UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බණ්ඩාරගම ගල්තුඩේ ගල්කන්දේ මහා විහාරය


චෛත්‍ය රාජයාණන් වහන්සේ

ඓතිහාසික මහත් වටිනාකමකින් යුක්ත වූ ගල්තුඩේ , ගල්කන්දේ මහා විහාරය මහනුවර රාජධානි යුගයේ ආරම්භ වූවක් සේ සැළකේ. “ශ්‍රී බුද්ධ වර්ෂ 2388 කුම්භ රවි 23 පසුභාග කිවිදින මෙම සීමා මාලකය පිහිටුවා ඇති බවට සාධක ඇත.


පැරණි විහාරය

ශාරීරික, පාරිභෝගික, උද්දේශික වශයෙන් වූ තුන් බෝ පිහිටුවීම හේතුවෙන් 1843 වර්ෂයේදී පමණ පෝය සීමාව බැඳිණි. මෙම විහාරස්ථානයේ ගුණවත් සුපේශල ශික්‍ෂාකාමී භික්‍ෂූන් වහන්සේලා පිරිසක් එහි වැඩ සිටි ස්ථානයක් ලෙස ද සංඝ කර්ම සඳහා උන්වහන්සේලා නිතර රැස්වෙන කේන්ද්‍රස්ථානයක් ලෙසද ප්‍රකට ය.

1843 වර්ෂය තෙක් ඈතට දිවෙන ඉතිහාසයක් මෙහි ඇතත් ඒ කාල සීමාවන් තුළ වැඩ විසූ මහා සංඝරත්නය පිළිබඳව තොරතුරු සොයා ගැනීමට අපහසු වුවත් ඉතිහාසයේ ප්‍රථම වරට කළුතර ඉන්ද්‍ර ගුප්ත හිමිගේ නම මෙහි සටහන්ව ඇත. 1917 ජූලි 17 වන දින උන්වහන්සේ අපවත් වූ බවට ද ශිලාලේඛන පෙන්වා දෙයි.

විහාරස්ථ සඝ පරපුර පින්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝ රාජ හිමියන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරෙන් ඇරඹී , වේහැල්ලේ ධම්ම දත්ත , වැව ඉන්ද්‍රසාර , බෝමළුවේ විසුද්ධ , මහ ඛෙත්තර හිමි, වාද්දුවේ ශ්‍රී ධම්මානන්ද , ගෝනදූවේ ශ්‍රී සෝනුත්තර කළුතර ඉන්ද්‍රගුප්ත යන හිමිවරුන් දක්වා ගමන් කරයි.


පැරැණි බෝ සමිඳුන්

කළුතර ඉන්ද්‍රගුප්ත , හිමියන් හට, පරණගම සෝමානන්ද , මස්විල නන්දාරාම, වෑවිට අමරමෝලි යන ගෝල හිමිවරු වූහ. අනතුරුව තවත් ගෝල භික්‍ෂූන් වහන්සේලා මෙහි ශාසනික සේවයේ නියැලී සිටි බැව් සරසවි සඳරැස් ලිත පෙන්වා දෙයි.


පිවිසුම් වාහල්කඩ

සෝමානන්ද හිමියන්ගේ ආධිපතිත්වයෙන් පසුව විහාරස්ථානය සහෝදර හිමිනමක් වූ මස්විල නන්දාරාම හිමියන් පත්වීමෙන් අනතුරුව උන්වහන්සේ දාන ශාලාවක් සහිතව විහාරස්ථානය විවිධාංග වලින් පරිපූර්ණ භාවයට පත් කිරීමට සමත් වූහ. අනතුරුව අධිපතිත්වයට පත්වූ වෑවිට පඤ්ඤාලෝක හිමියන්ද අනතුරුව ගෝනදුවේ ධම්මකිත්ති හිමියන් අධිපතිත්වයට පත්ව අද වන විට උන් වහන්සේ මෙම විහාරස්ථානය රයිගම් කෝරළයේ උසස් විහාරස්ථානයක් ලෙස දර්ශනීය භාවයට පත් කර ඇත.

ශ්‍රී ඉන්ද්‍රගුප්ත දහම් පාසලද උන්වහන්සේ ගේ මෙහෙයවීමෙන් ඇරඹිනි. මුන් වහන්සේ දැනට 80 වන වියේ පසුවෙති. විහාරාධිපති ධම්මකිත්ති හිමියන්ට සැමවිටම ශක්තිය ධෛර්ය ලබාදෙන මෙම විහාරස්ථානයේ විහාරාධිකාරි ලෙස කටයුතු කරන බණ්ඩාරගම සහ කළුතර ශාසනාරක්‍ෂක දිසා මණ්ඩලයේ ලේඛකාධිකාරි වීදාගම ශ්‍රී ඝනානන්ද පිරිවෙනේ පිරිවෙනාධිපති ගල්තුඩේ පඤ්ඤාකිත්ති හිමියන් බණ්ඩාරගම ප්‍රදේශයට පමණක් නොව මුළු මහත් දිවයිනේ හිම සම්බුද්ධ ශාසන චිරස්තිථිය උදෙසා කටයුතු කරන භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස කාගේත් නොමඳ ගෞරවාදරයට පත්වී සිටිති.


විහාරාධිපති ගෝනදූවේ ධම්ම කිත්ති හිමි


විහාරාධිකාරි ගල්තුඩේ පඤ්ඤාකිත්ති හිමි

මෙම විරාරස්ථානයේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ පිළිරූ තනා ඇති ආකාරය බලන විට එයද ඈත අතීතයට දිව යයි. ඝන්ටා කුළුණ 1922 දී ගොඩ නංවා ඇති අතර චෛත්‍ය රාජයාණන් 1975 වර්ෂයේ දී ඉදිකර ඇත.

අගනා විහාරාංග වලින් සමන්විත ගල්තුඩේ ගල්කන්දේ මහා විහාරය තුළින් දිස්වෙන දර්ශනීය බිතුසිතුවම් , ගොඩනැගිලි , ගල්කැටයම් සහ මහා බෝ සමිඳුන් වහන්සේ බුද්ධාලම්භන පී‍්‍රතියෙන් භුක්ති විඳීමට ඉඩ සලසයි.

ඓතිහාසික බෝසමිඳුන් වටා වටිනා රන්වැටක් ඉදිකිරීමේ මහඟු පුණ්‍යෙීත්සවය ලබන සැප්. 5 දින ප.ව. 5.00 ට තලගල මංගලාරාමාධිපති රයිගම් සල්පිටි හේවාගම් කෝරළත්‍ර ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති තලගල සුමනරතන හිමියන් ප්‍රමුඛ රාජ්‍ය මැති ඇමතිවරු නිලධාරින් හා දායක සභාවේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය අගෝස්තු 27 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 4.38 ට ලබයි. 28 වන දා සිකුරාදා පූර්ව භාග 06.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 27 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 4 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

New Moonඅමාවක

සැප්තැම්බර් 18

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]