UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පානදුර- හිරණ මාර්ගයේ කිලෝමීටර් දෙක හමාරක් පමණ යන විට රමණීය කඳුවැටියක් මත ඉදිකර ඇති මෙම සිද්ධස්ථානය බොදු සිත් පහන් කරන පියකරු පරිසරයක පිහිටා ඇති. ස්වභාවික සුන්දරත්වයට හා පරිසරයට කිසිදු හානියක් නොවන අයුරින් විහාරස්ථානයේ ගොඩනැගිලි ඉදිකර තිබේ.

චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකර ඇත්තේ කදුමුදුනේ ය. ඒ වෙත ගමන් කිරීමට අලංකාර පියගැටපෙලක් ඉදිකර ඇත. ඊට දකුණු පැත්තේ සීමා මාලකය ඇත. පහළ වම් පස ඉපැරණි බෝ සමිදුන් සුවසේ වැඩ වසයි. බෝධියට දකුණු පසින් සමාධි බුදු මැදුරක් මෑත කාලයේ සාදා නිම කොට ඇත.

බුදු මැදුරට දකුණු පසින් ඇත්තේ විහාර මන්දිරයයි. බෞද්ධ බිතු සිතුවමින් විහාර මන්දිරය අලංකාර වී ඇත.

බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් මහ රහතුන් වහන්සේගේ පිලිම සහ අට විසි බුද්ධ ප්‍රතිමා ද විහාර මන්දිරය තුළ වෙයි.

විහාර භූමියට ප්‍රවේශ වන විට අපට මුලින්ම දිස් වෙන්නේ පැරණි ධර්ම ශාලාවයි. මෙම ධර්ම ශාලාව අවුරුදු එකසිය පනහකටත් වඩා පැරණිය. එය ප්‍රතිසංස්කරණය කර ඇතත් මුල් සැලසුමට කිසිදු හානියක් නොවනසේ එය කර ඇත.

මෙහි දහම් පාසැලට දිගු ඉතිහාසයෙක් ඇත. ශ්‍රේෂ්ඨ පුරවැසියන් සඳහා සුවසෙත මධ්‍යස්ථානයක් සතියකට දින දෙකක් පවත්වා ගෙන යනු ලබයි.

මෙහිදි භාවනා පන්ති ධර්මදේශනා, චිත්ත විවේකය සඳහා අවශ්‍ය වැඩසටහන්ද ක්‍රියාත්මක වෙයි. සෑම පෝයකටම දාන ශීල භාවනා බුද්ධ පූජා බෝධි පූජා ඇතුළු විවිධ පිංකම් පවත්වති.


පැරැණි බෝ සමිඳුන්

සෑම වසරක් පාසා සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර උත්සවාකාරයෙන් පවත්වනු ලබන අතර දෙසැම්බර් මාසයේ දී මව්පිය උපහාර වැඩසටහනක් ද ඉතා උනන්දුවෙන් ක්‍රියාත්මක කරති. විශේෂයෙන්ම වෙසක් පොසොන් හා වස් පිංකම් ද ඉතා විචිත්‍රාකාරයෙන් පවත්වනු ලබයි.

මෙම පුණ්‍ය භූමිය තේක්කවත්ත ශ්‍රී සුනේත්‍රාරාම විහාරස්ථානයට පූජා කොට ඇත්තේ මෙයට පරම්පරා කිහිපයකට පෙර ප්‍රදේශයේ ජීවත් වූ දොන් දාවිත් ද අල්විස් වීරසේකර නම් ප්‍රභූවරයෙකු විසිනි. වර්තමානයේ විහාරස්ථානය මේසා දියුණුවක් ලබා ඇත්තේ ගල්ගොඩ ශ්‍රී මහා විහාරය හා ශ්‍රී සුනේත්‍රාරාම විහාරාධිපති පොතුපිටියේ ප්‍රඤ්ඤාසේකර හිමිපාණන් හා විහාරාධිකාරි ගරු පූජ්‍ය කඹුරුපිටියේ පියරතන හිමිපාණන් ගේ උදාර කැපවීම මතය.

මේ සඳහා සතරපේරුවේ දායක දායිකාවන් අවට ගම් වාසින් විහාරස්ථානයට අයත් සියලුම සමිතිවල සාමාජික සාමාජිකාවන් නොමසුරු දායකත්වයක් ලබාදෙන බව කිවයුතුව ඇත.


පැරැණි ධර්ම ශාලාව

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 11 වන දා සිකුරාදා අපරභාග 8.33 ට ලබයි.
12 වනදා සෙනසුරාදා අපරභාග 6.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 12 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 18 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

New Moonඅමාවක

සැප්තැම්බර් 18

First Quarterපුර අටවක

සැප්තැම්බර් 26

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 03

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]