UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කඨින පින්කම්

දකුණු කළුතර

දකුණු කළුතර, පරණ පාරේ සිරි අත්ථදස්සි මාවතේ සිරිනිවාසාරාම මහා විහාරයේ වාර්ෂික කඨින චීවර පූජා පින්කම මෙම 10 -11 දිනයන්හිදී සිදුකැරේ. 10 වැනිදා රාත්‍රි බෝධි පූජාව හා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද පැවැත්වේ. කඨින වස්ත්‍රය රැගත් පෙරහර 11 වැනිදා අලුයම කළුතර පරණ පාරේ සිංහ අනුර සිරිවර්ධන මහතාගේ හා එම මහත්මියගේ දායකත්වයෙන් සිදුකැරේ. එදින දාවල් විසිපස් නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමේ .


ගැටඹේ ශ්‍රී සුධර්මාරාමය

ගැටඹේ ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ කඨින මහා පුණෝත්සවය මෙම මස 10 -11 දෙදින පැවැත්වීමට විහාරස්ථ දායක සභාව සංවිධානය කර ඇත.

මෙම මස 10 වනදා රාත්‍රි 7 -8 දක්වා දහම් දෙසුමක්ද 11 වනදා මහා සංඝරත්නය උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවද පැවැත්වේ. එහි ප්‍රධාන සංවිධායක ලෙස දිනමිණ ගැටඹේ අලෙවි නියෝජිත ආයතනයේ ඒ.ඩී. විපුල සමරක්කොඩි මහතා කටයුතු කරයි.


බොරුපන

රත්මලාන, බොරුපන - ලක්සිරිපුර සිරි විවේකාරාමයේ කඨින පින්කම 10 වැනි දින පැවැත්විණි. 10 වනදා අලුයම 2.30 ට ගාලුපාරේ අඟුලාන මංසන්ධියෙන් කඨින පෙරහර ආරම්භ කෙරෙන අතර අලුයම 6.30 ට ශතාධික මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් කඨින චීවර පූජාව සිදුකෙරේ. එදින රාත්‍රි 7.00 ට නාකියාදෙණියේ පේමරතන හිමියෝ කඨිනානිශංස ධර්ම දේශනාව පවත්වති. පෝරතොට පේමරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පිළියන්දල හැඩිගල එච්. ආර්. සුමනසේන මහතාගේත් සඳමාලි පීරිස් මහත්මියගේත් ප්‍රමුඛ දායකත්වයෙන් ද, දායක සභාවේ මෙහෙයීමෙන් ද එම පින්කම් මාලාව සංවිධානය කර තිබිණි.


රන්පොකුණගම

නිට්ටඹුව රන්පොකුණගම බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පින්කම මෙම මස 10 - 11 දිනවලදී සිදු කැරේ. බෝලියද්දේ විමලානන්ද හිමියන්ගේ අනුශාසනා පිරිදි රන්පොකුණගම බෞද්ධ සංගමයේ හා විහාර කාර්ය සාධක සමිතිය එම පින්කම සංවිධානය කැරේ. 10 වනදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවද අලුයම 2 ට කාන්ති සමරතුංග මහත්මියගේ නිවසේ සිට කඨින පෙරහරද ඇරැඹේ. කඨින චීවර පුජාවෙන් පසු දවල් සපිරිකර සංඝගත දක්ෂිණාව පැවැත්වේ.


කන්ද විහාර සමස්ත ලංකා රණවිරු මධ්‍යස්ථානයේ කඨින පින්කම

නිට්ටඹූව පරණ වේයන්ගොඩ කන්ද විහාර සමස්ත ලංකා රණවිරු මධ්‍යස්ථානයේ කඨින මහා පූජෝත්සවය මෙම මස 10 හා 11 යන දෙදින තුළදී පැවැත්වේ. තෙල්ලඹුරේ සෝරත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මීරිගම ශ්‍රී.ලං.නි.ප. සංවිධායිකා බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම පින්කම සංවිධානය කැරේ.


කෝදුරුවාව යාය 33 ශ්‍රී ශෛල බිම්බාරාමය

පොළොන්නරුව ඇලහැර ව්‍යාපාරයේ කෝඳුරුවාව යාය 33 ශ්‍රී ශෛල බිම්බාරාමයේ කඨින චීවර පුණ්‍ය මහෝත්සවය ඔක්තෝබර් මස 10 – 11 යන දෙදින තුළ පැවැත්වේ. කෝදුරුවාවේ ධම්මීස්සර හිමියන්ගේ අනුශසනා පරිදි අභිනවයෙන් ඉදිකරන ලද සංඝාවාසයට ගෙවදීම 10 වන දින සිදුකර එදින රාත්‍රී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා පසු දින සපිරිකර සංඝගත දක්‍ෂිණාව පිරිනැමේ. කඨින චීවර පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය ඩබ්.ඒ.ලලිත් විජේසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ නාවල රාජගිරියේ කේ.එම්.ඩී.ජී.එස්. ජයතිලක මහතා ඇතුළු පවුලේ සියලුදෙනාගේ අනුග්‍රහයෙන් සිදු කැරේ.


කුඹල්ඔලුව

කුඹල්ඔලුව ශ්‍රී සුදර්ශනාරාමයේ කඨින පින්කම මෙම 16 -17 දිනවලදී සිදු කැරේ. ඒ අනුව 16 වනදා සවස බෝධි පූජාවද 17 වනදා අලුයම 2.30 ට ඉහළ කුඹල්ඔලුව ජනතා සුබසාධක හා අවමංගල්‍යාධාර සමිතියේ මූලිකත්වයෙන් කඨින පෙරහර ඇරැඹේ.

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 11 වනදා පූර්ව භාග 3.25 ට ලබයි. 12 වනදා සඳුදා පූර්ව භාග 1.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 11 වනදා ඉරිදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 11

New Moonඅමාවක

ඔක්තෝබර් 17

First Quarterපුර අටවක

ඔක්තෝබර් 25

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]