු හිමියන් ගේ සටහනෙහමෙ සේ දැක්වේ. 
			“ළදරුවකු සේ ගුරු ගෙදර සැපත් ඔබ එදා මෙදාතුර අකුරු කළේ විෂය ධාරාවන් 
			වර්ග කිරීමකින් තොරව එක පෙළට පොකුරට ගුරුමව්පියවරුන් පිරිවරාගෙන ය. 
			එහෙත් අපොස (සා/පෙළ) විභාගයට ඉදිරිපත්ව තම කුසලතා හා අභ්‍යාසය අනුව 
			ප්‍රතිඵලය මත පදනම්ව හෝ තම තම අභිරුචිය නැතහොත් වැඩිහිටි ගුරුවර 
			දෙමව්පිය ඈ විවිධ ආශි‍්‍රතයන්ගේ මග පෙන්වීමෙන් හෝ විද්‍යා/ගණිත/වාණිජ 
			/කලා ඈ විෂය ධාරාවන් ඔස්සේ ද්විතීයික අධ්‍යාපනයට අතපොත් තබන සුවහසක් 
			ජාතියේ දරු දැරියන් අතරින් කලා විෂය ධාරාව හැදෑරීමට යොමු වන ඔබ මහත් 
			පින්බරය. එමෙන්ම වාසනාවන්තය. ඒ මානව චින්තනය පෝෂණය කැරෙන එමෙන්ම තමා ද 
			අයත් මානව සන්හතියේ ගති ස්වභාව ප්‍රත්‍යක්ෂ කරගත හැකි වන්නේ ධර්ම 
			මාර්ගය ඔස්සේ නොවූයේ නම් සාහිත්‍ය මාර්ගය ඔස්සේ ම වන බැවින් ය”. |