UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මොනවද මේ දහ දුක්?

දහ දුක් විඳලා හදාගත්ත පැල්පත ඊයේ රෑ මහ වැස්සට කඩාගෙන වැටුණා’. ‘දහදුක් විඳලා මං මේ රස්සාව හොයා ගත්තේ’. මෙවැනි කියමන් ගැමි සමාජය තුළින් නිතරම පාහේ අපට අසන්නට හැකි වෙයි. ගැමි වහරේ භාවිත වන්නා වූ ‘දහ දුක්’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ මොනවාදැයි පැහැදිලි කර ගැනීම මේ ලිපියේ අරමුණ යි.

දහදුක් පිළිබඳ සඳහනක්, ධම්මපදයේ දණ්ඩ වග්ගය ආශ්‍රයෙන් සොයාගත හැකි ය. ඒ අතර මුලින්ම පෙනෙන්නේ ‘වේදනං පරුසං’ යන වදන් ය. යමෙකුට විඳ දරාගෙන නොහැකි ලෙස ශරීරයේ සෑදෙන කැක්කුම් වේදනා මෙයින් විස්තර වෙයි. එහි දෙවනියට ‘ජානිං’ යන වදන දැකගත හැකිය. ඩහදිය මහන්සියෙන් උපයාගත් ධන ධාන්‍ය සම්පත් විනාශ වී යෑම, එහි තේරුමයි. එය තදබල මානසික පීඩා පමුණුවන්නකි. තුන්වනුව සඳහන් වන්නේ ‘සරීරස්ස ච භෙ දනං’ යන්න යි. ශරීරයේ අත් පා, ඉල ඇට, කොඳු ඇට, බිඳී යෑම හේතුවෙන් අංග විකලබට පත්වීමට හේතු වෙයි. ‘ගරුකං ආබාධං’ ලෙස ඉන් අනතුරුව දැක්වෙන්නේ ශරීරයේ කුමන හෝ ස්ථානයක හටගන්නා පිළිකා හෝ වකුගඩු ආබාධ පිළිබඳයි. නිරතුරුව දුක්පීඩා විඳීමට සිදුවීම මෙහි ඇති භයානක හා දුක්ඛිත තත්ත්වය යි.

‘චිත්තක්ඛෙ පංච පාහුණෙ’ පස්වන දුක යි. කිසියම් ගැටලුවකදී නිශ්චිත තීන්දුවකට එළඹිය නොහැකිව සිහිසුන්ව උමතු භාවයට පත්වීම මෙයින් අදහස් වෙයි. ‘රාජතොවා උපස්සග්ගං’ ලෙස සඳහන් වන්නේ රාජ්‍ය සේවයෙන් පහ කිරීම යි. එය විශාල චිත්ත පීඩා ඇතිකරවන දුකකි. මෙයට අමතරව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳීමට යටත්වීමත් බරපතල දුකක් ලෙස හඳුනාගත හැකි ය. වත්මන් සමාජය තුළ සිදුවන අල්ලස්, දූෂණ, මිනීමැරුම් වැනි අපරාධ සඳහා රජය මගින් මෙකී දඬුවම්, වරදකරුවන් බවට පමුණුවන අයුරු අපට දැකගත හැකි ය. එවැන්නක් සමස්ත සමාජය තුළින්ම ප්‍රතික්ෂේප වීම නිසා අදාල පුද්ගලයෝ බරපතල මානසික අසහනවලට ගොදුරු වෙති.

‘දාරුණං අබ්භක්ඛානං’ යනු සමාජය වෙතින් නොයෙකුත් අභූත චෝදනාවලට ලක්වීම යි. නිවැරැදි ජීවිතයක් ගෙවන අයකුට අභූ®ත චෝදනා එල්ලවීම විඳදරා ගත නොහැකි වේදනාවකි. ඉන් අනතුරුව සඳහන් වන්නේ ‘පරික්ඛයං ච ඤාතීනං’ නම් දුක යි. තමන්ගේ නෑදෑයින් අත්හැර දමා යෑම, මින් කියැවෙයි. නෑයකු මිතුරකු නොමැතිව හුදෙකලාව ජීවත්වීමට සිදුවීම, සදාකාලික චිත්ත පීඩාවකට ගොදුරුවීමකි.

තමන් සතු කෙත්වතු වර්ෂාවට, ජල ගැල්මට හෝ නියඟයකට හසුව විනාශ වී යැම ‘භොගානං පභංගුරං’ යන්නෙන් විස්තර වෙයි. ජීවත්වීම සඳහා අවශ්‍ය ආහාර පාන මේ නිසා නැති වී යයි. උසුලාගත නොහැකි දුකක් ලෙස මෙය කෙනකුට බලවත් තර්ජනයක් නොවන්නේ ද? මෙහි අවසන් දුක ලෙස විස්තර වන්නේ ‘අථවස්ස අගාරානි අග්ගිං ඩහති පාවකො’ යන්න යි. ඩහදිය මහන්සියෙන් උපයාගත් ධන, ධාන්‍ය, භෝග සම්පත් නොසිතූ ආකාරයකින් ගින්නට හසුව විනාශ වී යෑම, මෙහි අදහස යි.

මේ අයුරින් ඉහත විස්තර කළ දහ දුක් වලට මුහුණ පෑමට සිදු වුවහොත් මරණය වඩා යහපත් වන්නේ යැයි කියා වුවද කෙනකුට සිතිය හැකිය. ඒ නිසා යම් අධික සිත් වේදනාවක් ගෙන දෙන මොහොතකදී, මෙහි මුලින් සඳහන් කළ ආකාරයට දහ දුක් විඳිනවා යන කියමන භාවිතා කිරීමට මිනිසුන් පෙළඹී ඇති බව පෙනෙයි.

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 3 වනදා සෙනසුරාදා පූර්ව භාග 11.21 ට ලබයි.
04 වන දා ඉරිදා අපර භාග 11.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 3 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 03

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 11

New Moonඅමාවක

ඔක්තෝබර් 17

First Quarterපුර අටවක

ඔක්තෝබර් 25

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]