UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පොත් පුවත්

ප්‍රකාශනය – අරුණා කුමාරි මාලතී පෙරේරා, 31 ජයසිංහ පාර, කොළඹ 06,
දු.ක. 2852909,

කර්තෘ - බෝගොඩ ප්‍රේමරත්න

මානසික සුවතාව

බුදු දහම ඉගෙනුමේ හා බුදු දහම ඉගැන්වීමේ නිරත අය වෙනුවෙන් විශේෂයෙන් සකස් කරනු ලැබූ උපදේශාත්මක අත්පොතකි. පාඨමාලා ලෙස සකස් කළ පරිච්ඡේද විස්සකින් යුක්ත ය. පාඩම් අනූවක් මෙයට ඇතුළත්ව තිබේ.

බුදු දහම ඉගැන්වීමේ නිරත දහම් පාසල් ගුරුවරුන් අමතන කතුවරයා මෙහි මෙසේ සඳහන් කැර ඇත. “මේ ග්‍රන්ථය වෙසෙසින් ඔබ ගැනම සිතමින්, ඔබ වෙනුවෙන් ම ලියන ලද්දක් බව නැවතත් ප්‍රකාශ කරමි. ලෝකයෙන් ම උතුම් වූ ද, ඒ තරමටම අවබෝධය දුෂ්කර වූද විෂය වන බුද්ධ ධර්ම අනුන්ගේ දරුවන්ට කියාදීමේ වගකීම ඔබ විසින් භාරගෙන තිබීම අතිශය ප්‍රශංසනීය බව කියන අතරම ඒ වගකීම ඉසිලීමට අවශ්‍ය සුදුසුකම් ද ප්‍රමාද නොවී ලබා ගැනීමට වීරිය කරන ලෙස ද මතක් කර සිටිමි”
 


ප්‍රකාශනය – රජයේ මුද්‍රණාලයීය බෞද්ධ සංගමය

සංස්කරණය – එච්.එම්. ගුණතිලක

නිවන් මඟ

රජයේ මුද්‍රණාලයීය බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කැරෙන නිවන් මඟ සඟරාවේ හතළිස් වන කලාපය මෙයයි. බෞද්ධ ආචාර ධර්ම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙවර කලාපය වෙන් කැර තිබේ. මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමි, ආචාර්ය නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමි, කොස්වත්තේ අරියවිමල හිමි, ආචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමි, පැපිලියානේ සුමිත්ත හිමි, වෛද්‍ය නන්ද විජේරත්න, මහාචාර්ය ඇකිරියගල නන්ද හිමි, ආචාර්ය උණුවතුර බුබුලේ මහින්ද හිමි, මහාචාර්ය ඔලිවර් අබේනායක, ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි, වැල්ලම්පිටියේ සුමනධම්ම හිමි, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, අගලකඩ සිරි සුමන හිමි, වැලිමඩගම කුසලධම්ම හිමි, මැදගොඩ අභයතිස්ස හිමි, මහාචාර්ය ආරියපාල පෙරේරා, නයන තිලක් රත්නායක, අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි, පිටවල චන්දරතන හිමි, ආචාර්ය අලුත්වැව සෝරත හිමි, ආචාර්ය විලේගොඩ අරියදේව හිමි යන ගිහි පැවිදි උගතුන්ගේ ලිපි මෙහි ඇතුළත් ය. මෙහි පිටකවරයේ සිතුවම සරත්නන්ද කුමාරගෙනි.

 


ප්‍රකාශනය – මහා මෛත්‍රීය පුරාණ රාජ මහා විහාරය වීදාගම, බණ්ඩාරගම,

මිල – රු 350/-

සංස්කරණය – වල්ගම රතනසාර හිමි

චිත්‍ර, කවි හා සන්න සහිත ලෝවැඩ සඟරාව

වීදාගම මහා මෛත්‍රීය මා හිමියන් විසින් කෝට්ටේ යුගයේ දී රචනා කරන ලද ලෝවැඩ සඟරාව චිත්‍ර, කවි හා සන්න සහිතව පළකිරීමකි. මෙහි ඇතුළත් කවි 140 සඳහා සුනිල් වීරකුමාර නිර්මාණය කළ චිත්‍ර ඇතුළත් ය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ මේ ප්‍රයත්නය මෙසේ පසසති. “සිතුවම් කොට දක්වා ඇත්තේ පාඨකයා හිනැස්සෙන ආකාරයෙනි. කවියෙන් කියන අදහස සිතුවම් නිසා ඉක්මනින්ම ග්‍රහණය වනු ඇත. ඉඩ ලැබෙන සෑම විටකදීම විදාගම මහා තෙරණුවෝ පින් කිරීමෙහි හා දාන ශීල භාවනාදියෙහි අනුසස් පද්‍ය කීපයකින් විස්තර කරති. ඊට අදාළ සිතුවම් මඟින් කෙරෙන පැහැදිලි කිරීමෙන් පාඨකයා ඒ කෙරෙහි වඩාත් ආකර්ෂණීය වේ.”

 


ප්‍රකාශනය - සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානය අසූමහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය පූජනීය පෙදෙස, අනුරාධපුරය.

මිල – රු. 500/ -

සංස්කරණය – පස්ගම්මන ඤාණසාර හිමි, ශ්‍රාවස්තිපුර ශාන්තසිරි හිමි, කළුන්දගම ඤාණරතන හිමි

ශ්‍රද්ධාඤ්ජලි

ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක රජරට පාර්ශ්වයේ උපාධ්‍යාය අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමියන් වෙනුවෙන් පළ කළ උපහාර ග්‍රන්ථයකි. බෞද්ධ ධර්ම චක්‍රයෙහි විද්‍යාත්මක පසුබිම හා සත්‍ය දැකීම, බණ පොතින් පෙනෙන බුදුරුව, රාමායණය, එහි කර්තෘත්වය හා කාල නිර්ණය, බුදු දහමේ ත්‍රිලක්‍ෂණ සංකල්පය, පුද්ගල මානසික ගැටලු හා වික්ටර් ෆ්‍රෑන්කල්ගේ අධ්‍යාත්මික ප්‍රතිකාරය ආදී ලිපි රාශියක් මේ ශාස්ත්‍රීය සංග්‍රහයට ඇතුළත් කැර තිබේ.

 


ප්‍රකාශනය -සදීපා ප්‍රකාශන මන්දිරය

මිල – රු. 260/-

කර්තෘ - දිවියාගහ යසස්සි නා හිමි

බුදුරදුන් වදාළ දිවිමගට උපදෙස්

ධම්මපදය ඇසුරින් බුදුසරණ පත්‍රයට ලියන ලද ලිපි එකතුවකි. මෙහි ඇති වැදගත්කම පිළිබඳව පෙරවදනේ මෙසේ සඳහන් කැර ඇත. ‘දිනපතා මෙහි දැක්වෙන එක් එක් ගාථාවක් හා ඒ යටතේ දැක්වෙන උපදෙස් වැඩිහිටියන් විසින් කියවා අවබෝධ කොට ගැනීමටත්, ඒවා තම දරුවන්ට මැනවින් කියා දීමටත් උනන්දු වුවහොත් අද අනුක්‍රමයෙන් ඉතා පහත් බිහිසුණු තත්ත්වයට ඇද හැලෙමින් පවතින වර්තමාන සමාජය, ධර්මයෙන් ඔපවත් වූ සදාචාර ගතිවලින් පරිපූර්ණත්වයටපත් කර ගැනීමට හැකිවනවාට සැක නැත.’

 


ප්‍රකාශනය - ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමය

සංස්කරණය –ජී.ඒ. ලෙස්ලි ගාමිණී

ප්‍රවර්තන

ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමය ප්‍රකාශයට පත් කැරෙන ප්‍රවර්තන සඟරාවේ, දෙවන කලාපය මෙයයි. බෞද්ධ චෛත්‍ය සම්ප්‍රදාය හා යථාර්ථය, දේව විශ්වාස හා බෝධි වන්දනාව සදාචාර සමාජයක අසාමාන්‍ය සාධකය වන පංචශීලය, ඵලදායිතාව වර්ධනයට බෞද්ධ කළමනාකරණ සංකල්පය, බුදු සිරිත හා බැඳුණු සිංහල කවිය ආදී නිර්මාණ රාශියක් මෙවර කලාපයේ පළ කැර තිබේ.

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 3 වනදා සෙනසුරාදා පූර්ව භාග 11.21 ට ලබයි.
04 වන දා ඉරිදා අපර භාග 11.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 3 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 03

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 11

New Moonඅමාවක

ඔක්තෝබර් 17

First Quarterපුර අටවක

ඔක්තෝබර් 25

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]