UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

බරණැස ඉසිපතනාරාමයේ මිගදාය සාරනාත්හි මූලගන්ධ කුටි විහාර පුස්තකාලය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු එම සද්ක්‍රියාවට සහාය දුන් තායිලන්තයේ බැංකොක් හි ධර්ම අධ්‍යයන සහ සහයෝගිතා පදනමේ සභාපති ආචාර්ය අචාන් සුචාන් මහත්මිය පොල්තෙල් පහනක් දල්වා විවෘත කළ අවස්ථාව. ඉන්දීය මහා බෝධි සමාගමේ මහලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත නා හිමි, සහකාර ලේකම් සහ මූලගන්ධකුටි විහාරාධිපති ආචාර්ය කහවත්තේ සිරි සුමේධ හිමි වරු සහ මූලගන්ධකුටි විහාර වාසී හිමිවරු ද, එම කාර්ය සංවිධානය කළ තායිලන්තයේ සංචාරක උපදේශක සුවත් මහතා ද ඡායාරූපයේ වෙති.
උපාලි රූපසිංහ

කතරගම කිරිවෙහෙරට හා රුහුණු මහා කතරගම දේවාලයට ඇසළ උත්සව සමය නිමිත්තෙන් කඳානේ සීමාසහිත ස්වදේශි කර්මාන්තායතනය අටවන වරටත් ජූලි මස 22 දින සිට අගෝස්තු මස 05 වන දින දක්වා ආලෝක පූජාව පවත්වයි. ස්වදේශී සමාගමේ සභාපතිනී සහ කළමනාකාර අධ්‍යක්ෂිකා අමරි විජේවර්ධන මහත්මිය ආලෝක පූජාව සඳහා ස්විචය ක්‍රියාත්මක කළ අවස්ථාව . එම අවස්ථාවට සහභාගි වූ (වමේ සිට ) කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, කිරිවෙහෙර, රජ මහා විහාරාධිපති ආචාර්ය අලුත් වැව සෝරත නා හිමි සහ ස්වදේශී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි නුවන් විමලාන, අලෙවි කළමනාකාර චමින්ද එස්.ජයසිංහ ආරච්චි මහත්වරු ද ඡායාරූපයේ වෙති.

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවර කටුම්බා හි ඕස්ට්‍රේලියා බෞද්ධ විහාරයේ වෙසක් පින්කම් මාලාව පසුගියදා පැවැත්විණි. විහාරාධිපති කුඩාගල කෝවිද හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත් වූ එම පින්කමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක්ද බෞද්ධාගම වැළඳගත් ඕස්ට්‍රේලියානු ජාතිකයන් පිරිසක් ද සහභාගි වූහ. එහි විශේෂාංගයක් වූයේ විහාරාධිපති හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ පුහුණුව ලැබූ ඕස්ට්‍රේලියානු පිරිසක් විසින් සිදු කරනු ලැබූ පිරිත් සජ්ක්‍ධායනාවයි. එම පිරිත් සජ්ඣායනයා කරමින් සිටි අයුරු.

 

නිකිණි පුර පසළොස්වක
පෝය


නිකිණි පුර පසළොස්වක
පෝය අගෝස්තු 5 වන දා බදාදා පූර්ව භාග 4 ට ලබයි. 6 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 6.26 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම
අගෝස්තු 5 වන දා බදාදාය

මීළඟ පෝය අගෝස්තු
13 වන දා බ්‍රහස්පතින්දා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]