UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිරිවෙන් මූලික ශ්‍රේණිය හඳුන්වා දීමේ සමාරම්භක උත්සවයෙන්...


නැදගමුවේ විජයමෛත්‍රී හිමියන් විසින් ගිහි පිරිස පන්සිල්හි පිහිටුවන ලද අවස්ථාව.

පිරිවෙන් මූලික ශ්‍රේණිය හඳුන්වාදීමේ සමාරම්භක උත්සවය ඉකුත් ජුලි 13 වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.


චාරිත්‍රානුකූල පොල්තෙල් පහන දල්වමින්...

අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ සංවිධායකත්වයෙන් හා ඉන්පැක්ට් ආයතනයේ අනුග්‍රහය ඇතිව කෘත්‍යාධිකාරී, පරිවේනාධිපති ස්වාමීන් වහන්සේලා සහ ධර්මාචාර්යවරුන් දැනුවත් කිරීම සඳහා එම සම්මේලනය පැවැත්විණි.

පිරිවෙන් අධ්‍යාපන උපදේශක නැදගමුවේ විජය මෛත්‍රී හිමියන් විසින් එහිදී රැස්ව සිටි ගිහි භවතුන් පන්සිල්හි පිහිටුවන ලදී.

කොළඹ දිස්ත්‍රික් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) ජනාධිපති ආගමික කටයුතු උපදේශක වටිනාපහ සෝමානන්ද හිමියන් විසින් පිළිගැනීමේ කථාව සිදු කරන ලදී.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) රාජකීය පණ්ඩිත වලස්වැවේ ඤාණරතන හිමියන් විසින් අරමුණු පැහැදිලි කරන ලදී.


වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන් වෙත කලුපහන පියරතන හිමියන් සහ ටිරල් ෆර්ඩිනන්ඩ්ස් හා ඉන්දික පෙරේරා යන මහත්වරුන් විසින් පිරිවෙන් මූලික ශ්‍රේණිය විෂය නිර්දේශය පිළිගන් වන ලදී.මේ,එහි අවස්ථාවකි.

ඉන්පැක්ට් ආයතනයේ අධ්‍යක්ෂවරුන් වන කලුපහන පියරතන හිමියන් සහ ටිරල් ෆර්ඩ්නන්ස් සහ ඉන්දික පෙරේරා විසින් පිරිවෙන් මුලික ශ්‍රේණිය විෂය නිර්දේශය කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති විද්‍යාලංකාර පරිවේනාධිපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් වෙත පිළිගන්වන ලදී. අනතුරුව වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් විසින් ප්‍රධාන දේශනය පැවැත්වීමෙන් පසු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) දෙල්තොට චන්ද්‍රනන්ද හිමියෝද සභාව ඇමතූහ.

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) දීවල මහින්ද හිමියන් විසින් ස්තුති කතාව පවත්වන ලදී

 

 


වටිනාපහ සෝමානන්ද හිමියන් පිළිගැනීමේ කථාව සිදු කරමින්


වලස්වැවේ ඤාණරතන හිමියන් අරමුණු පැහැදිලි කළ අයුරු.


දෙල්තොට චන්දානන්ද හිමියන් සභාව අමතමින්..


දීවල මහින්ද හිමියන්

ස්තුති කතාව කරමින්...

 

 

 

 

 


සහභාගි වූ භික්ෂූන් වහන්සේගෙන් කොටසක්

 

 

 

 

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය අගෝස්තු 27 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 4.38 ට ලබයි. 28 වන දා සිකුරාදා පූර්ව භාග 06.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 27 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 4 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

New Moonඅමාවක

සැප්තැම්බර් 18

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]